පසුගිය 27 වන දා වැලල්වාය, තණමල්විල මාර්ගයේ සිදු වු මාරක රිය අනතුරෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී පස්දෙනෙකු තුවාල ලැබීය. අවාසනාවන්ත ලෙස සිදු වූ අනතුරෙන් මිය ගියේ ගාල්ල හා කිරම යන ප්‍රදේශවල පුද්ගයින් තිදෙනෙකි.
ඔවුන් අතරින් මියගිය දිලිප් රංගජිත් පෙරේරා එංගලන්තයේ සිට මීට ටික දිනකට පෙර මෙරටට පැමිණි ඇති අතර, ඒ පැමිණ ඇත්තේ බිරිඳගේ දරු ප්‍රසූතිය යෙදී තිබීම නිසාය අවසානයේදී සියල්ලම හඬවමින් රංජිත් මෙලොව හැර යන්නේ පවුලේ අලුත් සමාජිකාය එකතු වීමට දින කිහිපයක් තිබියදීය.



