Skip to main content

අතුල - සමිතාගේ දියණිය කවින්ද්‍යා අධිකාරී සිනමාවට - Photos

‘‘ඒ දෙන්නාගේ රසිකයන් මට ඒ විදිහටම ආදරය කරාවි..“
‘‘දිගටම සිනමාවේ ඉන්න එකක්‌ නැහැ..“
අතුල - සමිතාගේ දුව කවින්ද්‍යා අධිකාරී අපි දන්න විදිහට ගායනයෙන් තමයි ඉදිරියට එන්නේ. ඇය දැනටමත් ගීත කිහිපයක්‌ නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අපි මේ දැන් කියන්න යන්නේ කවින්ද්‍යාගේ අලුත්ම ගීතය ගැන නෙමෙයි. ඇගේ සිනමා ආගමනය පිළිබඳවයි.

කවින්ද්‍යා සිනමාවට එනවා කියලා තමයි ආරංචිය ?
ඔව්. ඒ ආරංචිය ඇත්ත.
මොකද ඒ ගැන හිතෙන්නේ ?
ඒ ගැන නම් ලොකු සතුටක්‌ තියෙන්නේ.
ඔබ මීට කලින් සිනමාවට එන්නේ නැහැ කියලා නේද කිව්වේ ?
ඔව්. එහෙම කිව්වා තමයි.
එහෙනම් ඇයි දැන් සිනමාවට එන්න අදහස්‌ කළේ ?
ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබුණ හින්දා තමයි ඒ අදහසට අන්තිමේ කැමැතිවුණේ.
කවින්ද්‍යාට ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබෙන්නේ. මේක ගොඩක්‌ දෙනෙක්‌ට ලැබෙන්නේ නැති අවස්‌ථාවක්‌?
අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්‌. මොකද ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන හදවතින්ම සතුටුවෙනවා. මොකද මම මේ ක්‍ෂේත්‍රයේ හිටපු නැති කෙනෙක්‌. හැබැයි අම්මා සිනමාවට සම්බන්ධවෙලා හිටියා. ඒ වගේම මගේ ප්‍රේක්‍ෂකයන් වගේම අම්මාගේ ප්‍රේක්‍ෂකයන් සිනමාවෙනුත් මාව වැළඳගනීවි කියලා විශ්වාසයක්‌ මට තියෙනවා.
ජයන්ත චන්ද්‍රසිරි මේ ආරාධනාව කරපු ගමන් ඔබ එක පයින් කැමැතිවුණාද?
මුලින්ම අම්මාට තමයි මේ ගැන කිව්වේ.
අම්මා මොකද කිව්වේ ?
අම්මා තමයි එකවරම කැමැති වුණේ. මොකද එවැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ මගේ පළමු සිනමා රංගනය සිදුකරන්න ලැබීම ගැන අම්මා ඇත්තටම සතුටුවුණා. අම්මා කැමැතිවුණ නිසා තමයි මමත් කැමැතිවුණා.
ඔබ මෙහි ප්‍රධාන භූමිකාව තමයි සිදුකරන්නේ ?
පොඩි බයක්‌ තියෙනවා. නැතිව නෙමෙයි. මොකද එක්‌වරම මේ වගේ විශිෂ්ට අධ්‍යක්‍ෂවරයකුගේ නිර්මාණයක ප්‍රධාන චරිතය ලැබෙනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙමෙයි. නමුත් එවැනි අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ ඉතා සැහැල්ලුවෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වේවි කියලා මගේ ලොකු විශ්වාසයක්‌ තියෙනවා.
අධ්‍යක්‍ෂවරයාට සාධාරණයක්‌ ඉටුකරන්න පුළුවන්වේවි කියලා හිතනවාද?
මට පුළුවන්වේවි කියලා හිතනවා.
කවින්ද්‍යාත් ඉදිරියේදී වෘත්තීය නිළියක්‌ වේවිද?
එහෙම අදහසක්‌ නැහැ. මම මුලිනුත් කිව්වානේ රඟපෑමට එන්නේ නැහැ කියලා. මේ වගේ ආරාධනාවක්‌ ඉවත දාන්න බැහැ. මොකද මට ලොකු ගෞරවයක්‌ ඒ වගේ අධ්‍යක්‍ෂවරයෙක්‌ සමග වැඩකරන්න ලැබීම. ඒ වුණාට සිනමා ක්‍ෂේත්‍රයට ඒවි කියලා කියන්න අමාරුයි. හැබැයි ගායනයෙන් ඉදිරියට යාවි.
ළඟදීම අලුත් ගීතයක්‌ කරන්න සූදානමින් ඉන්නවා කියන්නේ ඇත්තද?
ඔව්. ඒකත් ළඟදීම මියුසික්‌ වීඩියෝවක්‌ සමග දැකගන්න ලැබේවි.
ගායිකාවක්‌ විදිහට ක්‍ෂේත්‍රයේ රැඳෙන්න අවස්‌ථාව තිබිලත් නිළියක්‌ වෙන්න අවස්‌ථාව උදාවුණා. මොකද ඒ ගැන හිතන්නේ ?
මම හිතන්නේ අම්මත් පුංචි කාලේම තමයි මේ ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වුණේ. ඉතිං අම්මිත් ගීත ගායනා කරමින් පාසල් යමින් තමයි ක්‍ෂේත්‍රයට පිවිසුණේ. ඉතිං මට හිතෙනවා අම්මාගේ තාත්තාගේ රඟපෑමේ හැකියාවන් මට පොඩ්ඩක්‌ හරි ඇති කියලා.
පසුගිය කාලයේ කිව්වා අම්මත් එක්‌ක ගීතයක්‌ කරනවා කියලා. ඒ අදහසට මොකද වුණේ ?
දැන් මම ඒ ගැන කතා කරලා කතා කරලා දිග්ගැස්‌සෙනවා. ඒ හින්දා ඒ ගැන කතා නොකරම ගීතය කරලා එළිදක්‌වන්න තමයි හිතාගෙන ඉන්නේ.
දැන් අධ්‍යාපන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඈත්වෙලාද?
අධ්‍යාපන කටයුතු අවසන් කරලා සංගීත උපාධිය හදාරමින් ඉන්නේ. ඒ වැඩකටයුතු තමයි මේ දිනවල සිදුකරන්නේ.
සංගීතය ක්‍ෂේත්‍රයට සම්බන්ධවීම හොඳද? නරකද?
නරකක්‌ කියලා හිතෙන්නේ නැහැ. මොකද අම්මයි තාත්තායි වෘත්තීය ගායන ශිල්පීන්. එහෙම හිතෙන්නේ නැහැ.
අම්මා වගේ ලොකු ගමනක්‌ දුවට යන්න හැකිවේවිද?
දැනටමත් අම්මාගේ සහ තාත්තාගේ රසික රසිකාවියන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අම්මාගේ තරමට යන්න බැරිවුණත් ඒ ළඟට යන්න තමයි මගේ උත්සාහය.
අම්මාත් එක්‌ක එකතුවෙලා ප්‍රසංගයක්‌ කළොත් නරකද?
ඒ වගේ අදහසක්‌ මගේ හිතේ තියෙනවා. ඒ ගැන දැන්ම කතා කරන්න බැහැ. ප්‍රසංගයක්‌ කරන්න හොඳ සූදානමක්‌ තියෙන්න එපායෑ. ඒ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු.
කවින්ද්‍යා අතුල සමිතාගේ දුව වීම ගැන ?
විශිෂ්ට ගායන ශිල්පියෙක්‌ සහ ශිල්පිණියකගේ දුව වීම මට ලොකු ගෞරවයක්‌. මම විශ්වාස කරනවා ඒ දෙන්නාගේ රසිකයන් මට ඒ විදිහටම ආදරය කරාවි කියලා.
කවින්ද්‍යා මේ දිනවල ආදරය විඳීනවා කියන්නේ ඇත්තද?

අපි ඒ ගැන පසුවට කතා කරමුනේ.


SOURCE- Hiru Gossip

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot