ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයන් සහ තරුණ ක්‍රීඩකයන් අතර සමබරතාවක් තිබිය යුතු බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට් හා එක්දින තරගාවලියේ පරාජය පිළිබඳව ඔහු එහිදී අදහස් පළ කරමින් මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
තමා ක්‍රීඩා කළ කාලයේ පැමිණි සුරාජ් රන්දිව් සහ අජන්ත මෙන්ඩිස් මෙන්ම ජීවන් මෙන්ඩිස් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් මුරලි සඳහන් කර ඇත්තේ “දක්ෂ ක්‍රීඩකයන් එනවා යනවා. එය ඔවුන්ගේ විශ්වාසයට ගැටලුවක් ඇති කරනවා”යනුවෙනුයි.
source Neth Gossip