Skip to main content

මරණයේ නිම්නයේ ඇවිදින ගල්වල අභිරහස හෙළි වූ අයුරු (Video)




විද්‍යාව අතින් කෙතරම් දියුණු වුවද, නූතන තාක්ෂණයේ බල මහිමය හමුවේද තවමත් අබිරහසක් ලෙස පවතින ස්වභාව ධර්මයේ විශ්මිත නිමැවුම් හා ක්‍රියාකාරකම් බොහෝය. අපරිමිත වූ මෙම විශ්මිත අබිරහස් ලැයිස්තුවේ පෙරමුණේ පසු වූ එක් අංගයක් ලෙස සලකන ලද්දේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ “ඩෙත්වැලි” (මරණයේ නිම්නය) ලෙස හැඳින්වෙන සිඳී ගිය ජලාශයක් මත නිරන්තරයෙන් දැකිය 
හැකි වූ ඇවිදින පර්වතය. රාත්තල් හත්සියයද ඉක්මවූ දැවැන්ත බරකින් යුතු ඇතැම් පර්වතයන් මෙලෙස මෙම වියළී ගිය කාෂ්ඨක භූමිය ඔස්සේ කිසිදු බාහිර බලවේගයක බලපෑමකින් තොරව ඇදී යන ලද්දේ ඇතැම් විටක අඩි හයසියයක් පමණ දිගු වූ මංතීරුවක් ද වියළි ‍පොළව මත පැහැදිලිව සටහන් කරමිනි. මතෛක් කලක්, ශතවර්ෂයකට ආසන්න කාලයක් විද්‍යාඥයන් පෙලූ කුතුහලය නිමාවට පත් කරමින් ඇවිදින ගල් පිටුපස සැඟවුණු විජ්ජාව හෙළි කර ගැනීමට පසුගිය දිනකදී නාසා ආයතනයේ භූ විද්‍යාඥයකු වන මහාචාර්ය රැල්ෆ් ලෝරන්ස් සමත් විය. ඒ සිය මුළුතැන්ගෙය තුළදී සිදු කරන ලද සරල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසය.


ස්මිත් සෝනියන් සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී සිය සොයා ගැනීම පිළිබඳ පැහැදිලි කරමින් මහාචාර්ය ලෝරන්ස් කියා සිටින ලද්දේ ශීත සෘතුවේදී පාෂාණයේ බාහිරින් එය ආවරණය කරමින් බැඳෙන අයිස් තට්ටුව, විල සිඳී ගොස්, මඩ සහිත තත්ත්වයට පත් වූ කල, පාෂාණය මඩ තට්ටුව මත පහසුවෙන් ලිස්සා යාමට ස්නේහකයක් ලෙස ක්‍රියා කරන බවය. කාන්තාරය හරහා හමා යන දැඩි සුළ¼ගද මීට සැලකිය යුතු පිටුබලයක් ලබා දෙන බවද කිව යුතුය. අයිස් තට්ටුවක් පාෂාණය වටා බැඳීමත් සමග එහි ජල මට්ටමේ සිදුවන සැලකිය යුතු වෙනස, මෙම අත්භූත සංසිද්ධියට හේතුව බව මහාචාර්ය ලෝරන්ස්ගේ අදහසයි. කිසිදු බාහිර බලයක බලපෑමකින් තොරව වැල්‍ලේ ඇදී යන බව පැවසුණද මතෛක් කිසිවෙකු විසින් හෝ මෙම දැවැන්ත පර්වත ගමනේ යෙදී සිටිනු සපීවීව දැක නොමැති වීමද  විශේෂත්වයකි. කුඩා ගලක් සුළු පෘෂ්ඨීය වර්ගඵලයක් පමණක් පිටතට නෙරා සිටින සේ එය ජලයේ බහා මිදීමට ලක් කළ මහාචාර්ය ලෝරන්ස්, එය වැලි අතුරන ලද ජල තටාකයක බහාලන ලද්දේ, යටිකුරුව පිහිටන සේය. පාෂාණය වටා වූ අයිස් තට්ටුව හේතුවෙන් මඳ සුළං පහරකින් වුවද පාෂාණයට ජලය මත පාවී යාමට හැකි බව ඔහු එහිදී නිරීක්ෂණය කළේය. එලෙස පාෂාණය චලනය වන ලද්දේ එය වැලි පත්ල හා සමග ස්පර්ශ වෙමින් පවතිද්දීමය. මහාචාර්ය ලෝරන්ස්ගේ න්‍යාය අනුව නිවැරදි තත්ත්ව යටතේ, මඳ සුළඟින් වුවද මෙලෙස දැවැන්ත 7-3පර්වතයක් ගසා ගෙන යාමට හැකියාව ලබෙනුයේ අයිස් තට්ටුව මගින් ඝර්ෂණය අවම කරන නිසාය. මෙම නවතම න්‍යාය ඉදිරිපත් වීමට පෙර මෙම අහඹු සංසිද්ධිය සම්බන්ධයෙන් දක්වන ලද ‍පොදු උපකල්පනය වූයේ දැවැන්ත අයිස් තට්ටු මගින් පර්වත කීපයක් එකට කැටිකොට, කාන්තාරය හරහා එය ගමන් කරවීමට ‍පොළඹවන බවයි. නමුත් මෙබන්දක් සිදුවීම සඳහා පැයට සැතපුම් සිය ගණනක වේගයකින් යුතු සුළඟක් අවශ්‍ය බව ගණිතමය ආකෘති ආධාරයෙන් දැන් සනාථ වී තිබේ. කාලයක් පුරා කුතුහලයෙන් මඩිනු ලැබූ තවත් එක් අත්භූත සංසිද්ධියක් ලෙස ගුප්ත විද්‍යාවන් ප්‍රියකරන්නන් අතර ප්‍රකටව පැවැති ‘රේස්ට්‍රැක් ප්ලෙයා’ නොහොත් මරණීය තැනිතලාවේ ඇවිදින ගල් සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් වුවද, ස්වභාවයෙන්ම ගුප්ත දෑවලට ප්‍රිය කරන්නන්, සංචාරකයන් තවමත් එය සම්බන්ධයෙන් දරන මිථ්‍යා ආකල්ප වෙනස් කොට නොමැති බව උද්‍යාන පාලකයන්ගේ අදහසයි. චුම්බක බලය, ගුප්ත බල ක්‍ෂේත්‍ර පමණක් නොව පිටසක්වල ජීවීන්ද ඈඳා ගනිමින් අර්ථකථන ඉදිරිපත් කිරීමට නොපසුබට වන ඇතැමුන් මෙම ගල් ඒවා සතු ගුප්ත බලයක් ඇතැයි යන විශ්වාසයෙන් සොරකම් කොටගෙන යාමට පවා පෙළඹී ඇති අතර ඉදිරියටද එම තත්ත්වයේ වෙනසක් සිදු නොවනු ඇති බව වැඩි දෙනෙකුගේ පිළිගැනීමයි.

ප්‍රියන්ති රුද්‍රිගු






Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot