Skip to main content

සුපිරි වැඩ්ඩෙකුගේ සැලසුම්වලට කොළඹ ඉදිවන තට්ටු 68 ක ඇලවුණු බිල්ඩින් එකේ වගතුග

මේ දිනවල කොළඹ කොම්පඤ්ඤවීදිය ආසන්නයෙන් ගමන් කරන කෙනෙකුට ඉදිකරමින් පවතින අමුතු හැඩයේ ගොඩනැගිලි දෙකක් දැක ගන්නට ලැබෙනු ඇත. 
එක් ගොඩනැගිල්ලක් සෘජුව තිබියදී අනෙක් ගොඩනැගිල්ල එයට හේත්තු කර තිබෙන ඇළවුණ ආකාරයක් දිස්වන මේ නිවාස සංකීර්ණය ලංකාවේ පෙර නොවූ විරූ ඉදිකිරීමකි.
මේ කාලයේ ලෝකයේ අංක එකේ ගෘහ නිර්මාණ සැලසුම්කරුවෙකු ලෙස සැලකෙන ඊශ්‍රායලයේ උපන් මොෂෙ සැෆ්ඩි මෙම ඉදිකිරීමේ නිර්මාණකරුය.
සිංගප්පූරුවේ මරියානා බේ සෑන්ඩ්,මිසූරියේ කෆ්මාන් සෙන්ටර් ඇතුළු ඉදිකිරීම් නිර්මාණ රාශියක් ඔහුගේය.
කොම්පඤ්ඤ වීදියේ බේරේ වැවට යාබදව වර්ග අඩි 8000 ක පමණ භූමියක් ආවරණය කරමින් ඉදිවන ‘කලම්බු රෙසිඩන්ෂන් අල්ටයාර්‘ ගොඩනැගිලි ද්විත්වයේ ඇළවුණ ගොඩනැගිල්ල තට්ටු 63 කින්ද සෘජු ගොඩනැගිල්ල තට්ටු 68 කින්ද යුතු වනු ඇත.
ගොඩනැගිල්ල මීටර 240 ක් උස වනු ඇත. මෙහි නිවාස 400 ක් පිහිටුවන්නට සැලසුම් කර ඇත. පිහිනුම් තටාක,ව්‍යායාම අංගන ඇතුළු සියලු නාගරික ජීවන අවශ්‍යතා සපුරන්නට එය යොදා ගැනෙණු ඇත.
ඉදිකිරීම සිදු කරන්නේ ඉන්දියානු සමාගමක ඩුබායි ශාඛාව මගිනි. ඉදිකිරීම අවසන්වන්නට නියමිතව ඇත්තේ ලබන 2017 වසරේය.
වාර්තාවන ආකාරයට මෙහි නිවාස රාශියක් දැනටමත් විකිණී අවසන්ය. නිදන කාමර තුනක නිවසක් ලක්ෂ 900 කට ආසන්න මිලකට අලෙවි කර ඇත.

එම ගොඩනැගිල්ලේ විස්තරය දැක්වෙන ඡායාරූප පහතින්...




2017 දි වැඩ අවසන් වූ පසු... 

SOURCE-  Rategossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot