Skip to main content

ලංකාවේ මේ දිනවල කතා බහට ලක්වන ˜‍ප්‍රශානි˜‍ කවුද?

2016.06.19 දින zසත්හඩ පුවත්පතේ, කැදැල්ල අතිරේකයේZ කවරයේ ඡායාරූපය මේ දිනවල බොහෝ තරුණ තරු‚යන්ගේ කතා බහට ලක් වූ මාතෘකාවක් විය.එහි නිරූපණ ශිල්පී තිලංක සමග කතාබහක් ඔබ වෙනුවෙන් ගෙන එන්නට අපට හැකි විය.අද කතාබහ ඒ කවරයේ ඡායාරූපය හැඩ කළ නිරූපණ ශිල්පිනිය zප්‍රශානිZ සමගයි.

ආයුබෝවන්æ ප්‍රශානි, ඔබගේ සම්පූර්ණ නම සදහන් කරමින්ම අපි කතා බහ ආරම්භ කරමු?

ප්‍රශානි පෙරේරා.


ඔබ ඉපදුණ ගම් ප්‍රදේශය සදහන් කළොත්?

පොඩි කාලෙයේ හිටියේ කිරිබත්ගොඩ...දැන්නම් බියගම.


අධ්‍යාපනය ලබපු පාසල් මොනවාද?

දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලය.


උසස් පෙළට පෙනී සිටියේ මොන විෂය ක්ෂේත්‍රයෙන්ද?
වා‚ජ විෂයන්.

පාසල් යන කාලයේ ඔබ දුටු හීනයක්ද මේ සැබෑ වෙලා තියෙන්නේ?

නෑ...කවදාවත් මේ වගේ ෆීල්ඩ් එකකට එයි කියලා හිතලා තිබුණෙවත් නෑ.


එහෙනම්,පාසල් යන කාලයේ ඔබගේ හීනය වුනේ මොකක්ද?

එහෙම ලොකු හීනයක් කියලා දෙයක් තිබුණේ නෑ...හැබැයි ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්නනම් ආසාවක් තිබුණා.


ඔබ නිරූපණ ක්ෂේත්‍රය ඉගෙන ගත්තේ ඇකඩමියකින්ද?නැත්නම් තමන්ගේ හැකියාව තමන්ම වැඩි දියුණු කර ගත්තද?

නෑ...මම එහෙම ඇකඩමියකට ගිහින් ඉගෙනගත්තේ නෑ.


මුලින්ම ඔබ ජනප්‍රිය වුනේ මියුසික් වීඩියෝවකින්ද?නැත්නම් ෆොටෝ ෂූට් එකකින්ද?

මුලින්ම මම හිටියේ කzමර්ෂල් එකක පෑන් ඒෂියා බැංකුවේ


මුල් වතාවට ඔබගේ ෆොටෝ ෂූට් එකක් කවරයේ ඡායාරූපය ලෙස පළ කරපු සගරාව මොකක්ද?එදා දැනුණ හැගීම මොනවගේද?

තරුණයා සගරාවේ...විශේෂයක් නෑ.


zතිලංකZ සමග කරපු ෆොටෝ ෂූට් එක ඔය තරම් තරුණ තරු‚යන් වැළද ගනියි කියලා හිතුවද?

අනේ නෑ...ඒක පොසොන් පෝය දවස් වලම පන්සලක කරපු ෆොටෝ ෂූට් එකක් නිසා තමයි ඔය තරම් පොපියුලර් වුණේ.මම අවුරුදු දවස් වලත් තිලංක එක්ක ෆොටෝ ෂූට් එකකට හිටියා ඒක මේ තරම් හිට් වුණේ නෑ
.

ඔබට වැඩිපුරම උදවු කරපු අයව මතක් කරමුද මේ වෙලාවේ?

මුලින්ම අම්මා.ගෙදර පවුලේ අය,ස්ටුඩියෝ යූ.කේ. ,තිලංක,දිලූ‍ම්,ෂේන්,බියූ,අශාන්, වගේම උදවු කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි...

ස්ටුඩියෝ යූ.කේ. කියන්නේ මොකක්ද?

ඉන්දික අයියා... එයා තමයි මගෙයි,තිලංකගෙයි ෆොටෝ ෂූට් කළේ.


ලංකාවේ zමොඩ්ලින් ෆීල්ඩ්Z එක ලෝකයේ අනිත් රටවල් එක්ක බැලූ‍වාම කොතනද තියෙන්නේ?

ඒක සංස්කෘතිය අනූව රටින් රටට වෙනස් වෙනවා...අපේ රට තව වැඩිදියුණු විය යුතු තැන් තියනවා.ලංකාවේ බොහෝ දෙනෙක් ගතානුගතික වැරදි ඇහින් බලන්නේ මොඩ්ලින් ෆීල්ඩ් එක දිහා ඒත් මට හිතෙන්නේ තමන් විනය ගරුකයි නම්, ජනතාව එක්ක හොද විදියට ඉන්න දන්නවානම් ගැටලූ‍වක් වෙන්නේ නෑ.



ඔබට රසවත්ව කෑම උයන්න පුළුවන් කියන්නේ ඇත්තද?මොනවගේ කෑම වර්ගද වැඩිපුරම හදන්න කැමති?

හ්ම්ම්...ඔව් කෑමනම් උයනවා.එහෙම විශේෂයක් නෑ.


මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පත්තිනි ෆිල්ම් එක බැලූ‍වද?

ඔව්...


ලංකාවේ බොහෝ තරුණ තරු‚යන් විවාහ වන ඉක්මනින් දික්කසාද වීම ගැන මොකද කියන්න තියෙන්නේ?

ඒක ඉතිං පෞද්ගලික ජීවිතයනේ...කාටත් මුකුත් කියන්න බෑ එතනදි.


අවසානෙට බලපු විදේශීය චිත්‍රපටය මොකක්ද?

ෆෑන්...


ඒකෙදී සුපිරි නළු ෂාරුක්ගේ රංගනය කොහොමද දැනුනේ?

එයා ලෝකෙන්ම ගොඩක් ටැලන්ටඩ් නළුවෙක් ඒ ගැන විවාදයක් නෑ...


ඔබගේ ප්‍රියතම විදේශීය නළුවා?

රන්බීර් කපූර්.


ඔබගේ ප්‍රියතම ලංකාවේ නළුවා?

හේමාල් රණසිංහ.


zආදරŒය කතාවක්Z බැලූ‍වද එහෙනම්?

ඔව්...හුගක්ම දැනෙන ෆිල්ම් එකක්...


ඔබගේ ප්‍රියතම විදේශීය නිළිය?

දීපිකා පදුකෝන්.


ඔබගේ ප්‍රියතම ලංකාවේ නිළිය?

එහෙම විශේෂ කෙනෙක් නෑ.


ඔබ ප්‍රියකරන ගීත ගායකයා?

කසුන් කල්හාර.


ඔබ ප්‍රියකරන ගීත ගායිකාව?

උරේෂා රවිහාරි.


දියනියක විදියට තාත්තා කියන භූමිකාව ඔබට දැනෙන්නේ කොහොමද?

මම දකින විදියට තාත්තා කියන භූමිකාව මේ ලෝකේ කාටවත් සමාන කරන්න බැරි වීරයෙක්ගේ භූමිකාවක්.


ශ්‍රී ලංකාවේ තරුණ තරු‚යන්ට දෙන්න තියන ප‚වුඩය මොකක්ද?

තමන් කරන දෙය අරමුණක් සහ විෂ්වාසයක් ඇතුව කරන්න...

සම්මුඛ සාකච්ඡාව මෙහෙයවීම - ඉෂාර ලක්මිණ















Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot