Skip to main content

මිලියන 40යි - මිල දී අරන් පැයයි - Ferrari රථය අළු වෙයි

පවුම් ලක්ෂ දෙකක (රුපියල් මිලියන 40 ආසන්න) වටිනාකමින් යුත් අලුත්ම ෆෙරාරි මෝටර් රථයක් මිලදී ගෙන පැයක් ගත වෙත්ම අනතුරට ලක් වීමේ පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ.

අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ රථය රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් පිටතට පැන අනතුරට ලක්ව තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා (ජුලි 27) සවස සවුත් යෝක්ෂයර් ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමත් සමග Ferrari 430 Scuderia වර්ගයේ රථය ගිනි ගෙන විනාශ විය.
මාර්ගයෙන් පිටතට පැන ඉවුරකින් මීටර 50 පෙරළී අනතුරට පත් රථයේ ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයන් කැඳවා ඇත.
සිය නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් පළ කරමින් සවුත් යෝක්ෂයර් පොලිසිය කියා සිටියේ " කුමන වර්ගයේ මෝටර් රථයක් ද ඔබට තිබුණේ කියලා
පොලිස් නිලධාරීන් ප්‍රශ්න කළ විට, ඒක ෆෙරාරි එකක් යනුවෙන් ඔහු පිළිතුරු දුන්නා" යනුවෙනි.

"මම මේක මිල දී ගත්ත විතරයි. පැයකට කළින් අරන් ආවේ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot