Skip to main content

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් නිළියකගෙන් සමාව ඉල්ලයි


එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් නිළියකගෙන් සමාව ඉල්ලයි | gerogeතමන්ට ලිංගික අපහාසයක් කළ බවට චෝදනා කරන නිළියකගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් සමාව ඉල්ලා තිබෙනවා.
93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා 'ටර්න්: වොෂින්ටන් ස්පයීස්' නම් රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පැවති උත්සවයකදී, ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් "ස්පර්ශ කළ" බවට හෙදර් ලින්ඩ් (Heather Lind) චෝදනා කර ඇත.
ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය ඔස්සේ එම චෝදනාව එල්ල කළ ඇය පසුව එම සටහන මකා දමා ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
හිටපු ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ විහිළුවක් කිරීමට උත්සාහ කළ බව ඔහුගේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.
"ජනාධිපති බුෂ් කිසිදු අවස්ථාවක - කුමන තත්වයක් යටතේ වුවත් - කිසිවෙකුටත් දැනුවත්ව සිත් තැවුලක් ඇති නොකරන" බව පවසන ප්‍රකාශකයා, "විහිළුවක් කිරීමට ඔහු දැරූ උත්සාහය මගින් ලින්ඩ් මහත්මියට සිත් තැවුලක් වූයේ නම් ඔහු අවංකවම සමාව ඉල්ලා සිටින" බව ද ප්‍රකාශකයා විසින් ඩේලි මේල් (Daily Mail) පුවත්පත, පීපල් (People) සඟරාව ඇතුළු ප්‍රකාශන වෙත නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙනවා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot