සිඳු තමයි දීර්ඝ ටෙලි නාට්‍යක් හැටියට මං රඟපෑ පළමු ටෙලි නාට්‍යය. එහි ගයනි කියන්නෙත් ප්‍රධාන චරිතයක්. ඒක හින්දා ලොකු ජනප්‍රියත්වයක් ලබන්නට මට පින් තිබුණා. පාරට බැස්සාම තමයි ඒ ජනප්‍රියත්වය කොතෙක්ද කියලා මට දැනෙන්නේ. මේ ළඟදී දවසක අනුරාධපුරය ගිය වෙලාවක මාත් එක්ක සෑහෙන්න පිරිසක් ෆොටෝ ගත්තා. මේ සෑම දෙයක්ම සිදු නිසා.
* සිඳු නාට්‍යහි ප්‍රධාන යොවුන් නිළි චරිත දෙකක් තියෙනවා. එකක් ඔබ නිරූපණය කරන ගයනි. අනෙක් චරිතය තෙරුණි. එයට පණ පොවන්නේ මනිෂා. කවුද ඔබ දෙපොළ අතරින් වඩාත්ම ජනප්‍රිය?
මනීෂා තරම් මං වැඩිය නිර්මාණවල නැහැනෙ. ඉන්නේ සිඳු නාට්‍යහි විතරයි. නමුත් අපි දෙන්නම එකසේ ජනප්‍රියයි. දෙන්නගෙන් එක් අයකුට වැඩි ජනප්‍රියත්වයක් නැහැ.
මනීෂා තරම් මං වැඩිය නිර්මාණවල නැහැනෙ. ඉන්නේ සිඳු නාට්‍යහි විතරයි. නමුත් අපි දෙන්නම එකසේ ජනප්‍රියයි. දෙන්නගෙන් එක් අයකුට වැඩි ජනප්‍රියත්වයක් නැහැ.
* ඒත් ඔබ රඟපාන්නේ නපුරු චරිතයක් නේද? එවන් වු චරිත ජනප්‍රිය වෙනවා අඩුයි?
මිනිස්සු මාව වටකර ගන්නේ බැන බැන. දිලුම් අයියගේ ඇඟේ එල්ලෙන්න හදනවා නේද කිය කිය අහනවා. ඉතින් ඒ චරිතය ජනප්‍රිය නැහැ කියලා කියන්න බැහැනෙ.
මිනිස්සු මාව වටකර ගන්නේ බැන බැන. දිලුම් අයියගේ ඇඟේ එල්ලෙන්න හදනවා නේද කිය කිය අහනවා. ඉතින් ඒ චරිතය ජනප්‍රිය නැහැ කියලා කියන්න බැහැනෙ.
* පොඩි වයසකින් හා හාපුරා කියලා නපුරු චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවන්නට බය හිතුණේ නැතිද?
මං මුලින්ම දැනගෙන හිටියේ නැහැ ගයනි කියන්නේ නපුරු චරිතයක් කියලා. නපුරුයි වගේම සැරයි. පිටපත ලැබුණට පසුව මං පළමුව කියව්වේ මට අදාළ සීන් ටික පමණයි. එතකොට ගයනි කියන්නේ මෙච්චර නපුරු චරිතයක් කියලා දැනුණේ නැහැ.

* බැරි වෙලාවත් ඔබ දැනගෙන හිටියා නම් ගයනි කියන්නේ නපුරු චරිතයක් කියලා ඔබ එය බාරගන්න එකක් නැහැ?
එහෙමමත් කියන්න බැහැ. මං අසාවෙන් පසු වුණා දැනෙන්නට රඟපාන්න හැකි චරිතයක් කරන්න. ඒක නපුරු ද හොඳ ද කියන එක මට අදාළ වුණේම නැහැ.
එහෙමමත් කියන්න බැහැ. මං අසාවෙන් පසු වුණා දැනෙන්නට රඟපාන්න හැකි චරිතයක් කරන්න. ඒක නපුරු ද හොඳ ද කියන එක මට අදාළ වුණේම නැහැ.
* දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකවේ නට නට හිටපු පුංචි කෙල්ල එක පාරටම රඟපාන්න ආවේ කොහොමද?
මං ලිට්ල් ස්ටාර් සමග එකතු වන්නේ 2008 දී. එම තරගාවලියේ ජනප්‍රියතම තරුව වන්නේ මම. නර්තනයට තමයි මගේ හැකියාව තිබුණේ. වැඩිපුරම හිත රිදුණෙත් නටන්න ගිහිල්ලා. ඒ සිදුවීම හින්දයි අද මං නිළියක් වුණේ.
මං ලිට්ල් ස්ටාර් සමග එකතු වන්නේ 2008 දී. එම තරගාවලියේ ජනප්‍රියතම තරුව වන්නේ මම. නර්තනයට තමයි මගේ හැකියාව තිබුණේ. වැඩිපුරම හිත රිදුණෙත් නටන්න ගිහිල්ලා. ඒ සිදුවීම හින්දයි අද මං නිළියක් වුණේ.
* අකමැත්තෙන් වුවත් ඒ අහිමිරි අත්දැකීම දැනගන්නට ඔබේ ප්‍රේක්ෂකයින් කැමැති වේවි?
ඇත්තම කිව්වොත් මං ඒ අත්දැකීම මතක් කරන්නවත් කැමැති නැහැ. ඒත් අහපු නිසා කියන්නම්. මං හරිම ආසයි නර්තනයට. ඒ කැමැත්ත හින්දම එක්තරා නාලිකාවක නිර්මාණ තරගාවලියකට එකතු වුණා.
මට තිබුණු අයිටම් එකට සාධාරණය ඉටු කරන්න දිවා රෑ නොබලා ප්‍රැක්ටිස්වලට සහභාගි වුණා. අවසානයේදී එම තරගාවලියදා එක් අයිටම් එකක් ඉවරවෙලා අනෙක් අයිටම් එකට සූදානම් වෙනකොට මට විතරක් අවශ්‍ය ඇඳුම දුන්නේ නැහැ. අනෙක් ඔක්කොටම ඇඳුම ලැබුණා. මට නැහැ. එදා අම්මත් මගෙත් එක්ක හිටියේ නැහැ.
රත්නපුරයේ මගේ ගමේ ඉඳලා මේ වෙනුවෙන්මයි මං කොළඹ ආවේ. එච්චර කැප කිරිමක් කරලා අන්තිමේ මම ආසාවෙන්ම හිටපු අංගයෙන් මාව කපලා දැම්මා. මං එවලෙම අම්මට කෝල් එකක් ගත්තා. 'පුතේ ඔයා දැන් නටන්න හැදුවේ ජනප්‍රිය නිළියක් වටේනෙ. ඒකනෙ ඔයාව කපලා දැම්මේ, ඔයා කවදා හරි ජනප්‍රිය නිළියක් වෙන්න. එතකොට ඔයා වටේ අනෙක් අය නටයි' අම්මා එහෙම කියලා මගේ හිත හැදුවා. එදා ඉඳලා මං දැඩි ලෙස අධිෂ්ඨාන කරගත්තා මං කවදා හරි ජනප්‍රිය නිළියක් වෙනවා කියලා.
* ඒ හීනය සැබෑ කර ගනිමින් නේද ඔබ මේ සිටින්නේ?
ඔව්. හීනයෙන් දශමයයි තවමත් ඉටු වුණේ.
ඔව්. හීනයෙන් දශමයයි තවමත් ඉටු වුණේ.
* ජනප්‍රිය නිළියක් වෙලත් ෆේස්බුක් ගිනුමක් නැත්තේ ඇයි?
මට හිතෙනවා ඒක අනවශ්‍ය දෙයක් කියලා. චැට් කරන්න නම් ආසම නැහැ. ඒ වගේ දේවල්වලට හිත යොමු කරනවාට වඩා හොඳයි අර්ථවත් යමක් ඒ කාලය තුළදී කරන එක.
මට හිතෙනවා ඒක අනවශ්‍ය දෙයක් කියලා. චැට් කරන්න නම් ආසම නැහැ. ඒ වගේ දේවල්වලට හිත යොමු කරනවාට වඩා හොඳයි අර්ථවත් යමක් ඒ කාලය තුළදී කරන එක.
* ඔබේ කොණ්ඩය ගැන ඔබ ආඩම්බරයෙන්ද ඉන්නේ?
අනිවාර්යෙන්ම මේ කොණ්ඩය තමයි මට වාසනාව ගෙනාවේ. නර්තනයේ යෙදෙන කාලයේ කොණ්ඩෙ කර්ල් අංජු කියලයි මට කතා කළේ.
අනිවාර්යෙන්ම මේ කොණ්ඩය තමයි මට වාසනාව ගෙනාවේ. නර්තනයේ යෙදෙන කාලයේ කොණ්ඩෙ කර්ල් අංජු කියලයි මට කතා කළේ.
* එතකොට ඔබේ උස?
උස නම් මදි තමයි. ඒත් මොනවා කරන්නද. සෑහීමකට පත්වන්නම වෙනවනෙ.
උස නම් මදි තමයි. ඒත් මොනවා කරන්නද. සෑහීමකට පත්වන්නම වෙනවනෙ.
* ඔබ මේ වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. ඒ ගැනත් සඳහනක් කළොත්?
කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමාව සහ රූපවාහිනිය කියන විශේෂවේදී උපාධිය හදාරමින් මා සිටින්නේ. ඉගෙන ගන්න ගමන් තමයි කලාවේ නියැළෙන්නේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමාව සහ රූපවාහිනිය කියන විශේෂවේදී උපාධිය හදාරමින් මා සිටින්නේ. ඉගෙන ගන්න ගමන් තමයි කලාවේ නියැළෙන්නේ.
* ඔබේ ගම රත්නපුර කියලා එක තැනකදි සඳහනක් කළානේ. ඒ හින්දා ඉගෙන ගත්තු පාසල සහ උපන් දිනය කිව්වොත් ඇති?
මං ඉගෙන ගත්තේ රත්නපුර සුමන බාලිකාවෙන්. මගේ උපන් දිනය 1996 08. 12.
මං ඉගෙන ගත්තේ රත්නපුර සුමන බාලිකාවෙන්. මගේ උපන් දිනය 1996 08. 12.
* ඔබ පෙනුමෙන් ටිකක් නපුරු පාටයි?
චුට්ටක් විතර ඉක්මනට කෙන්ති යනවා. නමුත් ගයනි තරම් නපුරු නැහැ. එහෙම වුණත් පොඩ්ඩ ඇත්නම් මගේ ඇස්වලින් කඳුළු එනවා.
චුට්ටක් විතර ඉක්මනට කෙන්ති යනවා. නමුත් ගයනි තරම් නපුරු නැහැ. එහෙම වුණත් පොඩ්ඩ ඇත්නම් මගේ ඇස්වලින් කඳුළු එනවා.
* ඔබේ ජනප්‍රියත්වය ළඟා කර දුන් දෙරණ ගැන මතක් කිරීමක් නොකාළොත් ලොකු අඩුවක් නේද?
මම දෙරණ ගැන මතක් කරන්නමයි හිටියේ. මට මේ සියලු දේ ලැබෙන්නේ දෙරණ නිසා, දෙරණ උප සභාපති ලක්සිරි සර් සිදු කණ්ඩායම දෙරණ සාමාජික සාමාජිකාවන් සේරටම තුති පුදනවා. ඒ වගේම මගේ අම්මා, වැඩිමල් සහෝදරියව ආදරයෙන් මතක් කරනවා.