Skip to main content

"ජීවිතේ වටින්නේ රුපියල් 50 ද ? ඔලුවකට වෙඩි තිබ්බේ ඇයි ?

පොල් ගෙඩියක් නිසා මුරකරුගේ තුවක්කුවෙන් හිස පසාරු වූ උපුල් අවසන් හුස්ම හෙළයි
අනවසරයෙන් ඉඩමකට ඇතුළුවී පොල්ඇහිදීමට ගිය බව කියන පුද්ගලයෙකුට එහි මුරකරු විසින් වෙඩි තැබීමේ පුවතක් වැලිවේරිය ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. වෙඩි වැදීමෙන් අදාල පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ ඥාතීන් චෝදනා කරන්නේ මුරකරු විසින් සිතාමතාම මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවුණේ පෙරේදා සවස 6.30 ට පමණයි. පොලිසිය සඳහන් කළේ පොල් වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ඇහිදීමට ගිය අයෙකු එම වත්තේ මුරකරුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දන උපුල් කිත්සිරි නමැත්තෙක්.
පොලිසිය සදහන් කළේ කුරුල්ලන්ට වෙඩි තැබීමට යොදා ගන්නා උණ්ඩ මෙම වෙඩි තැබීමට යොදාගෙන ඇති බවයි.
කෙසේ වෙතත්,  මියගිය පුද්ගලයාගේ ඥාතීන් අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
''මරන්න තරම් දෙයක් නෙවෙයිනේ පොල් ගෙඩියක් කඩන එක.කාට හරි කියන්න තිබුණනේ. මෙහෙම ඇවිල්ලා ඉන්නවා අල්ලන් ඉන්නවා මොකක් හරි කරන්න ඕගොල්ලෝ කියලා මොකද නෑදෑයොනේ පිට මිනිස්සු නෙවෙයිනේ ඒගොල්ල. ජීවිතයක් වටින්නේ රුපියල් 50ද.
අතක හොර බඩුවක් තිබිලා නෙවෙයි. පොල් ගෙඩියකට ඔහොම දෙයක් කරන්න අවශ්‍යතාවයක් නෑ ඒගොල්ලන්ට. ඔලුවකට වෙඩි තියන්න. කකුලකට වෙඩි තිබ්බනම් අපි ගෙවල්වල ගෙනත් තියාගෙන වෙදකම් කරනවා. අනේ ලාල් මාමේ වෙඩි තියන්න එපා මට කිව්වලු.එහෙම කියද්දිත්නේ වෙඩි තියලා තියෙන්නේ.''
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ රෝහලේදී ඊයේ (28) පස්වරුවේ සිදු කිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

මේ අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අදාළ වත්තෙහි මුරකරු වැලිවේරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී අධිකරණය නියෝග කළේ සැකකරු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.



SOURCE- Hirugossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot