Skip to main content

ජනපති දුව මව්කිරි දෙන ඡායාරූපය ලොව කලඹයි

කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ් ගේ බාල දියණිය,අලියා ෂගීවා නිරාවරණය කෙරුණ උඩුකයෙන් යුතුව සිය දරුවාට මව්කිරි පොවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගියදා සමාජ මාධ්‍ය ජාල කලඹන පුවතක් බවට පත් වුණා.
“මෙය දරුවකුට මව්කිරි පොවන දසුනක්ද? එසේත් නැත්නම් එය සරාගී හැඟීම් මතු කරන දසුනක්ද ?”
සමාජ මාධ්‍ය ජාල තුල සංවාදයට ලක්වූනේ මෙයයි.
ජනාධිපතිවරයාගේ දියණිය සිය ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයට එක් කරනු ලැබ තිබුණේ පහත දැක්වෙන පාඨයත් සමඟයි.
“මම මගේ බිළිඳාට බඩගිනි වූ ඕනෑම මොහොතක ඕනෑම තැනක මව්කිරි පොවනවා”
සිය දරුවාට මව්කිරි පොවන අවස්ථාවක් දැක්වෙන සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ සිය ඡායාරූපය දෝෂ දර්ශනයට ලක් වීමත් සමඟ අලියා ෂගීවා එය මේවනවිට සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කරගෙන ඇතත්, ඇය සිය ක්‍රියාව වෙනුවෙන් යුක්තිය ඉල්ල සියිනවා.
අලියා ෂගීවාමාධ්‍ය වෙත කියා සිටියේ මෙය කාන්තා සිරුර දෙස අධි සරාගී ඇසින් බලන සංස්කෘතියේ වැරැද්දක් ලෙසයි.
“මට ලැබිච්ච ශරීරය අසැබි වූවක් නොවෙයි. මම සිදුකරන්නේ මගේ දරුවාගේ උවමනාව සම්පූර්ණ කිරීමක්. නැතුව සිරුර සරාගී ලෙස ප්‍රදර්ශනය කිරීමක් නොවෙයි” ඇය වැඩිදුරටත් පවසනවා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot