Skip to main content

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නිවුන් දරුවන්ගේ ඡායාරූප ප්‍රථම වරට මාධ්‍යයට

රියල් මැඩ්රීඩ් පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම නිවුන් දරුවන් දෙදෙනාගේ ප්‍රථම ඡායාරූපය සමාජජාල වෙත මුදාහැර තිබේ. 

32 හැවිරිදි වියේ පසුවන ක්‍රිස්ටියානෝ වෙනත් කාන්තාවකගේ ගර්භාෂයක් කුලියට ගනිමින් මෙම දරු දෙදෙනාට මෙළොව එළිය දැකීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, දරුවන් මෙළොව එළිය දකින තුරුම එය රහසක් සේ පැවතුණි. 

පෘතුගාල පාපන්දු කණ්ඩායමට නායකත්වය දෙමින් ෆිෆා කන්ෆඩරේෂන්ස් කුසලානය වෙනුවෙන් රුසියාවේ පැවැත්වෙන පාපන්දු තරගාවලියට සහභාගී වීමට පෙර ඔහු මේ ආකාරයෙන් තම දරු දෙදෙනා සමග එකට හිඳ ඡායාරූපය ලබාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. 

සිය ෆේස්බුක් ගිණුමේ මේ ඡායාරූපය පළ කරමින් "අවසානයේදී මා පළමු වතාවට මගේ දරුවන් සමග එකතු වුණා" යැයි පවසා ඇති රොනාල්ඩෝ, සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමටද ඡායාරූපය එකතු කරමින් "මගේ ජීවිතය එකතු වූ අලුත් ආදරයන් වැළඳ ගැනීමට ලැබීම පුදුමාකාර සතුටක්" යැයි සඳහන් කර ඇත. 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot