Skip to main content

රැකියාවක් කරන ගමන් තමයි මම නිරූපණ කටයුතු කරන්නේ


2018-03-23-ent-169
විනෝදාංශයක් ලෙස නිරූපණ කටයුතු කරන දිල්මිණි ඉද්දමල්ගොඩ අද "සාරවිට" තරු කතා බහට අපි සම්බන්ධ කර ගත්තේමු. වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඇය රංගනයට පිවිසිමේද බලාපොරොත්තුවකින් පසුවේ.

නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ?2018-03-23-ent-171
2014 වසරේදී. මනාලියන් දැක්මක් සඳහා මනාලියක් ලෙස පෙනී සිටිමින් ඊට දායක වුණා. ඒ නිරූපණ ප්‍රසංගයෙන් පස්සේ කැමැත්තක් ඇති වුණා නිරූපණය පැත්තට යොමු වෙන්නේ. ඔය විදිහට තමයි නිරූපිකාවක් වුණේ.

දැනට ඔබ වැඩිපුර දායකත්වයක් දීලා තියෙන්නේ?
නිරූපිකාවක් විදිහට ඡායාරූප වලට පෙනි ඉඳලා තියෙනවා. මම දැනට රැකියාවක් කරනවා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති කළමණාකාරිණියක් විදිහට. ඉතින් ඉඩ ලැබෙන පරිදි තමයි නිරූපණ කටයුතුවලට යොමු වෙන්නේ. කොටින්ම කිව්වොත් නිරූපණ වැඩ කරන්නේ මම %හොබි^ එකක් විදිහට.

රැකියාවක් කරන කොට නිරූපණ වැඩ වලට ඉඩක් වෙන් කරගන්නේ කොහොමද?
කොහොමත් මම වැඩක් කරන කොට හොඳට තෝරලා බලලා තමයි ඒ වැඩේ භාර ගන්නේ. මොකද රැකියාවකට නොගැළපෙන නිරූපණ වැඩක් භාරගන්න බැහැ මට. මොන දේ කළත් මම මුලීකත්වය දෙන්නේ මගේ රැකියාවට.

පාසල් අවධියේ කලාවට ඔබගේ කැමැත්තක් තිබුණද?
මම පාසල් යන කාලේ නර්තනය, රංගනය වගේම ගීත ගායනයටත් යොමු වෙලා හිටියා. පාසලේ කලා උළලේදී මම අනිවාර්යයෙන්ම මොනවා හෝ අංගයකට දායක වෙනවා.

රඟපාන්න ආස නැද්ද?
ආසයි. මට ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්න කියලා ගොඩක් ආරාධනා ලැබුණා. ඒත්, මට ඒවා ගැළපුණේ නැහැ. මට ගැළපෙන්නේ නැති දේවල් කොහොමත් මම භාරගන්නේ නැහැ. හොඳ නිර්මාණයක් හරහා රංගනය පැත්තට යොමු වෙන්න ආසයි. බලමු ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් බොහෝ විට මම එහි රඟපාවි කියලා හිතනවා.

නිරූපිකාවක්ට අද සමාජයේ මොනවගේ පිළිගැනීමක් තියෙනවාද?
හොඳ දේවල් කළොත් හොඳ පිළිගැනීමක් තියෙනවා. නරක දේවල් කළොත් බලන්නේ වැරදි කෝණයකින්. ඉතින් ඒ දේවල් තේරුම් අරගෙන අපි වැඩ කරන්න ඕනා. ගොඩක් දක්ෂ නිරූපිකාවක් අද ලංකාවේ ඉන්නවා. ඔවුන් ජාත්‍යන්තරයට ගිහිල්ලා ජයග්‍රහණ පවා අරගෙන එනවා. ඒ වගේම තමයි සමාජයේ ඔවුන්ට හොඳ පිළිගැනීමකුත් තියෙනවා.

මොනවද ඔබට තියෙන ඉලක්ක?
මම ගොඩක්ම කැමතියි මනාලියක් විදිහට හැඩ වෙලා මනාලියන් දැක්මවල් වලට සහභාගි වෙන්න. ඉතින් ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ ආසව වගේම කැමැත්ත. ඊට අමතරව හොඳ නිර්මාණයක් හරහා රංගන ශිල්පිණියක් විදිහට රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න අදහසකුත් තියෙනවා.

උදව් කරපු අය?
මට ගොඩක්ම උදව් කරන්නේ මගේ යාළුවෝ තමයි. ඊට අමතරව ‘මෙනුක’ බ්‍රයිඩ්ල් හවුස් එකේ චමරි අක්කා. අරූණි අකක්, ලක්ප්‍රිය ගුණරත්න අයියා, අකිල අයියා, මිථුන් වික්‍රම්තිලක අයියා, චින්තන එම්. හේරත් අයියා වගේම තව ගොඩක් අය ඉන්නවා වචනයකින් හෝ උදව් කරපු. ඒ වගේම මගේ පවුලේ හැම දෙනාම මට හැම වෙලාවේම උදව් කරනවා.

බුද්ධික සේනාධීර


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot