‘‘බලු පැටියා නිසා එයාට අපිවත් අමතක වෙලා ඉන්නේ..“
‘‘ඒවායේ ඇත්තටම රඟපාන්න දෙයක් නැහැ...“
සජීවී මාධ්‍යක් වුණ වේදිකා නාට්‍ය තුළ ඇගේ රංගනය අපූරුවට ගැලපෙනවා. වේදිකාව විතරක් නෙමෙයි පුංචි තිරය තුළත් ඇගේ රංගනය පෙරළිකාරයි. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින් අමතන ඇය මාදිනී මල්වත්තයි. ඇයත් එක්ක හිරු ගොසිප් කතා කරන්න කල්පනා කලේ ඒ නිසයි. මේ මාදිනි හිරු ගොසිප් එක්ක කළ සංවාද සටහනයි.
ලැබුවා වූ අලුත් අවුරුද්ද කොහොමද ..?
හොදයි. අපි හැම අලුත් අවුරුද්දටම නුවර මහ ගෙදර යනවා.දැන් අපි ඉන්නෙත් මහ ගෙදර . ගිය අවුරුද්දේ මගේ අම්මා නැති වුණා.අම්මා නැති අඩුව හරියට දැනෙනවා. ඒ නිසා අවුරුද්ද සරු නැහැ නමුත් දරුවෝ වෙනුවෙන් අපි චාරිත්‍ර කරන්න ඕන.චාරිත්‍ර ඉටු කරලා පවුලේ අය එක්ක මේ දවස් ටික සතුටින් විවේකිව ගත කරන්න තමයි හිතන්නේ.
මාදිනි රංගන දායකත්වය ලබා දුන් නිර්මාණ කීයක් විතර විකාශය වෙන්න තියනවද..?
මම රංගනයෙන් දායකත්වය ලබා දුන් නිර්මාණ 15ක් විතර විකාශය වෙන්න තියනවා. ඒවා කොයි කාලේ විකාශය වෙයිද දැනේ නැහැ. නමුත් ඒ හැම නිර්මාණයක්ම නිර්මාණාත්මක ගුණයෙන් යුක්ත ඒවා.
ඔබේ සැමියා ඔබ වෙනුවෙන්ම චිත්‍රපටයක් නිර්මාණය කරලා වගේ "මං විතරයි"කියන සිනමා කෘතිය ගැන කිව්වොත් ..?
ඒ චිත්‍රපටිය ඇත්තටම වෙනස් නිර්මාණයක්. සිනමාකරණය කියන මාධ්‍යට මේ නිර්මාණය විශේෂ එකක් වෙයි. ඒ වගේම සිනමාවට ආදරේ කරන රසිකයින්ටත් මෙය අලුත් අත්දැකීමක් වෙයි කියලා මම විශ්වාස කරනවා.මම මේ නිර්මාණයේ චරිත විශාල ප්‍රමාණයක් කරනවා. මටත් හොද අත්දැකීමක්.
එකම මුහුණ විවිධ චරිත වලින් පෙනී ඉද්දි ප්‍රේක්ෂකයින්ට නීරසක් දැනෙයිනේ...?
එහෙම වෙන්නේ නැහැ කියලා මම හිතනවා. චරිත කිහිපයකට මම හිටියට මම පෙනී ඉන්න චරිත එකිනෙකට වෙනස්.
වෙනත් චිත්‍රපටි වලට ආරාධනා ලැබෙනවා අඩුද. ඔබ වේදිකාවට ගැළපෙන නිළියක් නිසා ..?
එහෙම දෙයක් නැහැ. මගේ වාසනාවට මට ටෙලි නාට්‍ය ,වේදිකා නාට්‍ය , වගේම සිනමාවටත් ඇරයුම් ලැබෙනවා. නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වෙන රන් කොල්ලා කියන සිනමාපටයට මම ළගදි සම්බන්ධ වුණා. ඒ වගේම විකාශය වීමට නියමිත සිනමා නිර්මාණ කිහිපයක්ම තියනවා.
රංගන මාධ්‍ය තුනක වැඩ කරන රංගන ශිල්පිණියක් විදිහට විවේකයක් නැතුව ඇති. මාසයකට නිවාඩු දවස් කීයක් තියා ගන්නවද ...?
මම රංගනයේදී කොයි තරම් කාර්යබහුල වුණත් සතියට දවස් තුනක් විතර ගෙදර ඉන්නවා. වෙන රැකියාවකට යන කෙනෙක්ට වඩා මම විවේකිව ඉන්නවා.පුතා ටික ටික ලොකු වෙනවා. දැන් එයා ඉගෙන ගන්නේ 9 වසර.තව අවුරුදු දෙකකින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. ඒ නිසා හැම දෙකට වඩා එයාට මම මුලිකත්වය දෙන්න ඕන. මේ දවස්වල එයාගේ තනියට බලු පැටියෙක් ගෙනත් දීලා එයාට අපිවත් අමතක වෙලා ඉන්නේ.
බලු පැටියෙක් වෙනුවට නංගියෙක්ව හුරතල් කරන්න දෙන්න කියලා ඉල්ලන්නේ නැද්ද..?
අපේ පවුලට පුතා විතරක් ඇති. එයාට මගෙයි එයාගේ තාත්තාගෙනුයි ලැබෙන ආදරේ ඇති.
කාලයක් කලාවත් එක්ක එකතු වුණ නිලියක් විදිහට දැන් යන රැල්ල ගැන ඔබ තෘප්තිමත්ද...?
මම නම් කිසිම විදිහකින් ඒ ගැන සතුටින් නෙමෙයි ඉන්නේ. නිර්මාණ බිහි වෙනවා. ඒවායේ ඉන්නේ පෙම්වතා පෙම්වතිය ඒ වටා තවත් චරිත තියනවා. කතාව එකම වගෙයි. පිටපත් කිසිම රසයක් නැහැ. හරයක් නැහැ. ඒවායේ ඇත්තටම රඟපාන්න දෙයක් නැහැ. ඉස්සර කළ නිර්මාණවල චරිත හරිම බරයි. නිලියක් නළුවෙක්ට රගපාන්න දෙයක් තිබුණා. අද කැමරාව ඉදිරියේ එහාට මෙහාට යන දසුන් විතරයි තියෙන්නේ. ඒ අතර හොද නිර්මාණ බිහි වෙනවා කියන එකත් කියන්න ඕන. නමුත් අතලොස්සයි.