Skip to main content

පසුගිය දේ ගැන හිතලා පසුතැවෙන්නේ නැහැ -අඹ යාළුවෝ හි සුනිල්


"රංගනයට හැමදාමත් ආරාධනා ලැබෙනවා.."
"දැන්මම ලංකාවට එන්නේ නැහැ.."
කලා නිර්මාණ අතරේ මතක හිටින නිර්මාණ වගේම චරිත තියෙන්නේ අතලොස්සයි. ඒ අතරේ ‘අඹ යාළුවෝ ‘ටෙලි නාට්‍යය ඒ කාලේ වගේම අදටත් කාගේත් හිත්වල රැදිලා තියෙනවා. අඹ යාළුවෝ හි සුනිල් කියන්නේ දඟකාර කොලු ගැටයෙක්. ඔහුගේ චරිතයට පණ පෙව්වේ රසික පෙරේරා. කලාවත් එක්ක ගැටුණේ නැති වුණත් රසිකව තවමත් කාටත් මතකයි. ඔහු වගේම ඔහුගේ බිරිද දැන් විදෙස් රටක ජිවත් වෙන්නේ. පසුගියදා පුංචි නිවාඩුවකට රසික බිරිද දුලංගි එක්ක මෙරටට පැමිණියා. ඔවුන්ගේ විස්තර පුවත්පතක සදහන් වෙලා තිබුණේ මේ විදිහටයි.

ඔබ දෙදෙනා හදිස්සියේම ලංකාවට ආවේ ඇයි?
මම රැකියාව කරන්නේ සෞදියේ. මේ දවස්වල සෞදි ජාතිකයන්ට රාමසාන්. සුමාන දෙකක් විතර අපිට ඒ වෙනුවෙන් නිවාඩු ලැබෙනවා. එනිසා සුමාන දෙකක් විතර ලංකාවේ ඉන්න බලාගෙන තමයි මෙවර ආවේ. සාමාන්‍යෙයන් සෞදිආරබියේ නිවාඩු ලැබෙනවා අඩුයි. තරමක් හෝ ලැබෙන්නේ රාමසාන්වලට විතරයි.
ඔබේ රැකියාවේ තොරතුරුත් දැනගන්න කැමැතියි?
මම තේ රසපරීක්ෂකවරයෙක් විදිහට වැඩ කරනවා. මොකද මම සේවය කරන ආයතනයට විවිධරටවල විවිධ තේවතුවලින් විවිධ වර්ගයේ තේ ලැබෙනවා. මේ වායේ තත්ත්වයන් මත එම තේවර්ග මිශ්‍ර කරමින් තේ රෙසිපි නිර්මාණය කිරීමත් මගේ කාර්යයෙන් කොටසක්.
ඔබගේ ආදරණීය බිරිය ගැනත් දැන ගන්න කැමැතියි?
ඇය දුලංගි. අපි දෙන්නම ජීවත්වන්නේ සෞදියේ. ඇය තවමත් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා. ඇය ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ උපාධිධාරිනියක්. මේ වන විට ඒ විෂයෙන් පශ්චාත් උපාධිය හදාරලා එහි අවසන් නිබන්ධනය ලියමිනුයි ඉන්නේ.
පිටරටක ගෙවන ජීවිතේ දැනෙන්නේ කොහොමද?
පිටරටක ජීවත් වෙනකොට ලංකාවෙ ඉන්නව වගේ කොහෙත්ම නැහැ. ලංකාවෙ නම් අපිට හැමදෙනාම ඉන්නවා. කොතන දැක්කත් කවුරුත් හොඳීන් අඳුනනවා. මඟතොටේ දී කතාබහ කරනවා. ඒත් පිටරටක දී එහෙම නැහැ. අපි දෙන්නට ඉන්නේ අපි දෙන්නා විතරයි. හැමදේම අපි දෙන්නා වසින්ම එකිනෙකාට උදව් කර ගනිමින් ඉටු කර ගත යුතුයි.
දුලංගි ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොනවගේද?
ඇයගෙන් මගේ හැමදෙයකටම ලොකු සහයෝගයක් ලැබෙනවා. ගෙදර දොරේ කටයුතු නිසිලෙස කළමනාකරණය කර ගනිමින් ඇය හැමදේම සොයාබලනවා. විශේෂයෙන් මගේ රැකියාව අනුව මම තරමක් කාර්යබහුලයි. එනිසා ගෙදර රැදෙන්න, ඒ කටයුතු සොයා බලන්න විවේකය හරිම අඩුයි.උදේ පාන්දර රැකියාවට ගියාම මම ගෙදර එන විට සවස් වෙනවා. කිලෝමීටර් 40ක් 45ක් විතර ගෙදර ඉදන් සේවා ස්ථානයට ගිහින් එන විට දවස ගෙවිල ඉවරයි. ඒ සියල්ල ඇය අවබෝධ කරගෙන මගෙත් එක්ක හරිම සෙනෙහසින් ජීවත් වෙනවා.
සෞදිය වගේ රටක රැකියාව කරන්න ලැබීම ගැන සතුටුද?
සෞදිය කියන්නේ සාමකාමී රටක්. ඒ රටේ නීතිය හරිම තදයි. නීතියට කිසිම විටෙක තරාතිරම බලන්නේ නැහැ. නීතිය හැමදෙනාටම පොදුයි. නීතිය කැඩුවොත් දඩුවම් ලැබෙනවා. මරණීය දණ්ඩනයට පවා ලක්වෙනවා. ඒ සමාජය ගත්තාම අපරාධ සෑහෙන්න අඩුයි. උදාහරණයක් මම කියන්නම්.ඒ රටේ හැම තැනම වගේ අවන්හල් තිබෙනවා. ඒ ඕනම අවන්හලකට ගිහින් කෑම ගන්න පුළුවන්. කෑම කලා කැෂියර් එකට මුදල් ගෙවන්න කවුරුත් කොච්චර කෑම ගත්ත ද කියල හොයන්නෙ නැහැ. අපිට අඩුවෙන් වුණත් ගෙවන්න පුළුවන්. නමුත් එහෙම කවුරුත් කරන්නෙ නැහැ. ඒතරමටම කවුරුත් විශ්වාසය කියන දේ එරටේ රකිනවා. ඒ විදිහට සෞදියේ සමාජය හැදිල තිබෙනවා. නීත්‍යානුකූලව කටයුතු කරනවා.
ඔබ දෙදෙනා ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද?
ගොඩක් දුරට ලංකාවට එන්න බලාපොරොත්තුව තමයි ඉන්නේ. නමුත් තවමත් මගෙ කන්ට්‍රැක්ට් එක ඉවර නැහැ. කොහොමත් තව කාලයක් පිටරට ඉදල පසුව ලංකාවට එන්නයි හිතාගෙන ඉන්නේ.
ඔබට දුලංගි ගැනත් කියන්න දේවල් ගොඩක් ඇති?
දුලංගි සහ මගේ අදහස් ගොඩක් දුරට සමානයි. පවුලු ජීවිතයේ දී දෙදෙනාම සාමුහිකව එක් මතයකට වැඩ කළ යුතුයි. අපි දෙන්නා ජීවිතයට එන හැම දෙයක් ගැනම සාකච්ජාකරලා හොවයිදිහට තමයි තීරණ ගන්නේ.
දුලංගි මොන වගේ කෙනෙක්ද?
ඇයට හොඳීන් කෙනෙක්ව තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ ශක්තියෙන් ඇය ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම මම ඇගෙන් දැක්ක තව දෙයක් තමයි සතුන්ට තිබෙන ආදරය කරුණාව. අපි ජීවත් වෙන නිවෙස අවට පූස් පැටවුන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඇය උදේ සවස උන්ට කන්න බොන්න දෙන හැටි දකින්නේ මමයි. ඇය ගැන මට ගොඩක් සතුටුයි.
ඔබේ රගපෑම්වලට බිරිගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇය පුංචිකාලෙ ඉඳලම මගේ රසිකාවක්. ‘අඹ යාළුවෝ‘ටෙලි නාට්‍යය ඇය නරඹා තිබුණා. අදටත් ඒ ගැන මතක් කරනවා. ඒ වගේම කලා කටයුතුවලට ඇය මව දිරිමත් කරනවා. ඒ රංගනයන් අගය කරනවා.
දුලංගි වැනි බිරියක් ලැබීම ගැන සතුටුද?
මං හිතන්නේ මගේ ජීවිතයේ වෙනසක් සිදු වුණා ඇය නිසා. මම ගොඩක්ම කාර්යබහුල කෙනෙක්. ඒ කාර්යබහුලත්වයත් සම මාව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. දුලංගි මාව හොඳීන් තේරුම් ගෙන තිබෙනවා. මගේ වැඩකටයුතු වලට ඇය නිතර සහාය වුණා. එහෙම බලන විට මගේ ජීවිතය දියුණු වුණා.
විවේකයක් ලැබුණම ඔබ දෙදෙනා මොකද කරන්නේ?
සෞදියේ ගොඩක් ලස්සන තැන් තියෙනවා බලන්න යන්න. ඒවගේම විශාල ෂොපින්ග් මෝල්ස් තිබෙනවා. ඒවායේ අපි දෙන්නත් එක්ක ෂොපින් කරන්න යනවා. එහෙම නැතිනම් විවිධ රටවල මිතුරු මිතුරුයන් රැසක් අපිට ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා විනෝද වෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් නම් ගහනවා.
කෑම බීම සැකසෙන්නේ දුලංගි අතින් වෙන්න ඇති? 
මම ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ රසිකගේ ආදරණීය බිරිය දුලංගියි.
සාමාන්‍යයෙන් ලංකාවෙ විදිහටම කෑම බීම මගේ අතින් තමයි සැකසෙන්නේ. උදේ පාන්දර නැගිටලා රසිකට මගේ අතින්ම මම කෑම හදලා දෙනවා. රසික නම් හුඟක් කැමැති පරිප්පු කන්න තමයි. ඒ හින්දා අපේ ගෙදර පරිප්පු කරිය නම් වරදින්නේ නැහැ.
දුලංගි කලාවට නැඹුරු නැත්ද?
ඇයටත් ඉතාම හොඳින් කලාව පිහිටලා තිබෙනවා. දුලංගිට ලස්සනට සිංදු කියන්න පුළුවන්. නර්තනයත් හොඳීන් පුළුවන්. ඇය ඒ අංශවලින් ඉදිරියට යන්න කැමැති නම් මම මගේ සහාය ඇයට නිබඳවම ලබා දෙනවා.
යළිත් ඔබ රංගනයට එක් වෙන්න අදහසක් නැත්ද?
රංගනයට නම් හැමදාමත් වගේ ආරාධනා ලැබෙනවා. ඒත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කිරීම අවශ්‍යයි. එයට කාලයක් සොයා ගන්න මට අපහසුයි. නමුත් මගේ මිතුරා අශේන්ගේ ඒකාංගික ටෙලිනාට්‍ය කිහිපයකට මම ආරාධිත රංගනයෙන් දායක වුණා. ඒවාටත් ලංකාවට ඇවිත් රඟපාලා ඊළඟ මොහොතේ ෆ්ලයිට් එකේ නැගලා රැකියාවට යන තරම් කාර්යබහුලව තමයි දායක වුණේ. නමුත් අපි දෙදෙනා චිත්‍රපටයක් නිර්මාණය කරන්න අදහස් කරගෙන හිටියා. ඉදිරියේ දී ඒ කටයුතු වෙනුවෙන් යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ජීවිතේ ගැන ආපසු හරීබලත් දී ඔබට දැනෙන දේ?
මම ජීවිතේ සිදුවෙන හැම සිදුවීමක් දෙසම බලන්නේ සුබවාදීව. පසුගිය දේ ගැන හිතලා පසුතැවෙන්නේ නැහැ. මම තදින්ම විශ්වාස කරන්නේ ජීවිතේ හැම දෙයක්ම සිදුවෙන්නේ අපේ හොඳටයි කියන එක. අපි ඉන්න ඕන තැනට අපේ ජීවිතේ අපිව ගෙනෙනවා. කාලයත් සමඟ අපිට හැමදේම තේරුම් ගන්න පුළුවන්.
ඔබ දෙදෙනාගේ තුරුළට තුන්වැන්නෙක් එක් කරගන්න අදහසක් නැතිද?
ඒ හැම දේටම අපි දෙනො කාලයට ඉඩ දීලයි තිබෙන්නේ. වියයුතු නිසි කලට ඒ දේවල් ඉටුවේවි.
ඔබ දෙදෙනාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

ගොඩක් බලාපොරොත්තු නම් නැහැ. නමුත් අපේ ජීවිත අර්ථවත් ලෙස සෙනෙහසින් ගත කරලා ලංකාවට කරන්න පුළුවන් සේවයක් හදවතින්ම ඉටුකරන්නයි බලාපොරොත්තුව.

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...