Skip to main content

මමත් අඩනිරුවත් වෙලා තියෙනවා - දුෂේනි මියුරංගි

  
"මටත් එක එක ප්‍රශ්න ඇවිත් තියෙනවා.."
"ජනප්‍රිය නළුවෝ කිහිපදෙනෙක්ම ආදරේ ප්‍රකාශ කළා.."

මේ දිනවල පුංචි තිරයෙන් දකින්න ලැබෙන අහිංසකම චරිතය හැටියට දුෂේනි මියුරංගි කියන නවක නිළියව හඳුන්වන්න පුළුවන්.2015 වර්ෂයේ මෙරට රූ රැජිණ වුණෙත් ඇයයි. ලඟදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත රූ රැජිණ තරගයකටත් සම්බන්ධ වෙන්න ඉන්න දුෂේනි ගැන හිරු ගොසිප් කතා කරන්න හිතුවා. මේ දුෂේනි හිරුත් එක්ක කළ සංවාද සටහනයි.

මේ දවස්වල අලුත් තොරතුරු මොනවද කියලම කතා බහ කරමු..?
මම අලුත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. මේ නාට්‍ය දෙකේ වැඩකටයුතු දැන් ඉවරයි. ඒ නාට්‍ය දෙකම ලඟදීම විකාශය වෙයි.
පුංචි තිරයේදී වැඩිම ඉල්ලුම තියෙන්නේ අහිංසක පෙනුමක් තියෙන චරිත වලටද..?
ඔව්. මම රඟපෑ පළමු චරිතය අහිංසක යුවතියකගේ එකක්. ඒ චරිතය ජනප්‍රිය වෙනවත් එක්කම මට ගොඩක් නිර්මාණ ලැබුණා. ඒ හැම චරිතයක්ම අහිංසක චරිත. මගේ පෙනුමත් අහින්සකයිනේ. කොහොම නමුත් ඒ රාමුවෙන් මිදෙන්න නම් මමත් කැමතියි.
පෙනුම වගේම ඔබත් අහිංසකද..?
මමත් අහිංසකයි. ඒත් මට තරහා යනවා. තරහා ගිය වෙලාවට ගොඩක් ඉවසනවා. ඉවසගන්න බැරි වුණොත් නම් කෑගහනවා. මට වැඩිපුරම තරහා යන්නේ මගේ මල්ලී නිසා තමයි.
ඔබ රංගනයට එන්නේ අහම්බයෙන්. ගෙදරින් ලැබෙන සහයෝගය කොයි වගේද..?
අම්මයි තාත්තයි මල්ලියි මට ඉන්නේ. මේ අය මට ගොඩක් උදව් කරනවා. මගේ හැමදේකටම මාත් එක්ක එන්නේ අම්මා. තාත්තා මගේ හැම නිර්මාණයක්ම බලලා ඒවායේ හොද නරක කියනවා. මල්ලි නම් කියන්නේ මගේ වැරදිමයි.
අද සමාජයේ තියෙන තත්ත්වය හා රංගන ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න එක්ක දුවක්ව කලාවට යොමු කිරීම ගැන ඒ අයට අසතුටක් බයක් නැද්ද..?
අදටත් මම ගැන මගේ දෙමාපියෝ බයෙන් ඉන්නේ. මටත් එක එක ප්‍රශ්න ඇවිත් තියෙනවා. අම්මා මගේ ලගින් ඉන්න නිසා ඒ ප්‍රශ්නවලින් මම බේරිලා තියෙනවා. අසතුටක් නැහැ. සතුටුයි.
නවක නිළියන්ට අධ්‍යක්ෂකවරුන් කරන  අයුතු යෝජනාද ඔබට ප්‍රශ්නයක් වුණා කිව්වේ..?
මට නම් අම්මාගේ ආරක්ෂාව තියෙන නිසා ඒ වගේ බලපෑම් නම් ඇවිත් නැහැ. අපි හැසිරෙන විදිහ අනුව තමයි ඒ වගේ ප්‍රශ්න එන්නේ. මම දන්නවා මම ඉන්න ඕන විදිහ. අනිත් එක මම තවම හැමෝටම පොඩි එකෙක් වගෙයි. හැමෝම ආදරෙයි.
ඔබත් ජනප්‍රිය වෙන්න අඩනිරුවත් වෙනවද..?
මම නිරූපණ තරඟවලට අඩනිරුවත් වෙලා තියෙනවා. තරඟවලින් එහා මම අඩනිරුවත් වෙන්න කැමති නැහැ. මට අනවශ්‍ය විදිහට ශරීරය ආවරණය වෙන විලාසිතා කරන්න ගෙදරින් අවසර දෙන්නේ නැහැ. මමත් ආසයි පිළිවෙලට අඳින්න.
නිරූපණ ශිල්පිණියක් විදිහට ජාත්‍යන්තර තරඟවලට සම්බන්ධ වෙනවද කියලත් මතක් කරමු..?
ඔව්. ඉන්දියාවේ තියෙන තරගයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා.ලංකාව නියෝජනය කරමින්. ඒ පැජන්ට් එකට සම්බන්ධ වෙන්න මේ දවස්වල පුහුණුවීම් වෙනවා.
පෙම්වතියක්ද..?
තවම නැහැ. 
නළුවන්ගෙන් පවා ආදරයට ඇරයුම් ලැබෙනවාලු ඇත්තද..?
ඔව්. ජනප්‍රිය නළුවෝ කිහිපදෙනෙක්ම ආදරෙයි කිව්වා. ඒත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot