Skip to main content

පුංචි හිතක් හිතපු නැති තැනක නවතී

විහාරස්ථානයක ගල් පර්වතයක තිබූ පොකුණකට වැටී අට හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මහආරගමින් වාර්තා වේ.
මියගොස් ඇත්තේ වැල්ලවාය, මහආරගම ප්‍රදේශයේ පදිංචි මහආරගම විද්‍යාලයේ තුනේ පන්තියේ ඉගෙනුම ලැබූ එච්. පී. නිමේෂ් කාවින්ද නම් දරුවෙකි.
සිද්ධිය වූ පෙරේදා (28දා) සවස මෙම දරුවා තනිවම නිවෙස ඉදිරිපිට පිහිටි පන්සලට ගොස් ඇත්තේ විහාරාධිපති හිමියන්ගේ සැප දුක් විමසීමටය. ස්වාමීන් වහන්සේ මුණගැසීමෙන් අනතුරුව මෙම දරුවා තනිවම විහාරස්ථානය පිටුපස ගල් පර්වතයේ තිබූ පොකුණ බලන්නට ගොස් තිබේ.
සවස 6 පසුවන තුරුත් දරුවා යළි නිවෙසට නොපැමිණි බැවින් නිවැසියන් හා අසල්වාසීන් එක්ව පන්සල හා අවට වටපිටාවේ සොයා බලන අවස්ථාවේ පොකුණේ වැටී සිටි දරුවාගේ සිරුර හමුවී තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (29දා) වැල්ලවාය හදිසි මරණ පරීක්‍ෂක එච්. එම්. ජේ. හේරත් මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබූ අතර වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජිත පෙරේරා මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
වැල්ලවාය – ජී. අයි. රොෂාන්
SOURCE- Gossipking 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot