Skip to main content

හාමුදුරුනමක් රවටා කාන්තාවක් එක්ක ෆොටෝ අරන් කප්පම් ඉල්ලූ නරුමයන්

පසුගියදා තරුණ හිමිනමක් නිවසක සිරකර දමා පසුව පහරදී, උන්වහන්සේ සිටි කාමරයට කාන්තාවක් දමා ඡායාරූප ගෙන ඒවා ප්‍රසිද්ධ කරන බව පවසා තර්ජනය කර ලක්ෂ 5ක මුදලක් කප්පම් ලෙස ලබාගන්නට උත්සාහ කළ පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

මිහින්තලේ ප්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීමට මුහුණ දී ඇති හිමිනම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබෙනවා.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ වූ කාන්තාවක් ඇතුලු තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම මෙම කප්පම්කරුවන් හිමිනමගෙන් රුපියල් 130,000ක පමණ මුදලක් මීට පෙර ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. 
එලෙස ලබාගත් මුදල් මොවුන් පසුව බැංකු ගිණුම්වලටද බැරකර තිබෙනවා. දානමය පින්කමකට මෙම හිමිනම වැඩම කළ අවස්ථාවේ සැකකාර කප්පම්කරු විසින් හිමිනමගේ දුරකථන අංකය සහිත කොළ කැබැල්ලක් පෙර කී කාන්තාවට ලබා දී ඒ මාර්ගයෙන් හිමිනමට ඇමතුම් ලබා දී උදව් උපකාර ඉල්ලා තිබෙනවා. 
එහිදී ඇය පවසා ඇත්තේ තමන් ඉතා අසරණව කාලය ගත කරන බවත් වියපත් වූ මව හා පියා රැකබලාගන්නට මුදල් අවශ්‍ය බවත්ය. ඇයගේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි නිසා මෙම අසරණ පවුලට උදව් කරන අරමුණින් හිමිනම කාන්තාව කී නිවසට වැඩමකර තිබෙනවා.
උන්වහන්සේ මෙලෙස වැඩමකර ඇත්තේ යතුරපැදියකින් වන අතර ඒත් සමඟ පැමිණි අනෙක් පුද්ගලයාවද නිවසේ සිරකරගන්නට කප්පම්කරු කටයුතු කර තිබෙනවා. පසුව බලෙන්ම කාන්තාව හිමිනම සමඟ සිටින අයුරු දැක්වෙන ඡායරූප හා වීඩියෝ ලබාගත් මෙම පිරිසඒවා ප්‍රසිද්ධ නොකරන්නට නම් මුදල් අවශ්‍ය බව පවසා තිබෙනවා. 

ඒ අනුව හිමිනම තමන් දන්නා හඳුනන කිහිපදෙනෙකුගෙන් මුදල් ඉල්ලාගෙන ඔවුන්ට ලබා දී පසුව පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙන අතර ඒ අනුව මේ වන විට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot