Skip to main content

රටම කතාවුණු මහිංයගනේ පුංචි පැටවුන්ගේ හීනේ සැබෑ කරමින් ගමෙන් කොළඹ අහස දකින්නට හිරු ගොසිප් අපිත් එක්ක ඔවුන් ආ ගමන - වීඩියෝ

‘‘මේ දෙන්නට හැඳිලා තියෙන රෝගේ කාටවත් බෝ වෙන්නේ නෑ, ඒ අය සමාජයෙන් කොන් කරන්න එපා‘‘
ලැබීම් නොලැබීම් උරුම ජීවිත ගමනේ අපිට අහන්න දකින්න ලැබෙන හුඟක් දේ හිතාගන්නත් අමාරුයි.
සමහර මිනිස්සු මේ ලෝකේ එළිය දකින්නේ සැප සම්පත් ගොන්නකටම උරුමකම් කියාගෙන. තවත් සමහරු දුක්, කඳුළු එක්ක, ප්‍රශ්න කන්දක් කර තියාගෙන ජීවිත ගමන අරඹනවා.

ඒ විදිහට නොසිතූ අවාසනාවක් එක්ක ජානගත රෝගයකින් මේ ලෝකේ එළිය දැකපු අහිංසක හිත් දෙකක් ගැන හිරු ගොසිප් අපි පළමුවෙන්ම ඔබ වෙත ගෙන ආවා මතක ඇති. මහිංයගනය ඔරුබැදිවැව මීවාගල ගමේ පදිංචි වෙලා ඉන්න බණ්ඩාර මැණිකා අම්මත්, කෞෂල්‍යා දුවත් පුතා ගුණරත්නත් මේ ගෙදර ඉඳන් ජීවිතේ ගෙනියනවා.
මේ අහිංසක දරුවෝ දෙන්නා මේ ගෙදරටම කොටුවෙලා හීන ගොඩක් මැද ජීවිතේ ගෙනියද්දි ඒ අයත් අපි හැමෝම වගේම මිනිසුන් බව පසක් කරමින් අපි ඔවුන්ව ලෝකය හමුවට විවර කරන්න හිතුවේ ඒ හිත්වලට පුංචි හරි සතුටක් එකතු කරන්න හිතාගෙන.
කවදාවත් ගමේ අහස ඇරෙන්න කොළඹ අහස නොදැකපු මේ අම්මත්, දරු දෙන්නත් කොළඹ එක්කගෙන එන්න අපි තීරණය කළේ ඒ නිසයි. ඒ හීන සැබෑවක් කරන්න අපි එයාලව හොයාගෙන මහියංගනයට යන්න තීරණය කළා. 
ඒ යද්දිත් ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තුවක් එක්ක මේ පුංචි දුවත් පුතත් අපි එනකං මග බලාගෙන හිටියේ දහසක් දරුවන් වගේ මේ හිත්වලත් බලාපොරොත්තු වගේම සතුටත් තියෙනවා කියන හැගීම එක්කරමින්.
මේ හැමදේම එක්ක අපි බණ්ඩාර මැණිකා අම්මත්, කෞෂල්‍යා දුවත් ගුණරත්න පුතත් එක්ක කොළඹ එන්න පිටත්වුණා..

මුහුදු සුළගක් ඇගේ දැවටී නොතිබුණු මේ පුංචි දුවත් පුතාත් කොළඹ මුහුද ගාවට ආවම ඒ අයගේ මුහුණු ආදරණීය සතුටකින් පිරී ගියා. ඒ ගමන ගැන හිරු ගොසිප් අපි ඔබට කියන කතාවයි මේ.....










Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot