Skip to main content

"ඇත්තටම ලෝක ධර්මතාවය අවබෝධ වු නිසා පැවිදිවිමට තිරණය කළා" සෝමසිරි අලකොලංග

ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග පැවිදි දිවියට ඇතුළත් වීම පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වූ පුවතක්. ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක හාරිස්‌පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදිවූ උන්වහන්සේ තමා හමුවීමට ආ මාධ්‍යවේදීන්ට පුද්ගලික කාරණා හෙළි නොකර ආපසු හරවා යැවූ පුවතක්ද වාර්තා විය. කෙසේ වෙතත් බලවත් පෙරැත්තය හමුවේ සෝමානන්ද හිමි පුවත්පතකට සිය පැවිදි දිවියේ තොරතුරු පවසා තිබුනා.
 
එම සංවාදය පහතින්,
‘ඇත්තටම ලෝක ධර්මතාවය අවබෝධ වු නිසා පැවිදිවිමට තිරණය කළා. මා ගොඩක්‌ කාලයක සිට ආධ්‍යාත්මික පැත්තට නැඹුරුවෙලා හිටියා. ගොඩක්‌ කාලයක ඉදලා මහණ විමට බලාපොරොත්තුවෙන් තමයි හිටියේ.
ඇත්තටම මහණ වුණේ දාන පාංශු කූලවලට වඩින්න නෙවෙයි. භාවනාව කරගෙන සිත දියුණු කරගන්න තමයි පැවිදි වුණේ. ජීවත්වෙන්න අමාරු හින්දවත් කලකිරීම නිසා නෙවෙයි මහණ විමට තීරණය කළේ.. පවුලේ සියලූ දෙනාගේ වගකීම් ඉෂ්ට කරලා ඒ අයගේ අවසරය ඇතිව තමයි මහණ වුණේ. මහණ වුණේ නිකන් සංඝයා වහන්සේ කෙනෙක්‌ වගේ ඉන්න නෙවෙයි. භාවනා කටයුතු කරගෙන ඉන්න.
මා රංගනයට දායක වන අවදියෙත් කාලයක සිට භාවනාව ප්‍රගුණ කළා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය භාවනා කිරිමට පහසුයි කියලා අවබෝධ වුණා. මහණ විමට සසර පුරුද්දක්‌ තිබුණාද කියලත් දන්නේ නැහැ. මුලදි වන සේනාසනයක තමයි භාවනාවකට ගියේ. ඇමරිකාවේ වැඩ වසන නායක ස්‌වාමින් වහන්සේනමක්‌ මීට අවුරුදු තිහකට ඉස්‌සරවෙලා ඉදලා මම හදුනනවා. උන්වහන්සේ තමයි මේ විහාරස්‌ථානයට මාව යොමු කළේ . මෙම විහාරස්‌ථානය බණ භාවනා කිරිමට ඉතාම සුදසු තැනක්‌. හොද පරිසරයක්‌ තියෙන තැනක්‌ නිසා මෙහි පැවිදි වුණා.
පවුලේ අය හැරෙන්න කවුරුවත් මම මහණ වෙන බව දැනගෙන හිටියේ නැහැ. මම දැනට වසර විස්‌සක තිහක පමණ ඉඳන් මස්‌ මාළු කන්නේ නැහැ. මත්පැන් බොන්නේ නැහැ.
මම උදේ පාන්දර තුනට අවදිවෙනවා. ඊට පස්‌සේ භාවනාවේ යෙදෙනවා. උදේ 5.30ට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. මගේ දැනුමෙන් පන්සලේ වැඩ ඉන්න භික්‌ෂුන් වහන්සේලාට ඉංග්‍රිසි උගන්වනවා. ගමේ දරුවන්ට ඉංග්‍රිසි පංතියක්‌ කරනවා සේවයක්‌ විදියට.
හවසට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. බණ භාවනා කටයුතු තමයි වැඩිපුර කරන්නේ. කාලයක්‌ තිස්‌සේ හිතේ තිබු බලාපොරොත්තුවක්‌ තමයි අද ඉෂ්ට වෙලා තියෙන්නේ. භාවනා පංතිවලට ගිහින් තියෙනවා.

එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන යන කලාකරුවන් තමයි කලා ක්‌ෂේත්‍රයේ ඉන්නකොට මගේ ගුරුවරු වුණේ. තරුණ කාලයේම මට ඒ වාසනවා ලැබුණා. ඇත්තටම මම ප්‍රවිණයන් සමග වැඩ කළා. කලා කටයුතුවලදී ඉක්‌මනට ගමනක්‌ ගිය කලාකරුවෙක්‌ නෙවෙයි. රැකියාවට බාධාවක්‌ නොවන විදියට තමයි රගපෑම කළේ. ප්‍රසිද්ධ වේදිකා රංගනයට දායක වුණේ 1965 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වළේ . එදිරිවිර සරච්චන්ද්‍ර මහත්තයාගේ එලොව ගිහින් මෙලොව ආවා කියන නාට්‍ය තමයි රඟපැවේ. 65 ඉඳන් 2015 විතර වෙනකම් රගපාලා තියෙනවා. විනෝදාංශයක්‌ විදියට රගපෑවාට නිකන් රගපෑවේ නැහැ. එය ක්‌ෂේත්‍රයට කරන අවනම්බුවක්‌‘

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot