Skip to main content

අපි හිතුවටත් වඩා කූඹියෝ ලොකු තැනක ඉන්නවා

2017-10-27-ent-24
තුමිඳු දොඩන්තැන්න කියන්නේ අප රටේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු මේ දිනවල ඉතාමත් ජනප්‍රියත්වයට පැමිණ තිබෙනවා. ඒ මේදිනවල විකාශයන වන කූඹියෝ නිසා, ඒ ගැන පැවසුවේ මෙවැන්නකි.
“කූඹියෝ කියන්නෙ අපි කිහිපදෙනෙක් එකතු වෙලා කරපු වැඩක්. එහිදී රචකයා සහ අධ්‍යෂක්වරයා වුනේ මගේ මිත්‍රයා ලක්මාල් ධර්මරත්න.
නිෂ්පාදකවරයා වුනේ මගේ සහෝදරයා අසංක දොඩන්තැන්න.මම එහි ප්‍රධාන චරිතයට පණ පොවනවා මගේ මිත්‍රයා කලණ ගුණසේකර සමග.කූඹියෝ ගැන කතා කතාකලොත් ඇත්තටම අපි හිතුවේ නෑ ප්‍රේක්ෂකයෝ කූඹියෝ එක්ක මෙච්චර සම්බන්ධ වෙයි කියලා.මොකද මේක වෙනස් විදිහේ නිර්මාණයක් නිසා.ඇත්තටම ටෙලි නාට්‍ය කලාව ගැන තියෙන අසුභවාදී ආකල්පයත් එක්ක කූඹීයෝට ලැබෙන ප්‍රතිචාරයට සතුටුයි. අපි හිතුවටත් වඩා කූඹියෝ ලොකු තැනක ඉන්නවා. ඉස්සර හැමෝම බැන්නේ ප්‍රේක්ෂකාගාරයට ටෙලි නාට්‍ය බලන් නෑ කියලා.නමුත් මේ නිර්මාණය ඔප්පු කරලා පෙන්නුවා ලංකාවේ ප්‍රේක්ෂකයෝ තවමත් ඉන්නවා කියලා.ඔවුන්ට හොද රසවින්දනයක් තියෙනවා කියලා. ”

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot