Skip to main content

මැඩෝනාගේ ළමා රෝහල විවෘත කරයි

2017-07-26-ent-144
මලාවි දේශය, දුප්පත්කමින් පීඩාවිඳින ජනතාවක් වෙසෙන රටක් බව අමුතුවෙන් කිවයුතු කාරණාවක් නොවේ. නමුත් සුපිරි පොප් ගී තරුව, මැඩෝනා මේ රටේ අසරණ දරුවන්ට දක්වන්නේ දැඩි සෙනෙහසක් බව සඳහන් කළ යුතුයි. ඒ හේතුවෙන් ඇය, මලාවි දේශයේ අසරණ දරුවන් සිවුදෙනෙකු හදාවඩා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගියදා මෙම සුපිරි තාරකාව දරුවන් සිවුදෙනාද කැටුව මලාවි දේශයට පිටත්ව ගියේ එහි ඉදිකර තිබෙන ළමා රෝහලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීමටය. මලාවියේ බ්ලැන්ටයර් නගරයේ ඉදිකර ඇති මේ ළමා රෝහල ඇඳවල් 50කින් සමන්විත බව සඳහන් වේ. මැඩෝනා විසින් මෙම රෝහල ඉදිකරන ලද්දේ ඇය විසින් ආරම්භ කරන ලද ‘%Raising Malawi’ නම් වූ සමාජ සත්කාරක වැඩසටහන යටතේය.
ළමා රෝහල විවෘත කළේ මලාවියේ ජනාධිපති ආතර් පීටර් මුතාරිකා වන අතර, "මර්සි ජේම්ස්" ළමා රෝහල යනුවෙන් මෙම රෝහල නම්කර ඇත්තේ මැඩෝනා විසින් දරුකමට හදාවඩා ගත් එක් දරුවකුගේ නම එය වීම හේතුවෙනි. රෝහල විවෘත කිරීම නිමිත්තෙන් එම රෝහල් පරිශ්‍රය මලාවියේ ජාතික කොඩිවලින් සහ වෙනත් සැරසිලිවලින් අලංකාර කර තිබූ බවද සඳහන් වේ. එම අවස්ථාවට මලාවි දේශයේ කලාකරුවන් රැසක් සහ සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝද සහභාගි වී සිටියහ. ඔහු "Raising Malawi" වැඩසටහනට ආධාර කළ ප්‍රධාන දායකයෙකි. මැඩෝනා මෙහිදී පැවසුවේ තමන් නිදහස වෙනුවෙන් සටන් කරන කලාකාරියක් බවත්, එමෙන්ම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සටන්කාමී හදවතක් ඇති තැනැත්තියක බවත්ය.

2017-07-26-ent-140  2017-07-26-ent-1432017-07-26-ent-1422017-07-26-ent-141

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot