Skip to main content

හර්ෂණයි මායි එකම චිත්‍රපටයක ඉන්නවා

2017-07-27-ent-18
මේ දිනවල ‘සිරස’ රූපවාහිනී නාළිකාවේ විකාශය වන සඳුන් රාජකරුණාගේ ‘පැහැසරා’ ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවන වොල්ගා කල්පනී අද ‘සාරවිට’ තරු කතාබහ අපි සම්බන්ධ කරගත්තෙමු. සිය සැමියා සමගින් මේ දිනවල අලුත්ම ව්‍යාපාරික කටයුත්තකට මුල පුරා සිටින ඇය ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව මෙසේ අප සමග අදහස් දැක්වුයේමු.

අලුත් ව්‍යාපාරික කටයුත්තකට අතගහලා කියලා ආරංචියි?
2017-07-27-ent-17ඔව්, මමයි මගේ සැමියා හර්ෂණයි දෙන්නා එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. එහි නම තමයි ‘වොලන්රෝ’ ප්‍රඩක්ෂන් ආයතනය. මේ ආයතනය හරහා බොහෝ දුරට සිදුවෙන්න ඉවෙන්ට් කවර් කිරීම. ඊට අමතරව මියුසික් වීඩියෝ, ටී.වී. කොමර්ෂල්, ඩ්‍රාමා ප්‍රඩක්ෂන් යන දේවල් සිදු කරනවා. දැනට සති දෙකක කාලයක් වෙනවා මේක අපි දෙන්නා පටන් අරගෙන. දැනට අපි වෝටර් කොම්පැනි එකක් එක්ක ඔවුන්ගේ ප්‍රඩක්ෂන් වැඩ කරනවා. තවත් වැඩ කිහිපයක්ම අපිට ලැබිලා තියෙනවා.

වොල්ගත්, හර්ෂණත් දෙන්නම පසුගිය දිනවල අසනීප වුණා නේද?
ඔව්, ඩෙංගු උණ හැදුණා. මාසයක් විතර අපි දෙන්නම කලා කටයුතුවලින් ඉවත් වෙලා හිටියා මේ අසනීප තත්ත්වය නිසා. අපි භාරගත්ත වැඩ කිහිපයක්ම මේ නිසා නැවතුණා. නමුත්, ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු වගේම සහෝදර රංගන ශිල්පීන්, ශිල්පිනියන් අපි අසනීප වුණ වෙලාවේ අපිත් එක්ක නිතරම හිටියා. ඔවුන්ගෙන් උදවු උපකාර ගොඩක් ලැබුණා. මේ වෙලාවේදී ඒ හැම දෙනාටම ස්තුති කරන්න ඕන.

එක දිගට වැඩ කරපු නිසා මේක පුංචි විවේකයක් වුණා කිව්වොත් හරි?
ඔව්, ඩෙංගු හැදෙන්න කලින් මාත් හර්ෂණත් එක දිගට වැඩ කළා. ටෙලි නාට්‍යය වගේම චිත්‍රපටවලත් වැඩ කළා. ඩෙංගු රෝගය හැදුන නිසා පුංචි විවේකයක් ලැබුණා අපි දෙන්නටම. දැන්නම් සියයට සියයක් අපි දෙන්න පූර්ණ සුවය ලබලා තියෙන නිසා ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. ව්‍යාපාරික කටයුත්තක් මේ කාලයේදීම විවෘත කරන්න අපි දෙන්න හිතුවෙ ඒ නිසයි.

මේ දිනවල වොල්ගා කලා කටයුතුවලට දායක වෙනවද?
සිරස රූපවාහිනියේ විකාශය වන සඳුන් රාජකරුණා මහත්මයාගේ ‘පැහැසරා’ නාට්‍යයේ රූපගත කිරීම් කටයුතුවලට දායක වෙනවා. ඊට අමතරව හර්ෂණත්, මාත් පෙනී සිටින ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ‘හිරු වියන’ කියලා අලුත්ම ටෙලියක වැඩ කරනවා. ‘හිරු වියන’ ටෙලියේ රූපගත කිරීම් කටයුතු අරඹන කොටම තමා මාත්, හර්ෂණත් අසනීප වුණේ. මා දායක වන තවත් කලා කටයුතු කිහිපයක් ආගෝස්තුවේදී ආරම්භ වීමට නියමිත වෙලා තියෙනවා.

වොල්ගාගේ චිත්‍රපටයකුත් එන්න තියෙනවා?
ඔව්, අර්ජුන් කමලනාත් මහත්මයාගේ ‘කුණාටුවේ මාරයා’ කියන චිත්‍රපටය. දැනට මෙහි වැඩ කටයුතු සියල්ල නිමාවෙලා තියෙනවා. බොහෝ විට මෙය නුදුරේම තිරගත වේවි කියලා හිතනවා. මෙහි හර්ෂණත් මා සමගින් රංගනයේ යෙදෙනවා.

  2017-07-27-ent-192017-07-27-ent-202017-07-27-ent-212017-07-27-ent-22

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot