Skip to main content

අතට අහුවෙන අහුවෙන දෙයක් දාලා ෂේප් එකේ උයනවා

2017-11-27-ent-19
සමහරු හිතන්නේ තේ හදන්න, උයන්න පුළුවන් ගැහැනු අයට විතරයි කියලනේ. ගෙදරක පිරිමි කෙනෙක් උයනවා කියන්නේ ටිකක් වෙනස් වගේද...?
ඒත්... ඉතින්... ලෝකයේ ප්‍රධාන පෙළේ හෝටල්වල වැඩිපුරම ඉන්නේ කෝකිවරැන්. ලංකාවෙත් එහෙමයිනේ. ඒත්... අපේ කලාකරැවන්ට තේ හදන්න... උයන්න... එහෙම පුළුවන්ද? අපි අහලා බැලුවා... ඔයාලා කියවලා බලන්නකෝ.... අකිල ධනුද්දර කිව්වේ මෙහෙමයි...
මම හිතනවා මට එහෙම ෂේප් එකේ උයන්න පුළුවන් කියලා. ඔය අතට අහුවෙන අහුවෙන දෙයක් දාලා මම ෂේප් එකේ එහෙම කෑම ටිකක් හදනවා. හැබැයි වැඩේ කියන්නේ අපේ අම්මට හරි රසට කෑම හදන්න පුළුවන්. ඉතින් අම්මා හදන කෑම නොකන මම හදන අර රහක් නැති කෑම කනඑක එච්චර තේරැමක් නැහැනේ. ඒ නිසා අම්මා තමයි අපේ කෑම හදන්නේ. ඉතින්... ඒකට හොඳ කෑම හදන්නෙත් අම්මා තමයි. ඒ නිසා මම හදන කෑම කාලා මොකටද නිකම් ලෙඩ වෙන්නේ නේද...? තේ එකක් වුණත් මට තනියම හදාගන්න පුළුවන්. හැබැයි ගෙදරදී එහෙම තනියම තේ එකක් හදාගන්න නම් අවස්ථාව ලැබනෙවා හරිම අඩුයි.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot