Skip to main content

වරුන් නිසා දිවි නසා ගන්න යන තරුණිය

ජනප්‍රිය නළු, වරුන් ධාවාන් පසුගියදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ තමන් පසුපස එන තරුණියකගෙන් එල්ල වන තර්ජනයක් ගැනයි.

වරුන්ට පළමුවෙන් ම මේ තර්ජනය එල්ල වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේයි. තවමත් 21 වැනි වියෙහි පසුවන පාසල් ශිෂ්‍යාවක් යැයි පැවසෙන මේ යුවතිය වරුන්ට කියා ඇත්තේ ඔහු, තමන්ව මුණ නොගැසුණොත් දිවි නසා ගන්නා බවයි.

ඇය වරුන්ව එලෙස අපහසුතාවට පත් කර ඇත්තේ එක් වතාවක් නොවෙයි‍. ඉන් පසුව ඇය ‘WhatsApp’ මාධ්‍යය ඔස්සේ කෙටි පණිවුඩ එවමින් ද තර්ජනය කර තිබෙනවා.

තවත් විටෙකදී වරුන්ගේ දුරකතනයට නාඳුනන අංකයකින් කතා කළ ඇය පවසා ඇත්තේ තමන් විසින් එවන ලද WhatsApp පණිවුඩවලට පිළිතුරු නොඑවුවහොත් තමා දිවි නසා ගන්නා බවයි. මේ නිසා වරුන් ධාවාන් මේ යුවතිය ඇමතූ අංකවලට බාධක යෙදීමට කටයුතු කළා.

වරුන් මේ යුවතියගේ තර්ජනාත්මක පණිවුඩ පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළේ Santa Cruz පොලිසියේ සයිබර් අපරාධ කටයුතු පිළිබඳ අංශයටයි.

“අපිට වරුන් ධාවාන් ගෙන් මේ ගැන පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අපි ඒ ගැන පරීක්ෂණ සිදු කරනවා.” එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot