Skip to main content

බුකියේ කොල්ලො චූන් වෙලා ඉන්නේ - ලබන වසරේදී අපේ විවාහය සිද්ධ වෙයි

දුෂ්‍යන්ත් මේ දවස්වල ඔමරිලතා එක්කනේ රසිකයෝ අතරට ඇවිත් ඉන්නේ. කොහොමද ඔමරිලතාට ලැබෙන ප්‍රතිචාර?

මගේ අලුත්ම මියුසික් වීඩියෝව ඔමරිලතා. හොඳ නරක ප්‍රතිචාර දෙකම ලැබෙනවා. දැනට මේ වීඩියෝව ලක්ෂ දෙකහමාරකට වඩා අධික පිරිසක් නරඹලා තියෙනවා. මේ ගීතයෙ පද රචනය සහ සංගීතය ශාමේන්ද්‍ර ජෝෂප් කියන මගේ මිත්‍රයෙක් කළේ.

මේ වීඩියෝ එකට ඔබ සම්බන්ධ කර ගත්ත පියුමි මේ දවස්වල කාගෙත් කතාබහට ලක් වෙන චරිතයක්. ඒ කතාබහේ උණුසුමත් එක්ක දුෂ්‍යන්ත් වීඩියෝව ගොඩදාගන්න හැදුවාද?

ඇත්තටම මේ දවස්වල කාගේත් කතාබහට ලක්වුණු මාතෘකාව ඉරාජ්ගෙ මියුසික් වීඩියෝ එක. පියුමි ගැනත් වැඩිපුර මේ දවස්වල මිනිස්සු කතා වෙන්නේ ඒ වීඩියෝ එක නිසා. ඉරාජ්ගේ වීඩියෝ එකට කලින් තමයි මගේ මියුසික් වීඩියෝ එක රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ. ඒක කරන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුලදී. අවසාන ෂූට් එක ජූලි 2දා කරලා මම යුරෝපයට ගියා. මම ලංකාවේ හිටපු නැති හේතුව නිසා තමයි මේ වීඩියෝ එක එළියට එන්න මේ තරම් ප්‍රමාද වුණේ. තව දුරටත් ප්‍රමාද කරන එක තේරුමක් නැති නිසා මේ වෙලාවෙ වීඩියෝව රිලීස් කළා.

මේ වීඩියෝ එකට පියුමිවම තෝරා ගන්න හිතුවේ ඇයි?

පියුමි කියන්නේ සමාජ මාධ්‍යවල හිට් වුණු චරිතයක්. එයාගේ සෙල්ෆි වීඩියෝවලින් බුකියේ කොල්ලො චූන් වෙලා ඉන්නේ. මේ ගීතේ ඔමරිලතත් එහෙම චරිතයක්. ඉතින් ඔමරිලතා කියන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් හොඳම කෙනා පියුමි කියලා මම හිතුවා. අනිවාර්යෙන්ම මේ වීඩියෝවෙන් පස්සේ බුකිය ඇවිස්සෙනවා. ඒ හරහා ජනප්‍රියත්වයක් ලැබෙනවා. හැබැයි ඉරාජ්ගේ වීඩියෝ එකේ පියුමිව යොදා ගත්ත විදියට නෙවෙයි මගේ වීඩියෝ එකේදී පියුමිව යොදා ගත්තේ. ඒ නිසා මම හිතනවා දුෂ්‍යන්ත් වීරමන් පියුමි හංසමාලිව හොඳ නිර්මාණයකට යොදා ගත්තේ කියලා.

ඉරාජ්ගෙ වීඩියෝ එකත් ඔබේ වීඩියෝ එකත් බලනකොට දෙකේම වැඩි වෙනසක් නෑ කීවොත් ඔබ මොකද කියන්නේ?

මෙහෙමයි ඕනම දෙයක් විකෘති මනසකින් බැලුවොත් ඒක පේන්නේ නරක දෙයක් විදියට. ඉරාජ්ගේ වීඩියෝ එක වුණත් විකෘති මනසකින් බැලුවොත් පේන්නෙ නරක දෙයක් විදියට. ඒත් ඒ විදියට නොබලා හොඳ මනසකින් බැලුවොත් ප්‍රශ්නයක් නෑ. ඔමරිලතා ගීතය විකෘති මනසකින් බලලා තේරුම් ගන්න බෑ. හොඳ විවෘත මනසකින් තමයි බලන්න ඕන.

ඔබ කලින් කරපු ගීතත් එක්ක බලනකොට මේ ගීතය සාර්ථකයි කියලා හිතනවාද?

ඔව්. මම එහෙම හිතනවා. වීඩියෝ එක මේ වෙනකොට විශාල පිරිසක් යූ ටියුබ් එකෙන් නරඹලා තියෙනවා. දැනටමත් ලක්ෂ දෙක ඉක්මවලා ඒ පිරිස. කලින් මම කරපු ගීතවලට මේ තරම් ප්‍රතිචාර, views ලැබිලා නෑ.

වැඩිම views ගන්න එකද දුෂ්‍යන්ත්ගෙත් අරමුණ?

ඔව්. වැඩිම views ගන්න තමා කවුරුත් try කරන්නේ. එහෙම නෑ කීවොත් ඒක බොරුවක්. වැඩිම views ලැබෙනවා කියන්නේ හොද ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා කියන එක. ඉතින් මමත් try කරන්නේ වැඩිම views ගන්න තමයි.

ඔබ රසිකයන්ගේ විවේචන භාර ගන්න සූදානම්ද?

ඇත්තෙන්ම ඔව්. හොඳ වගේම ගොඩක් දුරට මේ වීඩියෝ එකට ආවේ නරක විවේචන. ඒත් මම ඒ හැම හොඳ, නරක විවේචනයක්ම භාර ගන්න සූදානම්.

දුෂ්‍යන්ත් ඔබ සංගීත නිර්මාණයක් කරන්නේ ඇත්තටම සංගීත ක්ෂේත්‍රයට යමක් දෙන බලාපොරොත්තුවෙන්ද නැත්නම් මුදල් හොයන අරමුණින්ද?

මේ කාරණා දෙකම මම බලාපොරොත්තු වෙනවා කීවොත් හරි. මොකද ඕනෑම සංගීතකරුවෙක්, කලාකරුවෙක් තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීම තුළින් ඒ දේ බලාපොරොත්තු වෙනවා. සල්ලි නැතිව නිර්මාණයක් කරන්නේ නෑ කවුරුවත්. ලාභයක් ලැබීමේ අරමුණත්, සංගීත ක්ෂේත්‍රයට නිර්මාණයක් දායාද කිරීමේ අරමුණත් කියන කාරණා දෙකම තියෙනවා. විශේෂයෙන් කියන්න ඕන මේ මියුසික් වීඩියෝ එකෙන් ලැබෙන හැම මුදලක්ම බැර වෙන්නේ ස්ටෙෆනි සිරිවර්ධන පදනමට. මේ පදනම හරහා සිද්ධ වෙන්නේ කාන්තා හිංසනයට එරෙහි වීමත්, කාන්තා සවිබල ගැන්වීමත් කියන කාරණා. පියුමි වගේ හැමෝම විවේචනයට ලක් කරන චරිතයක් මේ video එකට ගන්න හිතුවෙත් කාන්තා හිංසනයට එරෙහිව යම්කිසි දායකත්වයක් පියුමි හරහා ලබා දෙන්න පුළුවන් කියන බලාපොරොත්තුව ඇතිව.

ඔබේ D_ Star Band එකේ වැඩකටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?

හොඳින් කෙරීගෙන යනවා. අපි කොන්සර්ට්වල දැන් ගොඩක් play කරනවා. ළඟදී අපි පටන් ගත්තා wedding වලත් play කරන්න.

දුෂ්‍යන්ත් දැන් පෙම්වතෙක්. කවදාද ස්ටෙෆනි එක්ක එක වහලක් යටට වෙන්නේ?

ස්ටෙෆනි සිරිවර්ධන තමයි මගේ පෙම්වතිය. ලබන වසරේදී අපේ විවාහය සිද්ධ වෙයි.

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot