Skip to main content

මහවැස්සේ අතුරුගිරියේ මහපාරක කනප්පුවක් ඇවිද්දලා හොරෙක් හොයන්න ට්‍රයි කරපු හැටි - වීඩියෝ

අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ බස් රථ ගාලක නවතා තිබූ බස් රථයකින් එහි සවිකර  තිබූ DVD යන්ත්‍රයක් ඇතුලූ උපකරණ තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන්  කනප්පුවක් කරකවා සොරා සොයා ගැනීමට කල උත්සහයක් නිසාවෙන් ඊයේ (30) සවස 3 සිට රාත්‍රී 9.30 පමණ දක්වා කාළයේදී අතුරුගිරිය නගරය හා ඒ ආසන්න ප්‍රදේශ දැඩි කළබලකාරී තත්වයකට පත් වී තිබුණා.
DVD යන්ත්‍රය සොයා ගැනීම සදහා මෙම ව්‍යාපාරිකයා විසින් කපු මහතෙකු කැඳවාගෙන විත්  සවස තුනට පමණ පෝරේ ප්‍රදේශයේ පිහිටි බස් රථ ගාලෙන් කනප්පුව  කැරකවීම ආරම්භ කර ඇති අතර පසුව අධික වැසි මධ්‍යයේ පවා කනප්පුව ඇවිදීම  සිදුවූ අතර මෙලෙස ප්‍රදේශය පුරාම ඇවිදිමින් රැගෙන ගොස් රාත්‍රී 7ට පමණ අතුරුගිරි නගරයට ලගා වූ අතර එය රාත්‍රී 9.30 පමණ වනතුරු  නගරයෙහි ඒ මේ අත මාරුවෙමින් නගරය පුරාම සැරිසැරීම නිසාවෙන් දැඩි රථ වාහන  තදබදයක් ද ඇති වුණා.

එම අවස්ථාවේදී කනප්පුව කැරකූ පුද්ගලයින් වෙත පැමිණි අතුරුගිරිය පොලිසියේ රථ  වාහන අංශයේ නිළධාරීන් විසින් මහජන පීඩාවක් සිදුවන බව පවසමින් ඒ පිලිබදව  නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කල යුතු බව පැවසීමත් සමග යම් උණුසුම් තත්වයක් ඇති වූ අතර පසුව පොලිස් නිළධාරීන් විසින් කනප්පුව කැරක වූ පුද්ගලයින්ගේ නම් සටහන් කර ගනිමින් එම ස්ථානයෙන් ඉවත් වූයේ පසුව අධිකරණය මගින් නීතිමය කටයුතු සිදු කරන බව පවසමින්.
පසුව යළිත් රාත්‍රී නවයට පමණ කනප්පුව කරකවීම ආරම්භ කල අතර රාත්‍රී 9.30 පමණ එක්වරම කනප්පුව රැගෙන යනු දක්නට ලැබුණා. අප ඒ පිලිබඳව සිදු කල  විමසීමේදී කනප්පුව ඇවිද්දවීමේ නිරත වූ පුද්ගලයෙකු පැවසූවේ DVD සොරකමට සම්බන්ධ පුද්ගලයා බවට සැකකරන අයෙකු ඒ ආසන්නයේ සිටි බැවින් එය නතර කිරීමට පියවර ගත් බවත් කනප්පුව ඇවිද්දීම සාර්ථක යැයි තමා විශ්වාස කරන බවයි.

එහි වීඩියෝව පහතින්.....

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot