Skip to main content

ගින්දරෙන් දාන්න පුළුවන් වැඩකෑලි 10ක්

ගින්දර භාවිතයත් සමග මිනිසාගේ ජීවන රටාවලට විශාල බලපෑමක් ඇති වූ බවත් පරිනාම ක්‍රියාවලියේ වැදගත් සංදිස්ථානයක් ලෙස ද සලකන්න පුළුවන්. ගින්දර සොයාගෙන වසර දහස් ගානක් වුනත් ගින්දර වලින් වැඩ කිඩ දාන්න අපිට තියන ආසාවයි උනන්දුවයි නම් ලේසියෙන් යන්නේ නෑ.
ඕගොල්ලෝ මේ බලන්න යන වීඩියෝවෙන් ගින්දර වලින් දාපු එක එක විදියේ වැඩ 10ක් බලාගන්න පුළුවන්. සමහර දේවල් නම් එච්චර සිරා න කියල හිතෙන්නත් පුළුවන්. ඕගොල්ලෝ දැකල තියන දන්නා කියන දේවලුත් මේකේ තියෙන්න පුඋවන්. ඒ වුනත් අමුතුම විදියේ සිරා වැඩ ටිකකුත් මේකේ තියනවා. එක හින්ද මේක බලලම හිටියනම් හොඳයි. මේකේ පෙන්නන ගොඩක් දේවල් ඕගොල්ලොන්ට ගෙදරදී ම අත් හදා බලන්නත් පුළුවන්. ඒත් මේ ලිපිය කියවන ඔබ කුඩා දරුවෙක් නම් වැඩිහිටියෙක්ගේ උදව් අනිවාර්යයෙන්ම ලබාගන්න කියල අපි ඉතාමත් ඕනෑකමින් මතක් කරනවා. මේ දේවල් කරද්දී ප්‍රවේසම් වෙන්නත් ඕනේ. මොකද ගින්දර එක්ක සෙල්ලම් නෑ කියල කවුරුත් දන්නවා නේ.
1. ගමන් කරන ගිනි දැල්ල
2. මෙන්න වතුර ඉහල නගිනවා.
3. චෝක් කූරෙන් ඉටිපන්දමක්
4. පිංපොන් බෝලෙකට ගිනිතිබ්බම මෙහෙමයි.
5. ඉටිපන්දම් see-saw එකක්
6. බෝතලයක් ඇතුලේ ගින්නක්
7. ගීත ගයන බටයක්
8. කළු නයෙක්
9. ගිනි සුළි සුළඟක්
10. ස්ටීල් වූල් ගිනිගන්නවා
මේ සඳහා ඕගොල්ලොන්ට වතුර, ඉටි පන්දම්, විවිධ ප්‍රමාණයේ විදුරු භාජන කිහිපයක්, පිං පොං බෝලයක්, යකඩ බටයක්, දැලක්, සිහින් steel wool වගේ දේවල් ඕන වෙයි. වීඩියෝ පටය නරඹන කොට අවශ්‍ය දේවල් යොදාගන්නේ කොහොමද කියල පැහැදිලි වෙයි.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot