Skip to main content

"දකුණට එපා නම් අපිට දෙන්න , අපි රැක බලා ගන්නම් " රෝහින්‍යා මුස්ලිම්වරු පිළිගන්න උතුරු පළාත සුදානම් , රොහින්‍යාවරු උතුරට ගෙන්වා ගන්න දෙමළ සංධානය කටයුතු අරඹයි .!

ශ්‍රී ලංකාවේ රැදි සිටි රෝහින්‍යා මුස්ලිම් සරණාගතයන්ට එරෙහිව ඇතැම් පිරිස් සිදු කරන ප්‍රකාශ හෙළා දකින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම් පවසනවා.
ඔවුන් එලෙසෙ රෝහින්‍යා ජනතාව රදවා තබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් මෙරට රැඳී සිටින රෝහින්ග්‍යා සරණාගතයින් රැක ගැනීමට උතුරු පළාත සූදානම් බවද වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසනවා. 
සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය ප‍්‍රදේශයේ පැවති පළාත් සභා සසිවාරයක් අමතමින්. මන්ත‍්‍රීවරයා කියා සිටියේ අදාල රෝහින්‍යා මුස්ලිම් සරණාගතයින් උතුරු පළාතට මාරුකර එවන ලෙස‍යි.
රෝහින්ග්‍යා සරණාගතයින් උතුරු පළාතට භාර දෙන්නේ නම් එම සරණාගතයින් උතුරු පළාතේ කුමන ප‍්‍රදේශයක හෝ ආරක්ෂිතව රැඳවීමට උතුරු පළාත් සභාව සූදානම් බවද සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා කියා සිටිනවා.
රෝහින්‍යා මුස්ලිම්වරු උතුරට ගෙන්වා ගැනීමේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ මෙම යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ද කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයකි.

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot