Skip to main content

'උලත් එකයි පිළත් එකයි' චිත්‍රපටයේ ගංගුට පණ පොවන ඩිල්ශානි

2016-09-29-ent-66
මේ දිනවල හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිළත් එකයි" සිනමා නිර්මාණය හරහා ඔබ අතරට පැමිණෙන ඩිල්ශානි පෙරේරා සමගින් අද %සාරවිට^ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. එම චිත්‍රපටයේ "ගංගු" නම් චරිතයට පණ පොවන ඩිල්ශානි මේ දිනවල එම චරිතය හරහා ඉහළ රසික ප්‍රතිචාරද අත්විඳිමින් සිටියි.

"ගංගු" චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර ඉහළයි කියන්නේ ඇත්තද?
2016-09-29-ent-62ඇත්තටම ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා මා රඟපාන "ගංගු" කියන චරිතයට. මේ මගේ දෙවැනි ප්‍රධාන සිනමා චරිතයයි. මීට පෙර මා "මගෝඩි ගොඩයි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපැවා. මගේ චරිතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබුණත් %උලත් එකයි පිළත් එකයි^ චිත්‍රපටයට නම් අඩු රසික ප්‍රතිචාර ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ.

මේ ඩිල්ශානිගේ කී වෙනි චිත්‍රපටයද?
මේ මගේ පස්වැනි සිනමා නිර්මාණය. මම මුලින්ම සිනමාවට ආවේ "මගෝඩි ගොඩයි" කියන චිත්‍රපටය තුළින්. "උලත් එකයි පිළත් එකයි" චිත්‍රපටයට කළින් කරපු චිත්‍රපටයක් තවම ආවේ නැහැ. බොහෝ විට ඒ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. තවත් චිත්‍රපට කිහිපයකටම මේ දිනවල සම්බන්ධ වෙන්න කියලා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපට වල රුපගත කිරීම් පටන් ගත්තාහම ඒ ගැන තොරතුරු කියන්නම්.

සිනමාවට ලබාදෙන තැන ඔබ පුංචි තිරයටත් ලබා දෙනවාද?
ඔව්, දැනට මම ටෙලි නාට්‍යය කිහිපයකම වැඩ කරලා තියෙනවා. මුලින්ම රඟපෑවේ "සුබා"කියන ටෙලි නාට්‍යයේ. මා රඟපෑ "රුවිත හතර" කියන ටෙලි නාට්‍යයේ මා කළේ වෙනස්ම ආකාරයේ චරිතයක්. තවත් නොබෝ දිනකින් "හින්දලයා" හා "එතැන ටිකයි මෙතැන ටිකයි" කියලා මා දායක වුණ තවත් ටෙලි නාට්‍යය දෙකක් විකාශය වෙන්න තියෙනවා. ඒ අතරින් %හින්දලයා^ කියන ටෙලි නාට්‍යයේ "කළුමැණිකා"කියන චරිතය මට විශේෂ එකක්. මේ චරිතයේදී මම අංගම්පොර සටන් වල පවා නිරත වෙනවා.

ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් ගොඩ කාලයක් වෙනවා නේද?
ඔව්, වෙළෙඳ දැන්විම් හරහා තමයි කලා ක්ෂේත්‍රයට ආවේ. ඊට පස්සේ ස්වර්ණවාහිනි නාලිකාවේ මම නිවේදිකාවක් ලෙස කටයුතු කළා. මොකද කාලයක් මට නිවේදිකාවක් වෙන උණක් තිබුණා. ඒ උණ සනිප කරගන්න තමයි මම නිවේදිකාවක් විදිහට කටයුතු කළේ. ඔය අතරේ තමයි අහම්බෙන් රංගනයට යොමු වුණේ.

මේ ගෙවුණු කාලය තුළ කලාව පැත්තෙන් ආපු දුර ගැන තෘප්තිමත්ද?
ඇත්තටම මා ආපු ගැන මම ගොඩක් තෘප්තිමත් වෙනවා. වසර කිහිපයක් තිස්සේ මම විවිධ කලා කටයුතු වල රඟපාලා තියෙනවා. හැබැයි රංගනය පැත්තෙන් නම් ලොකුවට වැඩ භාරගෙන කටයුතු කරලා නැහැ. ඒකට හේතුව තමයි මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති කෙනෙක් නොවන නිසා. මගේ කැමැත්ත වුණේ හෙමින් ගමනක් යන්න.

රංගනයට මේතරම් දක්ෂ ඔබ ඒ පිළිබඳව කළින් යම් හැදෑරීමක් කරලා තියෙනවාද?
නැහැ. මම රංගනය පිළිබඳව හැදෑරිමක් කරලා නැහැ. නමුත්, මම නිතරම චිත්‍රපට බලන කෙනෙක්. මම හැම විටම ඒ චිත්‍රපට වලින් යම් යම් දේ ඉගෙන ගත්තා රඟපෑම් සම්බන්ධව. ඒ වගේම මා රංගනයෙන් දායක වුණ හැම ටෙලි නාට්‍යයක්ම, චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ දක්ෂ අධ්‍යක්ෂවරුන්. ඔවුන් යටතේ මට රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි.

බුද්ධික සේනාධීර

2016-09-29-ent-65
2016-09-29-ent-64
2016-09-29-ent-63
2016-09-29-ent-61

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot