Skip to main content

හීනයක්ද මේ.." ටෙලිනාට්‍යයේ ස්වේතා ඇය ගැන කියන්නේ මෙහෙමයි.."


හිරු රූපවාහිණියේ සතියේ දිනවල රෑ 9ට විකාශය වන "හීනයක්ද මේ.."ටෙලිනාට්‍යට ස්වේතා වුණු Drashti Dhami ඉන්දියානු ජාතික පුවත්පතකට ඇය ගැන  කතා කරලා තිබුණා.එය පරිවර්ථනය කර හිරු ගොසිප් තුලින් පළ කරන්න අපි කල්පනා කළා. ඇය ඉන්දියාවේ රංගන ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් හැටියටයි  හදුන්වා දෙන්නේ. වර්ෂ නවයක් කලාවත් එක්ක එකතු වෙන ඇය නිළියක් වගේම නිරුපිකාවක් හා දක්ෂ නර්තන ශිල්පිණියක්.මේ ඇය ගැනයි.


ඔබ සාර්ථක මෙන්ම ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක්. ඇතැම් විට රංගන ක්ෂේත්‍රය අනාරක්ෂිතයි. ඒ තුළ ඔබ ආරක්ෂිතව කටයුතු කරන්නේ කෙසේද?
ඕනෑම වෘත්තිකයෙකුට දැනෙනවා තමන්ගේ  වෘත්තියෙදී තමන් අනාරක්ෂිතයි කියලා. මටත් දැනෙනවා එහෙම. නමුත් මම මගේ ආරක්ෂාව මම විසින්ම හොයා ගන්නවා.මගේ පවුල තුළ හොඳ සහයෝගයක් ලැබෙනවා. නිදහසේ මගේ වැඩ කරගන්න.ඒ වගේම  මගේ මිතුරන් වන සානා ඉරානි සහ නිකුල් මෙතාත් විතරක් නෙමෙයි බොහෝ නළු නිළියන් හොඳින් දන්නවා. මගේ පැවැත්ම හදා ගන්න ඕන මගේ දක්ෂතාවයෙන් මිසක් වෙන කෙනෙකුගේ උදව්වෙන් නෙමෙයි. ඒ නිසා මගේ රස්සාවේදී මගේ පැවැත්ම හදා ගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රංගනයේදී මගේ රාජකාරිය කරන්න නළු නිලියන්ගෙන් සහයෝගය ලැබෙනවා. ඒ නිසා මම සතුටින් කලාවේ යෙදෙනවා.
නව නිර්මාණයක් භාර ගැනීමට හෝ අත්සන් කිරීමට පෙර ඔබ අනුගමනය කරන නිර්ණායක කුමක්ද?
නිර්මාණයකට සම්බන්ධ වෙමින් ඉන්නකොට මට කොපමණ ආරාධනා ලැබුණත් වෙනත් නිර්මාණයකට මම ඒවා භාර ගන්නේ නැහැ මට කරන්න පුළුවන් වපසරියක් කාලයක් නැත්තම්. මුලින්ම මම බලන්නේ නිර්මාණයක් කරන අතරතුරදී තවත් එකක් කරන්න පුලුවන්ද කියලයි. නිර්මාණයක් භාර ගන්න කලින් වැඩක ඉන්නේ නම් ඒ ගැන කියලා අවශ්‍ය වෙලාව වෙන් කරගන්නවා. අධ්‍යක්ෂකවරයා එක්ක නිර්මාණය ගැන කතාබහ කරනවා. චරිතයට පනපොවන්න මට පුළුවන් නම් මන් ඒ නිර්මාණය භාර ගන්නවා. හොද චරිතයක් වෙන්න ඕන. 
ඔබ ඔබේ වෘත්තියට සාධාරණයක් කරනවා කියලා ඔබ හිතනවාද. රංගනයට ආ මුල් අවධිය හා මේ අවධිය ගැන ඔබ මොකද කියන්නේ..?
මුල් කාලෙට වඩා මගේ රංගන පරාසය දැන් දියුණුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම මගේ රැකියාව තුල සතුටු වෙනවා. උපරිමයෙන් සාධාරණයක් කරනවා නිර්මාණවලට.මගේ රැකියාවට හෝ මගේ පෞද්ගලික ජීවිතයට පැමිණෙන විට, එය පටලවා ගන්නේ නැහැ. සමබරව කරගෙන යනවා. මගේ සන්තෝෂය ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ.ඒ තරම්ම මම මගේ රැකියාවටයි පුද්ගලික ජිවිතෙටයි ආදරෙයි.
ඔබ නව නිර්මානයක  වැඩ භාර ගෙන එය පටන්ගන්න විට කලබල වනවාද?
මම  නිතරම බයට පත්වෙනවා නිර්මානයක වැඩ පටන් ගන්න විට. සෑම  දර්ශනයක්ම කළ පසුව එය ඊට වඩා කරන තිබුණා කියලා මම ඔහේ කියවනවා. කනස්සල්ලට පත් වෙනවා.නමුත් විකාශ  වෙද්දී මම එය වැලඳගන්නවා. මම මාස කිහිපයක් වැඩ කළේ නැහැ. ඒ නිසා මට යම් යම් දේවල් අමතක වෙලා තිබුණා. මම චරිතය හරියට කරන්නේ නැහැ කියලා හිතුණා. යලිත් වැඩ කරගෙන යද්දී නිර්මාණයට සම්බන්ධ වුණු ප්‍රවීණයින් කිව්වා දුක් නොවී ඉක්මනට යථාතත්වයට පත් වෙන්න කියලා. එහෙම දේවලුත් මට වෙනවා.
ඔබ නිළියක් විදිහට සාර්ථක වෙන්න අනුගමනය කරන්නේ මොනවාද..?
මම වැඩක් කරන්න කලින් මුලින්ම ඒ ගැන අධ්‍යනයක් කරනවා. රගපෑම ඉගෙන ගත්තා. ඉතිං වැඩේ ගැන විතරක් අවධානය යොමු කරන්න හා නාට්‍යක වැඩ කරද්දී  වෙනත් නාට්‍යකට සම්බන්ධ නොවන්න වග බලා ගන්නවා. ඒක තමයි මගේ රංගනයේ රහස.
පසුගිය වසර කිහිපය තුළ ඔබ අඛණ්ඩව වැඩ කළා. දැනුත් කාර්යබහුලයි. වෙහෙසක් දැනෙන්නේ නැද්ද..?
කොහෙත්ම නැහැ. මම සතුටින් වැඩ කරන්නේ. මම රැකියාවට ආදරෙයි.
කාර්ය බහුලකම එක්ක පුද්ගලිකත්වය පවත්වාගෙන යාම පහසුද?

මොන දේ කළත් මම සාර්ථකව පුද්ගලික ජිවිතේ පවත්වාගෙන යනවා. කොයිතරම් කාර්ය බහුල වුණත් පුද්ගලිකත්වය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා අපි දන ගන්න ඕන. මම සෑහෙන කාලෙක ඉදලයි මෙයට හුරු වුණේ.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot