Skip to main content

මම හරි නපුරියක්

2017-10-30-ent-20
නිරූපණ ක්ෂේත‍්‍රයේ සිට රංගන ක්ෂේත‍්‍රයට පැමිණි මේ තිළිණි පෙරේරා ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වන්නෙ, මුතුකුඩ නාට්‍යයේ මුතුකුඩ මැණිකේ නිසයි. ඊට අමතරව සල්සපුනා නාට්‍යයේ මාෂා ලෙසත් පෙනී සිටි තිළිණි ගැන අද මේ විදියට ටෙලිනාට්‍ය ශිල්පිනියක ලෙස කතා වුණත් අහම්බයකින් ඇය රඟපෑමට ආවේ වයස 13 දී ලූ. ඒ අතීත මතකය එක්ක තිළිණි සඳැල්ල කතාබහට එක්වුණේ මේ විදියටයි.

තිලිණි දැන් නිරූපණ කටයුතු අත්හැරලද?
2017-10-30-ent-16නැහැ, නිරූපණ අංශයෙන් තමයි මම ක්ෂේත‍්‍රයට ආවේ. ඒත් මගේ ආසාව වුණේ රඟපෑමේ අංශයයි. ලොකුම හීනය වුණේ නිළියක වීමයි. ඒ අංශයෙන් සාර්ථකවීම තමයි අරමුණු කර ගත්තෙ. නිරූපණ කටයුතුවල දිගටම යෙදෙනවා. ඒත් වැඩි අවධානය ලබා දෙන්නේ රංගනයටයි.

අද වනවිට කොහොමද ඔබගෙ රංගන කටයුතුවලට ලැබෙන ප‍්‍රතිචාර.
ඒ ගැන නම් මට හරි සතුටුයි. අද වනවිට සෑහෙන පිරිසක් අතර මා ජනප‍්‍රිය වී ඇති බව හැෙඟනවා.

ඇයි නිළියකවීමට සිහින මැව්වේ?
පළමු ටෙලි නාට්‍ය රංගනයට මම එකතු වුණේ අවුරුදු 13දී. ‘කැදැල්ල නෑ උණුසුම්’ ටෙලි නාට්‍යයයි. ටයිටස් ප‍්‍රනාන්දු මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කළේ. දැන් එතුමා නැහැ. ඒක ඇත්තටම අහම්බයකින් වෙච්ච දෙයක්. පුංචි කාලයේ ඉඳලම නිළියක වීමේ ආසාව තිබුණා. ඒ ආසාව සිහිනය දරාගෙන සිටියදී අහම්බයකින් තමයි ඒ ගමනට අවස්ථාව ලැබුණේ.

ඒ අහම්බය ගැන කිව්වොත්?
කැදැල්ල නෑ උණුසුම් රූගත කිරීම් එදා තිබුණේ අපේ ගමේ. මම අක්කලා එක්ක බීච් එකට ගියා. සෙල්ලම් කරන්න ගියේ. ගවුමකුත් ඇඳගෙන ඒ ගවුම පිිටින්ම අපි බීච් එකේ ඇති හැටියට සෙල්ලම් කරලා නෑවා. ඔන්න ඒ වෙලාවේ බීච් එකේ රූගත කිරීම් සිදු කෙරෙමින් තිබුණා. එම නාට්‍යයේ ප‍්‍රධාන නළුවා තමයි අධ්‍යක්ෂතුමාට කියලා තියෙන්නෙ ඒ ළමයා අපේ නාට්‍යයේ චරිතයකට හොඳයි කියලා. ඊට පස්සේ අධ්‍යක්ෂතුමා ඇතුළු පිරිස අපේ ගෙදරට ඇවිත් මව්පියන්ගෙන් මේ ගැන අහලා තියෙනවා. ඒ විදියට තමයි අහම්බයකින් ‘කැදැල්ල නෑ උණුසුම්’ රඟපෑමට අවස්ථාව ලැබුණෙ.

රඟපෑමට හීන මැව්වා, කිව්වනේ කොහොමද ඒ හීනය ඇතිවුණේ? මොකක් නිසාද?
ඒක ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ. මගේ හිතේ දන්නා කාලයේ ඉඳලම තිබුණෙ රඟපෑමට යන්න ඇත්නම් කියන හීනයයි. අද මේ සාර්ථක වෙලා තියෙන්නේ ඒ හීනය තමයි.

දැන් ඔබ හඳුනාගන්නෙ මොන විදියටද?
මේ වනවිට ටෙලිනාට්‍ය 9ක විතර රඟපාලා තියෙනවා. ඒත් වැඩි දෙනා අතර කතාබහට ලක්වුණේ ‘මුතුකුඩ’ චරිතයයි. ‘මුතුකුඩ මැණිකේගේ’ ප‍්‍රධාන චරිතය තමයි රඟපාන්නෙ. මේ චරිතය වගේම සල්සපුනා මාෂාගේ චරිතය ඊට හාත්පස වෙනස්. ආදර දෑසක් නාට්‍යයේ රඟපෑවේ වෙනස්ම චරිතයක්. ඒ නිසා මට සතුටුයි. එකිනෙකට වෙනස් චරිත රඟපෑමට ලැබුණ නිසා. ඉදිරියේදී මම හරි නපුරියක් ලෙස ඔබට හමුවේවි.

රඟපෑමට ආ එක හොඳයි කියලද හිතන්නේ?
ඇත්තටම මේ ක්ෂේත‍්‍රය ඉතා හොඳ ක්ෂේත‍්‍රයක්. බාහිරින් බලල කවුරු මොනවා කිව්වත් මෙතැන හරි ගෞරවනීයයි. ක්ෂේත‍්‍රයේ සිටින කලාකරුවන් ඇත්තටම හරි හොඳයි. මම එයාලට ගරු කරනවා. අපේ සහෝදර ශිල්පියකුට හෝ ශිල්පිනියකට කවුරුවත් මොනවාත් කියනවාටත් මම කැමති නැහැ. මේක මම ලොකු ආදරයකින් භක්තියකින් කරන දෙයක්. හොඳ ගමනක් යෑම තමයි මගේ උත්සාහය.

තිළිණිගේ පුද්ගලික තොරතුරු කිව්වොත්?
මගේ ගම මහවැව, තොඩුවාව. නමුත් පදිංචිය මාරවිල. පවුලේ අම්මයි, තාත්තයි මමයි අක්කයි.

දැන් වයස කීයද?
27යි.

මේ ක්ෂේත‍්‍රයේ කටකතා නොහැදී සිටින්නට නම් මොන වගේ හැසිරිය යුතුය කියලද හිතන්නේ?
කටකතා කියන දේ සහ ඕපා¥ප වැඩිපුර එන්නෙ ඵල ඇති රුකටයි. මේ ක්ෂේත‍්‍රය ජනප‍්‍රිය අංශයක්නෙ. ඉතින් කටකතා සහ ඕපා¥ප හදන්න පිරිසක් බලාගෙන ඉන්නවා. නළු නිළියන්ට මිනිස්සු ආදරෙයි. ඒ වගේම එයාලා අනෙක් අයගෙ කතාබහට නිතර ලක්වන පිරිසක්. හැබැයි එහෙම වුණාට මේ ක්ෂේත‍්‍රයේදී විතරක් නෙවෙයි. අනෙකුත් ඕනෑම ක්ෂේත‍්‍රයක යම් යම් දේ සිදු වෙනවා. ඒත් පුංචි හෝ දෙයක් වුණාම ලොකුවට ආරංචි යන්නේ කලා ක්ෂේත‍්‍රය ගැනයි.

මේ ක්ෂේත‍්‍රයේ මොන විදියට හිටියොත් හොඳයි කියලද හිතන්නේ?
ගොසිප් පස්සෙ දුවන්න ගියොත් අපට වෙන වැඩක් නැහැ. ඒ නිසා ඒවා පස්සෙ නොයා අපි අපේ කරන වැඩවලට මුල්තැන දුන්නාම ඔය අනවශ්‍ය ප‍්‍රශ්න එන්නෙ නැහැ. ඒවා නිසා මනස වට්ටවා ගන්න ඕනෑත් නැහැ. රඟපෑමේදී මානසිකත්වය හරියට වටිනවා.

ඔබ රංගනයෙන් මොනවගේ දෙයක් කරන්නද හදන්නේ?
නිළි රැුජින මාලනී ෆොන්සේකා මහත්මිය මගේ වීර චරිතයක්. මට කවදාවත් එතුමිය වගේ වෙන්න බැරිවෙයි. ඒත් මට එතුමියගෙ රංග කුසලතාවයෙන් ගත හැකි දේ බොහෝමයි. ඒ වගේ නැතත් එතුමිය ගිය දුර මෙන් රංගනයෙන් යමක් කරන්න උත්සාහ ගන්නවා.

බොහෝ දෙනෙක් කියනවා නේද තිළිණි හරියට මාලිනියගෙ තරුණ කාලයේ රුවට සමානයි කියලා.
ඒක ඇත්තටම මම කියන්න දන්නෙ නැහැ. හැබැයි බොහෝ දෙනා කියන්නෙ ඔයා වෙලාවකට දුලානි අනුරාධා වගෙයි තවත් වෙලාවකට අමායා අධිකාරී වගෙයි කියලයි.

ක්ෂේත‍්‍රයේ යාළුවෝ කවුද?
එක්කෙනෙක් කියලා නැහැ. බොහෝ දෙනෙක් ඉන්නවා. හැමෝම එක්ක සුහදව ඉන්න තමයි මම ආසා.

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

  2017-10-30-ent-192017-10-30-ent-18

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot