Skip to main content

ලංකාවේ ගොසිප් සයිට් නම් කියලා වැඩක් නෑ - මධූෂා හේරත්

පෙම් සිහිනේ මධූෂා රිතික් රෝෂන් එක්ක රඟපාන්න කැමතියිලු. 
පසුගිය දිනවල පෙම් සිහිනේ ගීත වීඩියෝවෙන් රටම හඳුනාගත් මධූෂා හේරත් මේ වෙද්දි නිරූපන ක්ෂේත්‍රයේ සෑහෙන ජනප්‍රියත්වයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට ටෙලිනාට්‍ය හරහා මෙන්ම වෙළඳ දැන්වීම් හරහාත් රූපවාහිනියේ නිතර දෙවෙලේ දකින්න ලැබෙන මධූෂාගේ අලුත්ම විස්තර දැනගන්න රටේ ගොසිප් අපි මධූෂාට කතා කළා.  
 
මධූෂා මෝස්තර නිරූපණයට මුලින්ම ආවෙ කොහොමද..? 
වෙළඳ දැන්වීම් හරහා තමයි මුලින්ම ආවේ. පස්සෙ පෙම් සිහිනේ වීඩියෝ එකෙන් ගොඩක්ම හිට් වුණා.
ජනප්‍රිය මොඩ්ල් කෙනෙක් වෙන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳලම තිබ්බ හීනයක්ද..? 
මම පොඩි කාලේ ආසවෙලා හිටියෙ එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න.. ඒත් ඒ හීනේ හැබෑ කරගන්න බැරිවුණා.
කසාදෙන් පස්සෙ මොඩ්ලින් කරන එකට හස්බන්ඩ් බලපෑම් කරන්නෙ නැද්ද..? 
එයාගෙන් කිසිම අකමැත්තක් නැහැ. හැබැයි හැම දෙයක්ම කරන්න දෙන්නෙත් නැහැ. එයාගෙන් අහලා තමයි හැම දෙයක්ම කරන්නෙ. ලොකු හෙල්ප් එකක් දෙනවා එයා මට.  
මෝස්තර නිරූපණය කරන්නෙ විනෝදාංශයක් විදිහටද..? රැකියාව විදිහටද..? 
විනෝදාංශයක් විදිහට තමයි කරන්නෙ.
බොලිවුඩ් ගිහින් රඟපාන්න ලැබුණොත් ඔයා කැමතිම නළුවා කවුද රඟපාන්න..? 
මං කැමතියි රිතික් රෝෂන් එක්ක රඟපාන්න.
ධනුක, කාවිංග, හර්ෂන බෙත්තමගේ අතරින් කවුද වැඩියෙන්ම කඩවසම් නළුවා..? 
තුන් දෙනාම මගේ යාළුවො..  ධනුක කඩවසම්.. 
මේ වෙද්දි මියුසික් වීඩියෝ.. වෙළඳ දැන්වීම් කීයකට විතර ඉඳලා තියෙනවද..? 
මියුසික් වීඩියෝ නම් 30 ක් විතර. වෙළඳ දැන්වීම් 15 ක් වගේ.
ෆිල්ම් වලට ආරාධනා ඇවිල්ලා නැද්ද තාම..? 
ෆිල්ම් වලට ආරාධනා ඇවිල්ලා තියෙනවා. හැබැයි මම කරන්නෙ නැහැ.
ගොඩක් අලුතෙන් එන අය කියනවා මේ ක්ෂේත්‍රයේ ඉහළට යන්න ඕනේ නම් ලිංගික අල්ලස් දෙන්න වෙනවා කියලා.. ඒක ඇත්තක්ද..? 
ඒක ඉතිං තමන් ඉන්න විදිහට තමයි ඒක වෙන්නෙ. මට නම් කවුරුවත් එහෙම කතා කරලා නැහැ.
දැන් ඉන්න ගොඩක් Models ලා Actress ලා Facebook එකෙන් ජනප්‍රිය වෙන අය.. මධුෂාත් එහෙම කෙනෙක්ද..? 
මං ෆේස්බුක් එකෙන් ජනප්‍රිය වෙලා නැහැ. මම ජනප්‍රිය වුණේ මං කරපු දේවල්වලින්.
ලංකාවේ ගොසිප් සයිට් ගැන මොකද හිතෙන්නෙ..? 
ලංකාවේ ගොසිප් සයිට් නම් කියලා වැඩක් නෑ.. හොඳ නිවුස් ලැබෙනවා. ඇත්තටම ඒ ගැන මට කියන්න දෙයක් නෑ.
කසාද බඳින්න කලින් විරාත් කෝලි, එන්රිකේ, නාමල් රාජපක්ෂ තුන් දෙනාගෙන් ප්‍රේම ආරාධනා ආවා නම් කාටද කැමති වෙන්නෙ..? 
මං රිතික් රෝෂන්ට කැමති වෙනවා.. ඒත් දැන් නම් මම කසාද බැඳලානේ.
අපේ රටේ ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ කවුරු කියලද මධූෂා හිතන්නෙ..? 
පොලිටිකල් පැත්ත ගැන එච්චරම දන්න කෙනෙක් නෙමෙයි.. ඒකට මට උත්තරයක් දෙන්න අමාරුයි. 
 

දැන් කසාද බැඳලා කොච්චර කල්ද..? කොහොමද පවුල් ජීවිතේ..? 
මගේ හස්බන්ඩ් සජිත හේරත්..  අපි කසාද බැඳලා දැන් අවුරුද්දක් වෙනවා.. හරිම සතුටින් අපි ජීවත් වෙනවා.

















Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot