Skip to main content

ඕෂධි හේවාමද්දුම දෙවනවරටත් මව්පදවිය ලබයි

කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. සතුටින් ඉන්නවා.

මේ දවස්වල කලා කටයුතුවලින් නිහඬ වෙලා
ඉන්නේ විශේෂ කාරණයක් නිසා නේද?

විශේෂ කාරණයකුත් තියෙනවා. ඒත් සති දෙකකට ඉහත කාලසීමාව වන තෙක්ම ටෙලි නාට්‍ය රූගත කිරීමකට සම්බන්ධ වුණා. දැන් නම් ටිකක් නිහඬ වෙලා ඉන්නේ.

අලුත් බලාපොරොත්තුවක් එක්කනේ
දැන් ජීවත් වෙන්නේ. ඒ ගැන කියමු?

ඔව්. දැන් දෙවැනි දරුවා ලැබෙන්න ඉන්නේ. දැන් මාස හතරයි. ජූලි මාසේ අන්තිම වෙනකොට බබා ලැබෙයි. මුල් කාලේ වැඩවලට සම්බන්ධ වුණා. දැන් ටිකක් වැඩ කරන්න අමාරුයි.

දැන් හීන දකින්නේ දුවෙක් ගැනද?

මට පුතෙක් ඉන්නවා. හැමෝම කියන්නේ පුතා ඉන්න නිසා දුවෙක් ලැබෙනවා නම් හොඳයි කියලා. මම කලින් ගොඩක් ආස පුතාලට. පුතාලා දහයක් හිටියත් අහක යන්නේ නෑ. පුතෙක් ඉන්න නිසා දැන් මම කවුරු ආවත් කැමැතියි.

පසුගිය කාලේ මෙඩි සිනා එක්ක
ඕෂධී පේන්න හිටියා?

ඔව්. මම ප්‍රහසනාත්මක නාට්‍යවලට එකතු වෙලා හිටියෙම නෑ. දෙරණ ඵබචප ජඪබර ජධථඥඤර ඵඥචඵධද එකෙයි ජූලි හතයි චිත්‍රපටයෙයි හිටිය නිසාත් මාව ඛ්ධථඥඤර පැත්තෙන් අඳුර ගත්තා. ඒ නිසා මට මෙඩි සිනා ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණා. මම ඒකේ කොටස් කිහිපයකට සම්බන්ධ වුණා.

සීරියස් චරිත කරපු ඕෂධී ප්‍රහසන චරිතවලට
මාරු වුණේ?

හාස්‍යමය පැත්තත් රඟපාලා බලන එක හොඳයි කියලා හිතුණා. ප්‍රහසන නාට්‍ය ගත්තත් හැම එකක්ම හොඳ නෑ. ඒත් මෙඩි සිනා යම් ප්‍රමිතියක තියෙනවා. ප්‍රවීණ කලාකරුවෝ සහ කලාකාරිනියෝ මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා මමත් මේ ටෙලි නාට්‍යට ලැබුණු ආරාධනය භාර ගත්තා.

ඕෂධී ආයෙත් කොමඩි චරිතවලට
කොටු වෙයිද?

ඉදිරියේදී කොමඩි චරිතවලට කොටු වෙයි කියලා හිතන්නේ නෑ. වෙනසකටත් එක්ක මෙඩි සිනා එකට එකතු වුණා. දිගටම එහෙම කොටු වෙන්න අදහසක් නෑ.

අලුතින් සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද?

ටෙලි නාට්‍ය හතක් එන්න තියෙනවා. අන්තිමට කළේ තුෂාරි අබේසේකරගේ 'අසමජ්ජාතියා' ටෙලි නාට්‍ය. ඉසුරු වීරසිංහ මුදලිගේ 'පපාස් හවුස්' චිත්‍රපටය එන්න තියෙනවා. ඒ වගේම 'සුදු සමනලී' චිත්‍රපටයත් එන්න තියෙනවා.

තිරයේ වැඩිපුර පේන්න නොහිටියට
වැඩ නොකර ඉඳලා නෑ නේද?

මම කොහොමත් පුතා ලැබුණට පස්සේ නිර්මාණවලට සම්බන්ධ වෙන එක සීමා කළා. පුතාගේ වැඩ, දේශපාලන වැඩ කටයුතු, පවුලේ වැඩකටයුතු එක්ක කලා කටයුතු ටිකක් සීමා වුණා. මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමැති නෑ. මම සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයක්ම තියෙනවා. ඒවා එන්න පොඩි ප්‍රමාදයකුත් තියෙනවා.

ඉදිරියේදී ඕෂධී, රංගනයට තව තවත්
වැට කඩොලු බැඳ ගනීද?

රංගනයෙන් ඉවත් වෙන්න අදහසක් නෑ. මේ හැමදේටම මට උදවු කරන්නේ මගේ මහත්තයා, මහත්තයාගේ පවුලේ අය සහ මගේ අම්මා තාත්තා. ඒගොල්ලෝ කවුරුත් මගේ කකුලෙන් අදින්නේ නෑ. මාව දිරිමත් කරලා සහයෝගය දෙනවා. මම ඉස්සර ඉඳන්ම හැම දෙයක්ම කළේ සැලැස්මකට අනුව. ඒ නිසා මම ලොකු අර්බුදවලට ලක්වෙන්නේ නෑ. ජීවිතේ සැලසුම් සහගතව ගෙනියනකොට අමාරු නෑ.

නිෂ්පාදන කටයුත්තකට අත ගැහුවා
කියලත් ආරංචියි?

ඔව්. තුෂාරි අබේසේකරගේ 'අසමජ්ජාතියෝ' ටෙලි නාට්‍යයට නිෂ්පාදනයෙන් දායක වුණා. මගේ මහත්තයාගේ ඕතචජඬ ඡධය නපධඤභජබඪධද එකෙන් තමයි ඒක කළේ.

ඉදිරියේදී සැමියාගේ නිෂ්පාදනවල
විතරක් ඕෂධී පෙනී සිටීද?

මම ආස කරන චරිත මට හැමතිස්සෙම පිටින් එන්නේ නෑ. අපේ ආයතනයෙන් නිර්මාණ කරන කොට මට ආස චරිතයක් තෝරා ගන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. නමුත් සැමියගේ නිෂ්පාදනවල විතරක් පෙනී සිටින අදහසක නෑ.

ඕෂධී වැඩිපුර දැක්කේ පුංචි තිරයේ.
වැඩිපුර කැමැතිත් පුංචි තිරයටද?

මම වැඩියෙන් ඉන්නේ සහ ගොඩක් අය මාව දන්නේ ටෙලි නාට්‍ය නිසා. දැනට ටෙලි නාට්‍ය හැත්තෑවකට ආසන්න ප්‍රමාණයකට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් දැන් විකාශය වන ටෙලි නාට්‍ය රැල්ල එක්ක ගත්තාම සිනමාවට සම්බන්ධ වෙන එක හොඳයි කියලා හිතෙනවා.

අනාගතය ගැන ඉලක්කයක් ඇති?

ඔව්. මගේ ඊළඟ දරුවත් ලැබුණාම කලා කටයුතුත් අතහරින්නේ නැතිව ඒවටත් ඉක්මනටම සම්බන්ධ වෙලා, දේශපාලන කටයුතුත් කරගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න තමයි බලාපොරොත්තුව.

ඉරේෂා කල්හාරි සේනාධීර

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot