Skip to main content

මට දැන් හැමෝම කතා කරන්නේ දේව මෑණි කියලයි " - දේව වරමක් හිමි වූ අඹ යාළුවො හි නපුරු මෛත්‍රී කියයි

"මම මානසික ලෙඩෙක් කියලා ගෙදර අය මුලින් හිතුවේ.."
"ඒ දේ නිසා පවුල් ජිවිතේ පවා මට මග හැරුණා.."
අසන්ති නාලිකා කියන නම රූපය හැමෝටම හුරුපුරුදුයි.මේ නමට වඩා අඹ යාළුවො හි නපුරු මෛත්‍රී පොඩි ලොකු මහළු කාටත් මතකයි. රංගනයෙන් වගේම නර්තනයෙන් පරිපුර්ණ වූ අසන්ති රගපෑමට සමු දීලා. ඒ දෙවියන්ට යදින මෑණි අම්මා කෙනෙක් වූ නිසා. වසර හතරක කාලයක සිට ඇය භාවනාවෙන් විවිධ හාස්කම් කරනවා කියලයි ආරංචිය. හැමෝගෙම ආදරය ලබන අසන්ති ගැනයි මේ.
අසන්ති කොහොමද තොරතුරු..?
 
හොදින් සතුටින් ඉන්නවා. නමුත් කාර්ය බහුලයි. සාමාන්‍ය මනුස්සයෙක් ජිවත් වෙනවාටත් වඩා වෙනස් ජිවිතයක් මම දැන් ගත කරන්නේ. ඒ නිසා ඒ වැඩකටයුතු එක්ක තමයි වැඩිපුරම කාලය ගෙවෙන්නේ. 
අසන්ති කිව්වා ගමන්ම හැමෝටම මතක් වුණේ රංගන ශිල්පිනිය වගේම නර්තන ශිල්පිනියව. නමුත් දැන් බොහෝ දෙනෙක් ඔබව සොයාගෙන එන්නේ "මෑණි අම්මා " කෙනෙක් විදිහට කියලා ආරංචියි.. මොකක්ද ඒ කතාව..?
ඔව්. මම දැන් දේව වරම් හිමි කෙනෙක්. මම නර්තනය කළ නිසා නිතරම සරස්වතී මෑණියන්ව වැන්දා. පසු කාලීනව මම භාවනාවට යොමු වුණා. පසුගිය වර්ෂ කිහිපයේම මම කැලෑවල පවා භාවනා කරන්න ගියා. ඒත් එක්කම තමයි මට දැනෙන්න පටන් ගත්තේ මට දෙවියන්ගෙන් වරමක් හිමි වෙලා කියලා. ඒ නිසා දැන් මම අවුරුදු එකහාමාරක විතර ඉදලා දේවාලයක් පවත්වාගෙන යනවා. භාවනාවෙන් හැමදේම කරන්නේ. රෝගීන් සුව කිරීම් විතරක් නෙමෙයි නෙයෙක් දේවල් කරමින් යනවා. 
සාමාන්‍ය ජිවිතයට වැටකඩොලු බැදෙන්න යන්නේ කියන සිතුවිල්ල හා ඔය කියන වරම ඔබට ලැබුණා කියලා දැනුණේ කොහොමද..?
මම දන්නේ නැහැ මට අමුතු බලවේගයක් ආවා. එක පාරටම කවුදෝ මට කියනවා ඇහුණා. මට වරමක් ලැබිලා තියෙන්නේ කියලා. ඇතැම් දේවල් දැනෙන්න පටන් ගත්තා. ඒ මිට අවුරුදු 4ට විතර කලින්. එතකොට මම සියලු දේ අතහරිමින් භාවනාවට යොමු වුණා. දේව බලයෙන් අත්හදා බැලීම් කළා. ඒවා සාර්ථක වුණා. ඊට පස්සේ තමයි මම දේවාලයක් දා ගත්තේ.
ඔබ දෙදරු මවක්. දේව බලය නිසා ඔබ දරුවන් සැමියා මග හැරියා කියලද හිතන්නේ..?
ඔව්. මුල් කාලේ මගේ දරුවෝ දෙන්නාට වගේම සැමියාට මම ගැන හිතා ගන්න බැරි වුණා. ඒ අය හිතුවේ මම මානසික රෝගයකින් පෙළෙනවා කියලයි. ඒ නිසා මාව ප්‍රතිකාර සදහා යොමු කරන්නත් උත්සහ ගත්තා. ඒත් මම මගේ විදිහට හැම තැනම ගිහින් භාවනා කළා. ගොඩක් දවස්වලට මම හිටියේ කොහේ හරි කැලෑවක භාවනා වැඩසටහනක. ඒ කාලේ මාව ගෙදර හැමෝටම නැති වුණා. මග හැරුණා. ඒ අයගේ ජිවිතේ මම හිටියේ නැහැ වගේ. පවුලෙන් අයින් වෙලා වගේ හිටියේ. කොහොම නමුත් පස්සේ සැමියා වගේම දරුවෝ මාව තේරුම් ගත්තා. එයාලගේ උදව්වෙන් තමයි මම දැන් දේවාලය පවත්වාගෙන යන්නේ. මුලින් නම් සෑහෙනට විරුද්ධ වුණා.
අසන්තිට බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබුණා නිළියක් නර්තන ශිල්පිණියක් විදිහට. දේව මෑණි කෙනෙක් වුණාට පස්සේ රගපෑමට සමු දුන්නාද..?
ඔව්. මාව ආයේ කිසිම නිර්මාණයකින් දකින්න ලැබෙන්නේ නැති වෙයි. මම සම්බන්ධ වෙන්න කැමති නැහැ. මම කැමතියි මේ දේ කරගෙන යන්න. ඒ නිසා නිළිකමෙන් ඉවත්වෙනවා. නමුත් නර්තනය ඉගෙන ගන්න කවුරු හරි ආවොත් උගන්වනවා. 
ඒ ජනප්‍රියත්වයෙන් ඉවත් වෙලා ඉන්න එක දුකක් නෙමෙයිද..?
කොහෙත්ම නැහැ. දැන් තමයි මගේ හිතට සැනසීමක් දැනෙන්නේ. ඒ හැම දෙයක්ම අතීතයේ දේවල්. ඒවා මතක විතරයි. ඒ මතක සුන්දරයි. නමුත් මම රංගනයෙන් ඉවත් වුණා කියලා කිසිම දුකක් නැහැ. පසුතැවෙන්නෙත් නැහැ.
රංගනයෙන් ඉවත් වෙන්න විවාහ ජිවිතයද බලපෑමක් වුණේ. එහෙම නැති නම් දේව වරමද..?
ඒකට විවාහය කිසිම විදිහකින් බලපෑමක් වුණේ නැහැ. මගේ සැමියාගෙන් පවා උදව් ලැබුණා. නමුත් මට රගපෑමට වඩා දේව වරම වැදගත්. ඒ නිසයි හැමදේකින්ම ඉවත් වුණේ.
නපුරු මෛත්‍රී කියන්නේ බොහෝ දෙනෙකුගේ මතකයක්. ඔබව අදටත් බොහෝ දෙනා හදුනන්නේ ඒ නමින්...?
ඔව්. මට බොහෝ දෙනාගේ ආදරේ ලැබුණු චරිතයක්. ජිවත් වුනු චරිතයක්. මම මුලින්ම මාධ්‍යකට සම්බන්ධ වෙන්නේ 1988 වර්ෂයේ. ඒ ළමා වැඩසටහනකට. ඒ වැඩසටහනේ හිටපු මම  දිහා දීර්ඝ කාලයක් සුදත් අයියා බලාගෙන ඉදලා තියෙනවා. මම කියන දේවල් ගැන. ඒත් එක්ක තමයි මට ඔය අවස්ථාව හිමි වෙන්නේ. ලස්සන මතක තියෙන නිර්මාණයක්. එදා රසික මම අශේන් හිටියේ සහෝදරයෝ වගේ. ඒ බැදීම අදටත් එහෙමමයි. අපි මුණ ගැහුණොත් කතා කරනවා. 

හර්ෂණී වීරරත්න

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot