Skip to main content

පංසලට යන විදිය, පාටියකට යන විදිය එකකට එකක් වෙනස්

නිරූපිකාවක් වෙන්න ආසාව තියෙන ගෑණු ළමයි ඕන තරම් ඉන්නවා!  
මේ ක්ෂේත්‍රයට එන්න ආසාව, වුවමනාව තියෙන කෙනෙක්ට මම මුලින්ම කියන්නේ තමන් ගැන හිතන්න ඕන කියලා තමයි. ඒ කියන්නේ එකක්, තමන්ගේ රූපය, සිරුර ගැන විශ්වාසයක් තියෙන්න ඕන. එහෙම විශ්වාසයක් ඇති වෙන්න නම් තමන්ගේ රූපය සහ ශරීරය හොඳට පවත්වා ගන්න ඕන. ඒ වගේම තමයි තමන්ගේ තත්වය ‍රැකගෙන, මේක වෘත්තියක් විදියට කරන්න, තමන්ගේ වැඩේ හරියට කරලා යන්න හැකියාව තියෙන්න ඕන. ඇත්තටම ආසාව විතරක් තිබුණට විතරක් මදි. තමන්ට මේ ක්ෂේත්‍රයේ දිග ගමනක් යන්න වුවමනායි කියලා හිතනවා නම්, තමන් ගැන විශ්වාසය තියෙන්න ඕන. අර මම කිව්ව දේවල් කරන්න, කැපකිරීම් කරන්න, කැපවීමෙන් මේ ක්ෂේත්‍රයේ තමන්ගේ ටාගට් එකට යන්න පුලුවන් වෙන්නේ ඒ විශ්වාසය තියෙනවා නම් තමයි. මම හිතනවා මේ ක්ෂේත්‍රයට එන්න වුවමනාවක්, උනන්දුවක් තියෙන කෙනෙක්ට මේ විදියට වැඩ කරන්න පුලුවන් නම් ඉහළටම යන්න පුලුවන්, වරදින්නේ නැහැ කියලා.

ඇ‍ඟෙන් එන දෙය වගේම ඉගෙනීමෙන් එන දෙයත් තියෙන්න ඕන විශිෂ්ට නිරූපිකාවක් වෙන්න නම්!
2017-04-18-ent-104නිරූපණ ශිල්පියෙක් ශිල්පිණියක් වෙන්න පුහුණු පාසැලකට ගිහින් ඉගෙන ගන්න ඕනෑමයි කියලා එකක් නැහැ, මම හිතන විදියට. නිරූපිකාවන් පස් දෙනෙක් ගත්තොත් පස් දෙනා පස් විදියක්. මේ පස් දෙනාගෙන් කීපදෙනෙක් ඉන්න පුලුවන් උපතින්ම හැකියාව ගෙනාපු. ඒ කියන්නේ හැකියාව ඇ‍ඟේ තියෙන. හැබැයි එහෙම හැකියාව ඇ‍ඟේ තිබුණත් අපිට වරදින අවස්ථා ඕන තරම් තියෙනවා. සරල උදාහරණයක් විදියට ගත්තොත් රෑම්ප් එකක අපිට ඕන ඕන විදියට වෝක් කරන්න බැහැනේ. ඒකට එක් එක් ආකාරයන්, විධි ක්‍රම තියෙනවා. ඉතින් මේ දේවල්, වරදින්න පුලුවන් දේවල් දැනගන්න අපිට ප්‍රවීණයින්ගෙන් ගුරුහරුකම් ගන්න වෙනවා. එහෙම නැතිනම් එහෙම උගන්වන ආයතනයකට යන්න වෙනවා. එහෙම ප්‍රවීණයෙක් යටතේ ඉගෙන ගන්න එකෙන් තියෙන එක වාසියක් තමයි නිවැරදිව ශාස්ත්‍රය ඉගෙන ගන්න ලැබීම. ඒ වගේම තවත් වාසියක් තමයි ඒ ප්‍රවීණයෝ තමන්ගේ ජූනියර් කට්ටියට අවස්ථාවන් උදා කරලා දෙන එක. ඒ අය නිසා අපිවත් ප්‍රොමෝට් වෙනවනේ. මම රොසෑන් ඩයස්ගෙන් ඉගෙන ගෙන තියෙන්නේ. එතකොට රොසෑන් දන්නවා මට වරදින තැන්. මගේ දුර්වලතා වගේම මගේ ප්‍රබලතා. එතකොට රොසෑන් මාව හරියටම හදලා තවත් කෙනෙක්ට හඳුන්වලා දෙනවා මෙයා හොඳ මොඩ්ල් කෙනෙක් කියලා. ඉතින් තනියෙන් ගමනක් යන්න හදන්නේ නැතුව, ප්‍රවීණයින්ගේ උපදෙස් සහ ඉගැන්වීම් අරගනිමින් ගමනක් යන එක වඩා සාර්ථකයි, වඩා ස්ථාවරයි කියලා තමයි මට හිතෙන්නේ.

ඕනම ගෑණු ළමයෙක්ට පොදුවේ විඳින්න වෙන හිරිහැර
මොඩ්ල් කෙනෙක්ට නෙවෙයි, සාමාන්‍ය ගෑණු ලමයෙක්ට වුනත් අද ලංකාවේ පාරක යන්න බැහැ කියන එක අපිට පිලිගන්න වෙනවා. පාරේ තනියම ගියොත් අඩුම ගානේ කාර් එකක් හෝන් කරගෙන හරි යනවා. මේ මිනිස්සුන්ගේ හැඟීම්. මේ හිරිහැර කිරීම් වැරදියි. හැබැයි ඒ ගැන අපි ඕන තරම් කතා කරනවනේ. ඒ නිසා ගෑණු ළමයින්ගේ පැත්තෙනුත් නිවැරදිව ඉන්න ඕන. අපි මුලින්ම මතක තියාගන්න ඕන මේක ලංකාව කියන එක. ඒ නිසා තමන් එළියට බහිනකොට අඳින ඇඳුම පැළඳුම ගැන හරියට හිතන්න ඕන මම හිතන්නේ. පාරේ යන විදිය, පංසලට යන විදිය, පාටියකට යන විදිය එකකට එකක් වෙනස්. මේ එක් එක් විදිය ගැන ඔලුවේ තියාගෙන ගෑණු ළමයෙක් වුනහම ඇඳුම් පැළඳුම් කරන්න ඕන කියන එකයි මගේ මතය. ඕනෑවට වඩා කොටට ඇඳගෙන බස් එකේ යනකොට අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති වෙනවා. එහෙම ප්‍රශ්න ඇති නොවෙන්නයි ඕන හරිනම්. ඒත් අපි යතාර්ථය ගත්තොත් අපිට එහෙම කරන්න බෑනේ. අන්න ඒක ඔලුවේ තියාගන්න ඕන.

මම මේ දවස් වල චැනල් සී එකේ චාට් ෂෝ එකේ ඇන්කර් කෙනෙක් විදියටත් වැඩ කරනවා. ඊට අමතරව ඉතින් මොඩ්ල් කෙනෙක් විදියට තියෙන වැඩ තමයි. අනාගතයේදී රංගනයට එකතු වෙන්නත් අදහසක් තියෙනවා.

Body Stats: 32, 27, 29
Height: 5’ 5’’
Eye color: Brown
Hair complexion: Black

Text
  • Pathum Punchihewa
Photography
  • Malaka Weligodapola
Graphics
  • Anushi Dantanarayana
Make up
  • Sandu Mallawa Arachchi  
2017-04-18-ent-912017-04-18-ent-922017-04-18-ent-93  2017-04-18-ent-952017-04-18-ent-962017-04-18-ent-972017-04-18-ent-982017-04-18-ent-992017-04-18-ent-1002017-04-18-ent-1012017-04-18-ent-102 
source Saravita

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot