Skip to main content

අඳුර පරදා ජීවිතය ජයගත් ආදර යුවළක් යුගදිවියට

blindරත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරන අවධියේදී දැන හැදිනගෙන විවාහ මංගල්‍ය දක්වා ගිය දෘශ්‍යාබාධිත යුවළකගේ මංගල උත්සවයක් ඉකුත් 28දා මාවනැල්ල උත්සව ශාලාවකදී සිදු කෙරිණි.
මාවනැල්ලේ චන්ද්‍රාංගනී සෙනෙවිරත්න උපතින්ම අන්ධය. පසුව මවුපියන් චන්ද්‍රාංගනීව රත්මලානේ අන්ධ විද්‍යාලයට ඇතුළත් කරන්නේ අන්ධ වුවත් ඉගෙනුමට ඇති අති දක්ෂකම නිසාමය. චන්ද්‍රාංගනී ඉගෙනුමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලටද මහත් උනන්දුවක් දක්වන්නීය. මතුගම පොලේගොඩ සිට පැමිණ අන්ධ විද්‍යාලයේම අධ්‍යාපනය ලබන ඉෂාර ලක්මාල් නුවන්සිරිද තවත් එවැන්නෙක්ය. චන්ද්‍රාංගනීත් ඉෂාරත් රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන සෙසු දරුවන්ට වඩා තරමක් ඉදිරියෙන් අධ්‍යාපනය සිටි දක්ෂයන්ය. අවසානයේ දෙදෙනාම විභාග ඉහළින් සමත් වී විශ්ව විද්‍යාල වරම් ද හිමිකර ගත්හ. චන්ද්‍රාංගනීටත් ඉෂාරටත් පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ දොර ඇරිණි. 2013 වර්ෂයේ චන්ද්‍රාංගනීත් ඉෂාරත් උපාධිය ලබා විශ්ව විද්‍යාලයෙන් පිට විය. පසුව දෙදෙනාටම ගුරු පත්වීම්ද ලැබිණි.
මාවනැල්ල බැමිණිවත්ත මහා විද්‍යාලයට පළමු පත්වීම ලැබූ චන්ද්‍රාංගනීට පසුව එම විද්‍යාලයේ දරුවන්ට සිංහල ඉතිහාසය ඉගැන්වීමට ලැබිණි. මතුගම පොලේගොඩ මහා විද්‍යාලයේ දරුවන් හට බුද්ධාගම ඉතිහාසය ඉගැන්වීමට ඉෂාර ලක්මාල්ට හිමි විය. ඔය අතරතුර මීට වසර දෙකක පමණ ඉහතදී දිනක් ඉෂාර චන්ද්‍රාංගනීගේ ජංගම දුරකතනයට ඇමැතුමක් ගෙන කළ ඉල්ලීමකට අනුව විවාහය තීන්දු කරගෙන තිබේ.
ඒ අනුව දෙදෙනාගේ විවාහ මංගල්‍ය ඉකුත් 28 වැනිදා මාවනැල්ල උත්සව ශාලාවකදී සිදු කෙරුණේ සියලු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින්ය. පෝරුවේ චාරිත්‍ර, විවාහය ලියා පදිංචි කිරීම, දහවල් කෑම මේසය, ඡායාරූප ගැනීම හා උත්සව සභාවේ කටයුතු සිදු වූයේ දෙපාර්ශ්වයේම පැමිණ සිටි ඥාතීන්ගේ නෙතට කදුළක් එක්කරමින්ය. අවසානයේ සවස ඉෂාරත් චන්ද්‍රාංගනීත් විවාහ මංගල උත්සව ශාලාවෙන් පිටව ගියේ මාවැනල්ලේම පිහිටි හෝටලයක මධුසමය ගත කිරීමටය. මධුසමය ගත කිරීමට යෑමට පෙර චන්ද්‍රාංගනී මෙසේ ප්‍රකාශ කළාය.
අපි දෙන්නා රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදිවත් විශ්ව විද්‍යාල කාලයේදීවත් ආදර සම්බන්ධයක් තිබුණේ නෑ. දෙන්නම එක විදියට ඉගෙන ගත්තා. ඉෂාර ගැන නම් මගේ හිතේ කිසිම දෙයක් තිබුණෙ නෑ. නමුත් ඉෂාරට නම් මා ගැන හිතේ තිබුණාද කියා මා කියන්න දන්නේ නෑ. කොහොමටත් අපි දෙන්නාගේම විවාහය සිදු කිරීමට තීරණය කිරීමේදී කිසිම ගැටලුවක් මතු වුණේ නෑ. ඉෂෘරට තරහා ගියාම මම නිවිලා ඉන්නවා. මටත් පොඩ්ඩක් තරහ ගිය බව දැන ගත්තම ඉෂාරත් පාඩුවේ ඉන්නවා කියලා කිව්වා. එතකොට අපි දෙන්නාම සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. වර්තමානයේ තරුණ තරුණියෝ බොහෝ පිරිසක් අඩු වයසින් විවාහ වෙනවා. ඒ අයට අධ්‍යාපනයකුත් නෑ. රැකියාවකුත් නෑ. එතකොට ප්‍රශ්න වැඩියි. ඒ අය විවාහය කියන අකුරු හතරේ තේරුමවත් දන්නේ නෑ. අපි දෙන්නා අන්ධ විද්‍යාලයෙන් ඉගෙන ගත්තා විශ්ව විද්‍යාලයේ ගියා, රජයේ රැකියා ලැබුණා. නියමිත කාලයට විවාහ වුණා. නියමිත කාලයට විවාහ වුණා. සාර්ථක ජීවිතයක් මෙතැන් පටන් ගෙවීමට බලාපොරොත්තු වෙනවා.
    
ජනයුගය – 2017.07.31

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot