Skip to main content

අනාගත ලෝකය අතීතයේ දුටු ආභිමානවත් ශ්‍රී ලාංකිකයා



ලෝකය තනි යායක් එනම් විශ්ව ගම්මානයක් බවට අද පරිවර්ථනය වී ඇත. ඔබට මේ ලිපිය කියවීමට අන්තර්ජාලය පහසුවෙන් භාවිතා කිරීමටද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ශ්‍රී ලාංකිකයෙකු බව ඔබ දැන සිටියාද? ඔහු විසිවන සියවසේ සාර්ථකම විද්‍යා ප්‍රබන්ධ රචකයා වූ ආචර් චාල්ස් ක්ලාක් එනම් අප පහසුවෙන් හදුන් වන ආතර් සී ක්ලාක් මහතාය. 




1917 වසරේ දෙසැම්බර් මස 16 වන දින එංගලන්තයේ උපත ලැබූ ඔහු ළමා විය ගත කළේ එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්තයේ මයින්හෙඩ් ගම්මානයේය. මුහුදු බඩ ගම්මානයක් වූ එහි දවසේ වැඩි කාලයක් මුහුදේ ගත කළේ අහසට මෙන්ම මුහුදටත් ඔහුගේ ප්‍රියතාවය නිසාමය.  අධ්‍යාපනය ලැබූ මුල් අවදියේ සිටම අභිරහස් විද්‍යාත්මක කථා ගැන උනන්දුවක් දැක් වූ ඔහු ඒ පිළිබද විශේෂ අවධානයක් දක්වමින් ඒවා අධ්‍යනය කිළේය. එමෙන්ම කුඩා කළ සිටම පාසලේ පුවත්පතට විද්‍යා ප්‍රබන්ධ කථා ලියමින් අනාගතයේ මහා ලේඛකයෙකු වන බව පෙන්වීය. ලන්ඩනයේ අන්තර් ග්‍රහලෝක සංගමයේ කටයුතු වල නියැලෙන අවධියේම බ්‍රතින්‍ය රාජකීය ගුවන් හමුදාවේ තාක්ෂණිය ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ හෙතෙම 1947 - 1950 දක්වාත් 1953 වසරේදීත් අන්තර් ග්‍රහලෝක සංගමයේ සභාපති ලෙස කටයුතු කළේය. 



දෙවන ලෝක යුධ සමයේ භාවිත වූ රොකට් තාක්ෂණයේ දියුණුව පිළිබද පර්යේෂණ වල නියැලී සිටියදී අහම්බෙන් මෙන් ආතර් සී ක්ලාක් මහතාට පහළ වූ සංකල්පය ලෝකය උඩුයටිකුරු කිරීමට සමත් විය. එනම් පණිවුඩ හුවමාරු කිරීමේ චන්ද්‍රිකා තාක්ෂණයයි. ඒ පිළිබද තවදුරටත් කරුණු අධ්‍යනය කළ එතුමා 1945 දී වයර්ලස් වර්ල්ඩ් සගරාවට ඒ ගැන ලිපියක් යැවීය. එතුමාගේ සංකල්පයට එම යුගයේ පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේ නම් අද මිහිපිට ඇති විශාලම ධනස්කන්දය ඔහුගේ නමට ලියැවී තියෙන්නට පුළුවන. 

  රැකියා කටයුතු වලින් ඈත් වී ලේඛන කලාවට පිවිසි ඔහුට ඕස්ට්‍රේලියාවට යන ගමනක් අතරතුර පැය කිහිපයකට ශ්‍රී ලංකාවේ ගොඩ බැසීමට සිදුවිය. ශ්‍රී ලංකා මුහුදු තීරයට ඔහුගේ ඇල්ම ඇතිවීමත් සමග ශ්‍රී ලංකාව තම දිවියේ අවසාන භාගය ගත කිරීමට ඔහු තීරණය කරන ලදි. 1975 දී නීත්‍යානුකූලවම ශ්‍රී ලාංකික පුරවැසි භාවය ලබාගත් එතුමා වසර 91ක් ආයු වළදා 2008 මාර්තු 19 දින මිය යන තුරුම ලෝකයා වෙත ලංකාවේ සුන්දරත්වයේ පණිවිඩය ගෙනයමින් ජීවිතය ගත කළේය. -

SOURCE- Srilife.lk

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot