Skip to main content

බිකිනි අන්දා කියලා මම වැඩිහිටියන්ට විතරයි චිත්‍රපටි වල රඟපාන්නේ නැ ඕෂදී හිමාෂා



ඕෂධී හිමාෂා චාවින්දි. නමට වඩා රූපය බොහෝ අයට සමීපයි. ඇයගේ විලාසිතාවන්ට බොහෝ දෙනා චෝදනා කළත් විවිධ කතා කිව්වත් ඇය කරන්නේ ඇයට හිතන
දේම විතරයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වුණු ලිපියක්.

ඔබ එක්තරා  වීඩියෝවක එක්  අවස්ථාවකදී අඩ නිරුවතින් රංගනයේ යෙදෙනවා?
මං එහි ඇඳගෙන හිටියේ බිකිනියට වඩා ටිකක් දිග ඇඳුමක්. ඒත් මට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. රංගනය දැන් මගේ ජොබ් එක. මම මගේ වෘත්තීයට සාධාරණයක් කළා.
හිතේ දෙගිඩියාවකිකන් නෙවෙයි ද එහි රඟපැවේ?
කොහෙත්ම නැහැ.
 වෘත්තීයට සාධාරණයක් කරන්නේ අඩනිරුවතින් රගන  ඒ වාගේ ්චරිත රඟපෑමෙන්ද?
මං ඔය ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. ඔය කියන වීඩියෝ එකෙන් සමාජයට හොඳ පණිවුඩයක් දෙනවා.ඒක දිහා හරි ඇසකින් බැලුවොත් ඒක තේරේවි. මට ඔය වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් රංගන ආරාධනා ලැබුණා මියුසික් වීඩියෝවලට ඒ වගේ චරිත සඳහා. නමුත් මං ඒ සියල්ලම අත හැරියා. මොකද ඉන් සමාජයට සෙතක් නැහැ.
සාමාන්‍යයෙන් එවැනි චරිතයක් රඟපෑවම අපේ සමාජයේ ඇතැම් උදවිය චරිතයෙන් නිළියව මනිනවා. ඒ ඔස්සේ ඔබට අයුතු යෝජනා එහෙමත් එන්න ඇති?
වාසනාවට එහෙම වුණේ නැහැ. මං විවාහකයි. ඒකත් බලපාන්න ඇති මට මානසික පීඩනයට පත්වන දේවල් නොවෙන්න.
 ඔබේ සැමියා ගැන විස්තර කිව්වොත් ?
මගේ සැමියා චානක අමිත්. අපි දෙන්නගෙම ෆස්ට් ලව් එක මේක. කාලයක් තිස්සේ අප හඳුනනවා. එයාගෙන් අහලා තමයි මං සෑම නිර්මාණයක්ම බාර ගන්නේ.මෙහිදී තව දෙයක් මතක් කළ යුතුයි. අපේ ගම හික්කඩුව. සංචාරකයින් බහුල ප්‍රදේශයක්. එහිදී නිරන්තරයෙන් විදේශික කාන්තාවන්ව බිකිිනියෙන් දක්නට පුළුවන්. එහෙයින් අපේ ගෙදර අයට පවා බිකිනිය අමුතු දෙයක් නෙවෙයි.
 ඕෂධී ටෙලි නාට්‍යවලට රඟපාන්න ආරාධනා ලැබුණේ නැතිද?
මං ටෙලි නාට්‍ය බාර ගන්නේ නැහැ.
 ඇයි ඒ?
ටෙලිවලට ගියාම මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සියල්ලටම වඩා මට මගේ පවුල් ජීවිතය වැදගත්. ඒකට මූලිකත්වය දෙන නිසා ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරන්න වෙනවා.
 ඔබ සිනමාවට පිවිසි උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ සිනමාපටය ගැන කතා කළොත්?
මං ගොඩක් වාසනාවන්ත වුණා උදයකාන්ත වර්ණසූරිය වගේ සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ඔස්සේ සිනමාවට එන්න. මං ඔහුට ස්තූතිවන්ත වෙනවා. එහි මගේ චරිතයේ නම නටාෂා. මගේ පෞද්ගලික ජීවිතයට වඩා සමීප චරිතයක්. මගේ රූගත කිරීම් තිබුණේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මං එහි සතුටින් රඟපෑවා.
ඕෂධීගේ මිල දැන් ටිකක් ඉහළ ගිහින් ඇති?
අන් අයගේ මිලට සාපේක්ෂව මගේ මිල වැඩි ද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් මට සරිලන මගේ මහන්සියට අදාලව මිලක් මං අය කරනවා.
 මෙරට නිෂ්පාදනය වන නිරුවත් දර්ශන සහිත චිත්‍රපටයකට කතා කළොත් ඕෂධී මොකද කියන්නේ?
මං කියන්නේ බැහැ කියන එක.
 හේතුව?
මං වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාන්නේ නැහැ කියන අදහසින් ඉන්නේ.
 සිනමාපටය සම්භාව්‍ය එකක් වුණොත් ඔබේ ප්‍රතිපත්තිය ඒකමද?

එතන්දි මෙහෙමයි, ඒ වගේ වෙලාවකදී මං ගෙදරින් අහලා බලනවා. තවම එවන් වූ අවස්ථාවකට මුහුණ දීලා නැහැ.



Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot