හොඳ යහලුවන් සේ එකට මෙලොවට බිහිවී - හොදම යහලුවන් සේ එකටම මෙලොවින් සමගත් පුංචි සුරතලුන් දෙදෙනාගෙ සංවේදී කතාව

තමන්ගේ සුරතලෙක් නැ.තිවුනාම සතුන්ට ආදරය කරන පුද්ගලයෙකුට දරා ගන්න ටිකක් අමාරුයි. නමත් එකටම හිටපු දෙදෙනෙක් එකවරම විදුලි සැර වැදිලා මියයාම ගැන ඒ සතුන් අයිතිකෙනාට මොනතරම් දුකක් දැනෙනේන ඇතිද?
මේ සංවේදී කතාවත් අන්න ඒ වගේ එකක්. පුංචි රිලා පැටවෙකුයි තාරාවෙකුයි ඉපදුන දවසේ ඉඳලා හොඳම යහළුවන් දෙදෙනෙක්. මොවුන් දෙදෙනා ගමන් යන්නෙත් එකට. තාරාවගේ පිටේ නැගලා රිලා පැටියා ගමන් යන්නත් පුරුදු වෙලා තිබුනා.
නමුත් කවුරුත් නොසිතපු විදිහට මේ අපූරූ යහළුවන් දෙදෙනා එකම තැනම මියගිහින්.
දවසක් පුංචි රිලා පැටිය සෙල්ලම් කරනකොට බිම වැටිලා තිබුන අනාරක්ෂිත විදුලි රැහැනක පැටලිලා විදුලි සැර වැදිලා තියෙනවා. පසුව කෑ ගහමින් ඉන්නකොට තාරාව එයාව බේරගන්න ඇවිල්ලා. නමුත් දෙදෙනාටම විදුලි සැර වැදිලා එතනම මියගිහින්.
මේ සංවේදී ඡයාරූප පෙළ මේ වන විට අන්තර්ජාලයේ සීග්‍රයෙන් පැතිරිලා තියෙනවා. හුඟ දෙනෙක් මේ අපූැරූ යහළුවන් දෙදෙනාට සිදුවූ දේ ගැන සංවේදී වෙලත් තියෙනවා. සමහරු කියන්නේ එය සංසාරගත බැදීමක් කියලයි.
දෙදෙනාම හොඳ යහලුවන් සේ එකට මෙලොවට බිහිවී...හොදම යහලුවන් සේ එකටම මෙලොවින් සමුගෙන තිබුනේ සැවොම හඬවමින්.
මේ සංවේදී ඡායාරූපවළ බිම වැටීගෙන හඬන්නේ මේ සුරතලුන් දෙන්නාගෙ අයිතිකාරයයි...



