Skip to main content

තාරකාට අලි ඇබැද්දියක්

එරන්ලන්දු සහ සීරජ ටෙලිනාට්‍ය සමග මේ දිනවල පේ‍්‍රක්ෂක අවධානය තමා වෙත නතු කරගත් තාරකා වන්නිආරච්චි මේ දිනවල ”අලි ඇබැද්දියකට” මුහුණ දීලයි සිටින්නෙ. මේ අලි ඇබැද්දියට මුහුණ දුන්නේ ලංකාවේදී නම් නොවෙයි. තායිලන්තයේදීයි. තාරකා තායිලන්තයට ගිය හේතුව සහ ඇය මේ දිනවල මුහුණ දීලා සිටින මේ ඇබැද්දිය මොකක්ද කියලා අපි ඇයගෙන්ම අහමු.

තාරකා හදිසියේම තායිලන්තයට ගියේ ඇයි?
2016-07-29-ent-21අලි කතාවකට මැදි වුණානෙ.

ඒ මොකක්ද?
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අලූත්ම චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා තායිලන්තයට යන්න සිද්ධ වුණා.

එතකොට අලි කතාවක් කිව්වෙ?
ඒක ඇත්තටම අලි ගැන කියැවෙන කතාවක්. අලි කතාවක් කිව්වොත් හරි.

ඇයි එතකොට මේ අලි කතාව කරන්න තායිලන්තයට ගියේ?
ඒකට ගොඩාක් හීලෑ අලි අවශ්‍යයි. තායිලන්තයේ, රූගත කිරීම් සඳහා යොදා ගන්නා හීලෑ අලි සිටින බව තමයි දැන ගත්තෙ.

තායිලන්තයට ගිහින් ”අලි එක්ක” රූගත කිරීම්වලට සහභාගී වෙන්න බය හිතුණෙ නැද්ද?
වතාවක් මට මෙහිදී අලි සමග රූගත කිරීම් කරන්න සිද්ධ වුණා. හැබැයි අපේ රටේදී නිසා එදා බයක් ඇතිවුණේ නැහැ. නමුත් මේ අත්දැකීම ටිකක් නුහුරු නිසා, ඒ අලි මොන වගේද කියා දන්නේ නැති නිසා ටිකක් බය ගතියක් දැනෙනවා.

කොච්චර කාලයක් මේ විදිහට තායිලන්ත අලි එක්ක ගත කරන්න වෙනවද?
රූගත කිරීම් සඳහා සතියක විතර කාලයක් තමයි තියෙන්නෙ.

ඉතින් කොහොමද වෙනත් විස්තර එහෙම?
මේ දිනවල විකාශය කෙරෙන ‘‘එරන්ලන්දු’’ නිසා ශ්‍රී ලංකාවේ පේ‍්‍රක්‍ෂකයින්ගෙන් වගේම, විදේශීය රටවල වෙසෙන අපේ පේ‍්‍රක්‍ෂකයින්ගෙනුත් හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ. ඊට අමතරව ‘‘සීරජ’’ ගැනත් බොහෝදෙනා කතාවෙනවා. මම දායක වූ තව නාට්‍යයක් ළඟදීම විකාශයට නියමිතයි. ඒකෙ නම නූරි. ඒත් එක්කම අලූත් රියැලිටි වැඩ සටහනකටත් දායකවීමට සුදානමින් සිටින්නෙ. ‘‘හිරු’’ නාලිකාව ගෙන එන එහි නම ‘‘තරුමන්දාකිණි’’

එරන්ළන්දු, නදී සහ සීරජ පුණ්ණා ගැන හිතෙන්නෙ කොහොමද?
පුණ්ණා කියන්නෙ ධාතුසේන රජු රාජාභික්‍ෂේකයට පෙර ආවාහ කරගෙන සිටි කාන්තාවයි. මේ නාට්‍යයේ රූගත කිරීම් සඳහා අපට ඇඹිලිපිටිය, අනුරාධපුරය වැනි ප‍්‍රදේශවලට යන්න වුණා. සටන් ජවනිකා වලටත් පෙනී සිටින්න සිදුවුණා. එරන්ළන්ඳු - නදීට බොහෝදෙනා ආදරේ වග මට දැනෙනවා.

මේ දක්වා ඒ විදියට දායක වූ චරිත අතරින් මිනිස්සු වැඩිපුර ඔබ ගැන කතාවන්නෙ?
බොහෝදෙනෙක් ‘‘දේවි’’ කියලා කියනවා. තවත් සමහරු හෝ පළු අරණේ සුද්දි කියලත් කතා කරනවා.

ගෙදර අය කතා කරන්නෙ කොහොමද?
‘‘චූටි’’ කියලා

පවුලේ බාලයා නිසාද?
මායි - අක්කයි විතරනෙ ළමයින්ට ඉන්නෙ

අක්කා මොනවද කරන්නෙ?
අක්කා විදෙස්ගතවෙලා ඉන්නෙ.

තාරකා රඟපෑ චරිතවලට මිනිස්සු ආදරය කරන බව කිව්වනෙ. ඒ ආදරය හැබෑවට ජීවිතයට ලබන්න අදහසක් නැද්ද?
ඇත්තම කිව්වොත් මේ පේ‍්‍රක්‍ෂක ආදරය තරම් වටිනා දෙයක් මට තවත් නැහැ. ඒක වචනයෙන් කියන්න බැරි තරමේ සතුටක්. ‘‘ආදරය’‘ මගෙ ජීවිතයට දැන්ම අවශ්‍ය නැහැ.

ඇයි ආදරය කරලම නැද්ද?
තියෙනවා.

එහිදී දුකක්ද? සතුටක්ද ජීවිතයට ගෙන දුන්නෙ?
දුකක් තමයි වුණේ. ඒත් අද හිතෙන්නෙ ඒක ඒ විදියට වෙච්ච එක හොඳයි කියලයි.

ඔබ හිතන විදියට ‘‘ආදරය’’ මොකක්ද?
හරි විදියට කළොත් හරිම සුන්දර දෙයක්.

ලංකාව ඇතුළෙ ‘‘ආදරය’’ කොහොම වෙනවා කියලද හිතන්නෙ?
මං පුද්ගලිකව හිතන්නෙ වැඩිපුරම ඒ නිසා විරහාව වෙනවද මන්දා. මොකද වැඩි හරියක්ම ලියැවෙන්නෙත් විරහ ගීතමනෙ.

තායිලන්තය ගැන මොකද හිතෙන්නෙ?
අපේ රටේ වගේම පරිසරයක් තියෙන රටක්. මම මේ රටට ආවේ දෙවැනි වතාවටයි.


සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

2016-07-29-ent-24
2016-07-29-ent-23
2016-07-29-ent-22

SOURCE- Saravita

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot