Skip to main content

මේක මට ලැබුණු පළමු සම්මානය

"උතුම් පැතුම්" ටෙලිනාට්‍යය තුළින් බොහෝ රසික සිත් සතන් උන්මාදයට පත්කළ "උත්පලා" චරිතයට පණපොවන ඉෂාරා සඳමිණිට පසුගියදා "වසරේ ජනතාවගේ නිළිය" ලෙස සම්මානයට පාත්‍රවිය. ඇය ඒ පිළිබඳව හඬ අවධි කළේ මෙලෙසිනි.
"ඇත්තටම කියන්න තියෙන්නෙ ගොඩාක් සතුටුයි. රංගන ජීවිතය තුළ මට ලැබුණු පළමුවැනි සම්මානය. ඒදේ ජනතාව ලබාදුන් සම්මානයක්. විශේෂයෙන් කියන්න ඕනේ මේක ඇත්තටම බලාපොරොත්තුවෙන් නෙමේ ගියේ. ගොඩාක් වෙලාවට ජනතාවගේ රංගන ශිල්පිනිය ලෙස සම්මාන දෙන්නේ, ගොඩාක් අවස්ථාවලදී SMS හෝ Postcard දාලයි. නමුත් මේ සම්මාන උලෙළේ තිබෙන විශේෂ දේ තමයි ඒ අය ඒ ඒ පළාත්වලට ගිහින් ජනතාවගේ කැමති නළුවා නිළිය අහලා සමීක්ෂණයක් කරලා තමයි මේ සම්මානය දෙනු ලැබුවේ. මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මම යම් දෙයක් කළා කියන සතුට මට මුලින්ම දැනුණ වෙලාව තමයි මේ සම්මානය ලැබුණු මොහොත. මොකද මේදේ ගොඩක් සාධාරණව ලැබුණු දෙයක් කියලා තමයි මට හිතෙන්නෙ. අපි කොයි දේ කළත් අපට මුදලක් ලැබෙනවා තමයි. නමුත් වෙන රස්සාවක් කරනවාට වඩා අපට අපිවම රූපවාහිනිය තුළින් නැවත දකින්න හම්බවෙනවා. ඒදේ බලලා මිනිසුන් පිළිගත්තොත් තමයි නිර්මාණය සාර්ථක වෙන්නේ. ඒ වගේම ඒ අය පිළිගත්ත නිසා තමයි මට මේ සම්මානය ලැබුණේ."

ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප අනුග්‍රහය - ඉෂාරාගේ ෆේස්බුක් ගිණුම


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot