Skip to main content

අද කාලෙ Youtube නිසා ජනප්‍රිය වෙච්ච විවිධ පිරිස් ඉන්නවා

2017-05-30-ent-86
'ළංවෙලා' නම් අලුත් ගීතය මේ වන විට යූටියුබ් ජාලය තුළින් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතී. මෙම ගීතයේ ගායකයා නවකයෙකි. ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ Cover ගීතයක් හරහාය. මිල්ටන් මල්ලවාරච්චිගේ "ඔබ ගාව මම ඉන්නෙමි" නම් වූ එම ගීතය හරහා ක්ෂේත්‍රයට කලඑළි බැසි ඔහු සහන් චාමිකරයි. මේ කතා බහ ඔහු සමගිනි.

ඔබේ අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
2017-05-30-ent-87මගේ අලුත් ගීතයට මෙලඩි එක කළේ දිලුම් තේජන. සිංදුව ලිව්වේ මනුරංග විජේසේකර. අපි කට්ටිය කතා කරලා තමයි සිංදුව හැදුවේ. දිලුම්ගේ ස්ටූඩියෝ එකේ. රූපවාහිනී නාළිකා සහ ගුවන්විදුලි නාළිකා කිහිපයකටම ගීතය දීල තියෙනවා. දැන් ඒවායේ ප්‍රචාරය වෙනවා. යූටියුබ් සඳහාත් ගීතය එකතු කරලා තියෙනවා. ගීතය බලපු සහ අහපු අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ගායකයෙක් විදියට ඔබ ක්ෂේත්‍ර‘යට එන්නේ කොහොමද?
මම ගායකයෙක් විදියට එළියට එන්නේ යූටියුබ් ආර්ටිස්ට් කෙනෙක් විදියට. ඒ තුළින් ගත්ත පන්නරයෙන් තමයි මගේම දෙයක් නිර්මාණය කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. සමාජ ජාල වෙබ් අඩවි හරහා තමයි මාව මිනිස්සු දැනගත්තේ.

ඔබව බොහෝ දෙනෙක් හඳුනාගන්නට හේතුවූ ගීත ගැන නැවත මතක් කළොත්?
මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරන 'ඔබ ගාව මම ඉන්නෙමි' ගීතය COVER SONG එකක් විදිහට කරලා තමයි ජනතාව අතරට ආවේ. ඒ හරහා ලැබුණු පන්නරයෙන් තමයි මම ජනප්‍රිය වුණේ.

මේ ඔබේ කුළුඳුල් ගීතයද?
උසස් පෙළ කරලා අවසන් වෙලා රෝහණ වීරසිංහ සර් එක්ක ගීත 10කින් යුත් ගීත තැටියක් කළා. එය කළේ පාසලෙන්. එහි ගීත 6ක් පමණ මම ගායනා කරනවා. ඒ ගීත යොවුන් පරපුර වැඩි කැමැත්තක් නොදක්වන ගීත. ඒ නිසා ඒ ගීත රසිකයන් අතරට ගියේ නැහැ. මගෙම ගීත 4ක් විතර ඒ සංයුක්ත තැටිය තුළ තිබෙනවා. මාව දැනගත්තාට පස්සෙ කරපු පළමු ගීතය තමයි ළංවෙලා ගීතය. එහි වීඩියෝව කළේ ලක්ෂාන් හර්ෂණ වීරසිංහ කියලා දක්ෂ වීඩියෝකරණ ශිල්පියෙක්.

මේ වෙනකොට Youtube තුළ ජනප්‍රියත්වයක් හා රසික පිරිසක් ලබාගන්න අවස්ථාවක් හිමිවෙලා තියෙනවා. ඒ පිළිබඳව ඔබට හිතෙන්නේ කුමක්ද?
හොඳ නිර්මාණයක් කළත් අද මාධ්‍ය ආයතනයකින් එය ප්‍රචාරය කරගන්න මුදල් නැත්නම් අමාරුයි. සමහර මාධ්‍ය ආයතන මුදලට යටවෙලා තියෙන්නේ. අපි නිර්මාණයක් කළාම නොමිලේම මුදාහරින්න පුළුවන් මාධ්‍යයක් තමයි Youtube හා Facebook කියන මාධ්‍යයන් දෙක. කාර්යබහුල ජීවිතයත් එක්ක මිනිස්සු TV බලනවා අඩුයි. බස් එක්, Office එකේ ඉන්න ගමන් youtube, Facebook වීඩියෝ ඉක්මනින් බලන්න පුළුවන්. ඒ නිසා Social Media කියන එක ඕනම ආර්ටිස්ට් කෙනෙකුට උදව්වක්. අද කාලෙ වෙනකොට Youtube එක නිසා ජනප්‍රිය වෙච්ච විවිධ පිරිස් ඉන්නවා. මම හිතනවා හොඳ දක්ෂතාවයක් තියෙනවා නම් මාධ්‍ය කුමක් වුවත් ඉදිරියට යන්න පුළුවන් කියලා.

අද කාලෙ ගීතයේ වැඩි නැඹුරුතාවය තියෙන්නේ වීඩියෝවට, ගීතයකට වීඩියෝවක් නිර්මාණයේදී මේ ගැනත් හිතන්න වෙනවා නේද?
මම, මනුරංග අයියා, දිලුම්, ලක්ෂාන් ඇතුළු පිරිස බලන්නේ මාර්කට් වෙන්න නිර්මාණයක් කරන්න නෙවෙයි. අපේ රසිකයන්, ප්‍රේක්ෂකයන් 100 දෙනෙක් නම් ඒ 100 දෙනා සතුටු කරන විදියක් තමයි අපි බලන්නේ. ඕඩියෝ එකට වීඩියෝ එකෙන් සාධාරණයක් ඉටු කළා. ඒ සඳහා ගොඩක් මහන්සි වුණා. ගොඩක් කැපවීමෙන් මුදල් වියදම් කරලා කළේ හිට් වෙන්න බලාගෙන නෙවෙයි. මගේ රසිකයන්ට සාධාරණයක් ඉටුකරන්න.

මෙච්චර මහන්සි වෙන්නේ රසික පිරිසට සාධාරණයක් ඉටුකරන්නමද?
වීඩියෝ එක කියල දෙයක් තිබ්බොත් හැමෝටම දැකගන්න ලේසියි. රසිකයින් වුණත් අපිව අඳුනගන්නවා වීඩියෝව මගින්. නවක ගායකයෙක් විදියට මාව දන්න පිරිස අඩුයි. මේ මගේ පළමුවැනි මියුසික් වීඩියෝව. ඒ නිසා මම වීඩියෝ එක සඳහා වැඩි ඉඩකඩක් ලබා දුන්නා.

අද කාලේ ගීත රැල්ලක් තිබෙනවා. මෙයින් එහා ගිය නිර්මාණයක් කිරීමේදී යම්කිසි අභියෝගයක් තිබෙනවා නේද?
අනිවාර්යෙන්ම අභියෝගයක් තිබෙනවා. අපි ගීතයකින් අලුත් අත්හදාබැලීමක් කළොත් එය එකපාරටම රසිකයන් අතරට නොයන්න පුළුවන්. නමුත් එය වැලඳගන්නා පිරිසකුත් ඉන්නවා. කලක් ඇවෑමෙන් නිවැරදි සංගීතය අත්හදා බැලීම් කරලා නව දෙයක් රසිකයන්ට දුන්නාම ඔවුන් ආදරයෙන් වැලඳ ගනීවි කියලා මම හිතනවා.

ඉහත කී ක්ෂේත්‍රයන්ගෙන් ඔබේ වෘත්තිය වෙන්නේ මොකක්ද?
ඒක රසිකයින් වැලඳගන්නා විදියට තමයි. මම හොඳ නිර්මාණයක් කරලා, ලංකාවේ හිට්වෙලා මට ජාත්‍යන්තරය දක්වා යන්න ලැබුණොත් මම සංගීතය වෘත්තිය විදියට අනිවාර්යෙන්ම තෝරාගන්නවා. මට තවමත් වයස තියෙන නිසා මගේ ඉගෙනීම් කටයුතු සම්පූර්ණ කරගෙන ඒ අතරතුර සංගීත කටයුතු කරලා වෘත්තිය ලෙස ඉදිරියට එන එකක් තෝරාගන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ක්‍රීඩාව පැත්තෙන් මම වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයෙන් කියල කියන්නේ නැහැ. මම ක්‍රිකට් ක්ලබ්වල ක්‍රීඩාකරන ක්‍රීඩකයෙක් විදියට ගොඩක් අය මාව දන්නවා. ප්ලෑන් B එකක් විදියට තමයි මගේ ඉගෙනීම් කටයුතු මම කරගෙන යන්නේ.

ඔබේ ඉදිරි වැඩකටයුතු හා බලාපොරොත්තු මොනවාද?
ඉදිරියටත් මගේ යූටියුබ් වැඩකටයුතු ඒ විදියටම කරගෙන යනවා. තවත් ගීතයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේ ඉගෙනීම් කටයුතු අවසන් කරන්න ඕන. මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ සියලු වැඩකටයුතු සමබරව ගෙනයාම තමයි මගේ බලාපොරොත්තුව. මියුසික් කියන දේ නතර කරන්නේ නැහැ. ඉදිරියේදී තවත් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ ගමනේදී ඔබට අතහිත දුන් පිරිසක් ඇති. ඒ අය ගැනත් කියමු නේද?
අනිවාර්යෙන් අතහිත දුන් පිරිස අතර මගේ දෙමව්පියන් ඉන්නවා. මගේ පවුලේ හැමෝම, මගේ නංගි, ආච්චි ඇතුළු පිරිස. මම දෙයක් කළොත් මුලින්ම ගිහින් පෙන්වන්නේ ආච්චිට, අම්මාට, තාත්තාට. මගේ විදුහල්පතිතුමා A.G. සිරිසේන මහත්මයා මතක් කළ යුතුයි. මේ කිසිදෙයක් මම තනියම ගොඩනගා ගත්ත දේවල් නෙවෙයි. මට අතහිත දුන් මගේ යහළුවන් පිරිසක් ඉන්නවා. එය නම් වශයෙන් කිවයුතු නැහැ. ඔවුන් පිරිස එය දන්නවා. මට වචනයකින් හරි උදව් කළ පිරිසක් ඉන්නවා නම් ඔවුන් මතක් කළ යුතුයි.

ඩිලාන් ක්‍රිෂාන්ත

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot