Skip to main content

නංගි නිසා වත්සලාට පාඩුයි

අක්කා ෆීල්ඩ් එකේ නමක් දිනාගන්න කොට නංගි ෆීල්ඩ් එකට ඇවිල්ලත් නෑ.කොහොමහරි අක්කගේ විවාහ ජීවිතයත් එක්ක ෆීල්ඩ් එකට තාවකාලිකව සමුදෙනවනේ. ඊට පස්සේ හරි හරියට නංගි ෆීල්ඩ් එකේ වැඩ කරනවා.

ආයෙත් අක්කා ෆීල්ඩ් එකට එනකොට නංගිත් ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වත්සලයි බුවනියි රූපෙන් ගත්තත් එක වගේ. කටහඬත් එහෙමයි. ඒ නිසා මේ අක්කා නගෝ ගනුදෙනුව නිසා හැම වෙලේම එක්කෙනෙක්ට පාඩුයි. මෙතනදි වැඩියෙන් පාඩු වුණේ වත්සලාට. මොකද වත්සලා මේ ෆීල්ඩ් එක අතහැරලම යනවානේ. ඇය එවැනි තීරණයක් ගන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන්. 

නංගි නිසා යම් පාඩුවක් සිදු වුණත් අක්කලා නංගිලානේ කියලා ඒ ගැන අබමල් රේණුවක හිත් තැවුලක් ඇතිකර නොගන්න වත්සලා දන්නවා. එකම වගේ සහෝදරියක් හිටියාම ඉතිං මෙහෙම වෙන එක අහන්නත් දෙයක් ද?

වත්සලයි බුවීනියි කියන්නේ හරිම ආදරෙන් ඉන්න සහෝදරියන් දෙන්නෙක්. කාට මොන වැඩේ ගියත් මේ නිසා ගැටලුවක් නැහැ. වත්සලාට කොහොමත් ඕනවට වඩා කාර්‍යබහුල වෙන්න අපහසුයි. ඒ ඇය දැන් අම්මා කෙනෙක් නිසා. කොහොම වුණත් වත්සලා ඒ වෙද්දිත් ටෙලිනාට්‍යයක් සහ වෙළඳ දැන්වීම් නිසා තරමක් කාර්‍යබහුල වෙලා හිටියේ.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot