Skip to main content

අහිමිවී ගිය සියඹලන්ගමුවේ ඇත් රජු සහ ගල්ගමුවේ දළ පුට්ටුවා වෙනුවෙන් ජීවමාන පිළිරු දෙකක් ඉදිකිරීමට තරුණ පිරිසක් මුල් පියවර තබයි

අහිමිවී ගිය සියඹලන්ගමුවේ ඇත් රජු සහ ගල්ගමුවේ දළ පුට්ටුවා වෙනුවෙන් ජීවමාන පිළිරු දෙකක් ඉදිකිරීමට තරුණ පිරිසක් මුල් පියවර තබයි  | Living statues siyabalangamuwe tusker and gallgamuwe tusker  පසුගිය කාලයේ වයඹ පළාතේ ගල්ගමුව ප්‍රදේශවාසීන් ඇතුළු සමස්ත ශ්‍රී ලංකාව වාසීන්ගේ ම සිත්සතන් කම්පා කළ හස්ති ඝාතන කිහිපයක් සිදුවිය. ඒවා අතරින් වඩාත් සංවේදී සිදුවීම් දෙක්ක වූයේ ගල්ගමුව අවට සැරිසැරූ සියඹලන්ගමුවේ ඇත් රජුගේ සහ දළ පූට්ටුවා නමින් හැඳින්වුණු ඇත් රජුගේ ඝාතන දෙකය. සියඹලන්ගමුවේ ඇත් රජු ගල්ගමුව, සියඹලන්ගමුවේ සිට ප්‍රවාහනය කෙරෙන අතර මඟදී වනජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මිය ගිය අතර දළ පූට්ටුවාගේ මරණය සිදුවූයේ ඇත් දළ සොරු‍න්‍‍ගේ වෙඩි පහරකිනි.
මෙම ඝාතන දෙකින් ගල්ගමුව ප්‍රදේශවාසීන් කෙතරම් කම්පාවට සහ සංවේගයට පත්වීද යත් එම සතුන් සිහිකොට මතක බණ සහ සාංඝික දානාදී පිංකම් ද සංවිධානය කොට තිබිණ.
එමෙන්ම එම කම්පාව සහ සංවේගය ඇතිවී නැතිවී යන උද්වේගයක් නොවන බව සනාථ කෙරෙන මානුෂීය ඉදිරි පියවරක් පිළිබඳවද අපට අසන්නට ලැබිණ. ඒ එම සතුන් දෙදෙනා වැඩිපුරම ගැවසුණු ගල්ගමු‍වේ උස්ගල - සියඹලන්ගමුව වැව් පරිශ්‍රයේ එම සතුන් දෙදෙනාගේ සජීවී ප්‍රමාණයේ පිළිරූ දෙකක් සහිත ස්මාරකයක් ඉදිකිරීමට එම ප්‍රදේශයේ දැනඋගත් තරුණ පිරිසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටීමය.
'සොබාදමේ කැපකරුවෝ' නමින් පිහිටුවා ගෙන ඇති මෙම සංවිධානය මඟින් ඉදිකිරීමට යෝජිත මෙම ස්මාරකය නම් කොට ඇත්තේ 'සත්ව අවිහිංසා පිළිරුව' යනුවෙනි. සත්ව අවිහිංසාව පරමාදර්ශයක් සේ සලකන අතරේ බරපතල අයුරින් සත්ව ඝාතන ද සිදුකෙරෙන අප රටේ සත්ව අවිහිංසා පිළිරුවක් ඉදිවන ප්‍රථම අවස්ථාව ද බොහෝවිට මෙයම වනු ඇත.
'සොබාදමේ කැපකරුවෝ' නම් සංවිධානය මේ වන විට ද ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සංවිධානයක් වන අතර එනමින් ගල්ගමුව ලංකා බැංකු ශාඛාවේ ගිණුමක්ද අරඹා තිබේ. මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ ගල්ගමුවේ උස්ගල සියඹලන්ගමුවෙහි පදිංචි ක්‍රිෂාන්ත නන්දසේන මහතාය.
මෙහිදී එම සතුන් දෙදෙනාගේ ඡායාරූප පරිගණක මගින් විශ්ලේෂණය කොට එම සතුන්ගේ සජීවී හැඩයන් සහ ප්‍රමාණයන් සේම ඔවුනට ආවේනික අංග ලක්ෂණද ඒ අයුරින්ම නිරූපනය කරමින් මෙම ස්මාරකය ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. ඒ අතර එහි ස්ථාපිත කරන ඵලකය මඟින් සත්ව අවිහිංසාව පිළිබඳ පණිවිඩය මුළු රටටම ලබා දීමට අපේක්ෂා කෙරේ.

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot