Skip to main content

උපතින්ම ආපු සරාගී පෙනුම ගැන ටීනා ෂනෙල් හිරු ගොසිප් වෙත කිව්ව කතාව

6,210 Views
  
‘‘මගේ මාකට් එක අඩ නිරුවත පෙන්නලා හදා ගන්නේ  නැහැ...“
‘‘මගේ පෙම්වතා ගායකයෙක් තමයි..“
‘‘මගේ ඇඟ ලස්සනට තියනවා.. කොටට ඇන්දට කැත නෑ..“
මේ දවස්වල රූප රචනා වල ජනප්‍රියම චරිතය වගේම කතාබහට ලක් වුණ චරිතයක් විදිහට ටිනා  ෂනෙල්ව හදුන්වා දෙන්න පුළුවන්. අසංවර චරිතයක් හැටියටත් ඇයව සමහරුන් හඳුන්වා දෙනවා. මේ හැමදෙයක් ගැනම කතා කරන්න ඇයව හිරු ගොසිප් එක්ක එකතු කරගත්තා.

ටිනා මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි නේද ..?
ඔව්. ගොඩක් අය දැන් මන් ගැන කතා කරනවා. මගේ දක්ෂතා අගය කරනවා. ඉතින් මට ඒ ගැන ගොඩක් සතුටුයි.
අවුරුදු පහ හයකට කලින් කලාවට අවතීර්ණ වුණත් ඔබ කතා බහට ලක් වෙන්නේ ගීත රූප රචනා නිසයි. ..?
හැමෝම ආ ගමන් ජනප්‍රිය වෙන්නේ නැහැ. නිර්මාණවල දකින්න දකින්න තමයි ජනතාව අතරට යන්නේ. මමත් එහෙමයි. මම වැඩිපුරම ජනප්‍රිය වුණේ මේ මෑතකදී. නිර්මාණ කිහිපයකින්ම දකින්න ලැබුන නිසා.
බොහෝ අය නම් කියන්නේ ටීනා අසංවර චරිතයක් කියලයි. එකම විදිහට දකින නිර්මාණ වලට විතරක් ඉන්නේ ඇයි...?
මම ශ්‍රී ලාංකික කෙනෙක් වුණත් හුඟක් අය නම් හිතන්නේ මම මිශ්‍ර ජාතියක කෙනෙක් කියලයි. මගේ හමේ පාට පවා වෙනස්. කොණ්ඩේ පාට වෙනස්. මගේ බැල්ම පවා මවා ගත්ත එකක් නෙමෙයි තියෙන්නේ. මම කොහොමත් කොටට අඳින කෙනෙක්. ගෙදරට වුණත් කොටට අදින්නේ. ඉතින් මට ගැලපෙන චරිත තමයි මට ලැබෙන්නේ. චීත්ත ගවුමක් ඇදලා කොණ්ඩ කරල් දෙකක් ගොතලා වෙළක දුවගෙන එන චරිත මට ගැලපෙන්නේ නැහැ. අධ්‍යක්ෂකවරු පවා මට නිර්මාණවලට කතා කරන්නේ ඒ වගේ බටහිර චරිත වලට විතරයි. මේ මගේ ස්ටයිල් එක ඒක කාගෙන්වත් කොපි කරපු එකක් නෙමෙයි.
ඔබේ විලාසිතාවලට ඔබව කවුරුත් විවේචනය කරලා නැද්ද..?
කොහෙත්ම නැහැ. මගේ මුහුණට නම් කවුරුවත් බැනලා නැහැ.
ටීනා ෂනෙල් මාකට් එක හදා ගන්නේ අඩ නිරුවත පෙන්නලා කිව්වොත්...?
මම මගේ මාකට් එක අඩ නිරුවත පෙන්නලා හදා ගන්නේ  නැහැ. මේ මගේ විදිහ. මම අඳින්නේ මට ගැලපෙන විදිහට. මගේ ඇඟ ලස්සනට තියනවා. ඉතින් කොටට ඇන්දත් ඒක මට කැත නැහැ. මට  තියෙන්නේ  උපතින්ම සරාගී පෙනුමක්. ඒක හදාගත්ත එකක් නෙමෙයි.
ටීනාට වැඩිපුරම මඩ ගහන්නේ ෆේස්බුක් ඇඩ්මින්ලා කියලා දන්නවද ...?
ඔව්. මම හිතන්නේ මම ගැන වෙන්න ඇති එක එක දේවල් වැඩිපුරම දාන්නේ. මම නම් ෆේස්බුක් වැඩිය යන්නේ නැහැ. මගේ යාලුවෝ ගොඩක් වෙලාවට මට පෙන්නවා. ඒ ගැන මම දුක් වෙන්නේ නැහැ. එත් මගේ නමින් ෆෙස්ක්බුක් ගිණුම් විස්සක් විතර තියනවා. පේජස් තුන හතරක් තියනවා. සමහර අය කතා විදිහට ඒ හරහා චැට් කරනවා ෆොටෝ දානවා කියලත් මට ආරංචි වුණා. මට හරියට මඩ ගහනවා. මේ දේවල් නිසා මම ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න කියලා හිතපු කාලයකුත් තිබුණා. නමුත් කවුරුත් කරන දේවල් මට අදාල නැහැ කියලා මම මගේ පාඩුවේ ඉන්නවා. මම වගේ චැට් කරන අයගෙන් පරිස්සම් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
කලාවට ගෙදරින් තහංචි තහනම් වැටිලා නැද්ද ..?
මට ඉන්නේ අම්මා අක්කලා දෙන්නයි. මගේ තාත්තා මම චුටි කාලේ නැති වුණා. තාත්තා ජිවතුන් අතර හිටියා නම් සමහර විට මම මේ විදිහට දකින්න නැහැ. අනිත් අය නම් මට ගොඩක් උදවු කරනවා.
ටිනාගේ පෙම්වතා ජනප්‍රිය ගයකයෙක්ලු.. විවාහය ලඟයිද ..?
මගේ පෙම්වතා ගායකයෙක් තමයි. ඒත් වැඩි විස්තර දැන්ම කියන්න බැහැ. දැනගන්න ලැබෙයි. විවාහය ගැන තවම අපි හිතලා නැහැ. විවාහ වෙන්න තව වයස තියනවා.
ටීනාගේ ලස්සන රැඳිලා තියෙන්නේ මේකප් මත පමනයිලු ..?
මට ස්භාවික ලස්සනක් තියෙන්නේ. මේකප් වලට ගොඩක් ලස්සයි. බටහිර පෙනුම වැඩිපුර පේනවා. මගේ හම සුදුයි. සමහර මේකප්වලට මම කළුවට පේනවා. ඒ නිසා මගේ පෙම්වතා ගොඩක් කැමති මම මේකප් නැතුව ඉන්නවටයි.

Source- Hiru Gossip 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot