Skip to main content

පබෝධා සන්ධීපනී පික්පොකට් ගහපු එක ගැන කීව කතාව

මට කාගේ හරි පර්ස් à¶‘à¶šà¶§ ගහලා à¶‘à¶š තැන ඉන්න à¶¶à·‘. à¶’ නිසා ‍පොකට් à¶‘à¶šà¶§ ගහපු ගමන් දුවනවා -  පබෝධා සන්ධීපනී  පික්පොකට් ගහපු à¶‘à¶š ගැන à¶šà·“à·€ කතාව - Photos | paboda sandeepaniපබෝධා සන්ධීපනී කොට්ටාව පැත්තේ යන එන අයගේ සාක්කුවට විදිනවා කියලා මේ දවස්වල කතාවක් පැතිර යනවා. නිළිකම අතහැරලා “පබෝධා” පික්‍පොකට් කාරියක්වත් වෙලාද? ඒ ගැන නිළි පබෝධා සන්ධීපනී කියන්නේ මේ විදිහටයි...

මේ දවස්වල “පබෝධා” කොට්ටාව පාර දිගේ අලුත් සෙල්ලමක් පටන් අරගෙනලු නේද? 
ඔව්. මේ සෙල්ලමේ හැටියට මට වැඩිපුරම තියෙන්නේ පාර දිගේ දුවන එකයි. මොකද මට කාගේ හරි පර්ස් එකට ගහලා එක තැන ඉන්න බෑ. ඒ නිසා ‍පොකට් එකට ගහපු ගමන් දුවනවා. හැබැයි මම මේ විදිහට දුවන්නේ ‘‘රැජිනියෝ’’ ටෙලි නාට්‍යය නිසා.

කොහොමද ටෙලි නාට්‍යය තුළ මේ චරිතය ගලාගෙන යන්නේ? 
රැජිනියෝ කියන්නේ කාන්තාවන්ට සිදුවෙන අසාධාරණකම් කතා බහ කරන, කතිකාවක් ඇති කරන ටෙලි නාට්‍යයක්. මා එහි නිරුපණය කරන්නේ පික්පොකට් ගහන අම්මා කෙනෙකුගේ චරිතයක්. 

මේ වගේ අභියෝගාත්මක චරිතයක් නිරූපණය කිරීම ඔබට පහසු වුණාද? 
සාක්කුවට විදින එක නම් ‍ලේසියි. ඒත් පාර පුරා දුවන එක නම් හරිම අමාරුයි. පාරේ වාහන යන අවස්ථාවලදී තමයි මට ගොඩාක් වෙලාවට දුවන්න සිද්ධ වුණේ. එක පාරටම මම පාරේ දුවන කොට කිසිවක් නොදන්නා මිනිස්සුත් හරි හරියට කලබල වෙනවා. මේ නිසා හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබුණා. ඒත් රංගන ශිල්පිනියක් විදිහට අපිට සමහර අවස්ථාවලදී විවිධ අභියෝග බාර ගන්න සිද්ධ වෙනවා. මේකත් ඒ වගේ වැඩක් තමයි. 

ඔබ කාලයක් පුංචි තිරයෙත් රිදී තිරයෙත් ජනප්‍රිය චරිතයක්ව හිටියා. ඒ නිසා ඔබේ රුව නිතර නිතර ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබුණා. ඒත් අද ඔබව මේ රටේ ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්නට ලැබෙන්නේ කලාතුරකින්. ඇයි ඒ? 

පුතා ලැබෙන්න හිටපු හින්දා අවුරුදු දෙකක් විතර මම කිසිම නිර්මාණයක් බාර ගත්තේ නැහැ. මගේ පෞද්ගලික ජීවිතේට මුල් තැන දෙන්න තමයි මම හැම වේලාවේම උත්සාහ කළේ.පුංචි දරු පැටියෙක් අම්මා කෙනෙකුගේ උණසුම හැම වේලාවේම හොයනවා. දරු පැටියව ගෙදර තනි කරලා දාලා මට රඟපාන්න යන්න හිතුනේම නැහැ. ඒත් දැන් පුතා ටිකෙන් ටික ලොකු වේගෙන එනවා. එයත් දැන් මගේ නිර්මාණ රස විඳිනවා. සමහර වෙලාවට පුටුවකට වෙලා වාඩි වෙලා මාව ටීවී එකේ දැක්කම අන්න අම්මි ඉන්නවා කියලා අත්පුඩිත් ගහනවා. පුතාට දැන් යමක් කමක් තේරෙන නිසා ඉදිරියේදී වැඩි නිර්මාණ ප්‍රමාණයක් බාර ගන්න හිතාගෙනයි ඉන්නේ. 

ඔබේ රංගන ජීවිතයට සැමියාගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ? 
සැමියාගෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. ෂුටිං යන වේලාවට පුංචි පුතාව බලාගන්නෙත් එයා. කොහොමත් සිදත් මගේ ෆීල්ඩ් එක තේරුම් ගත් කෙනෙක් නිසයි පවුල් ජීවිතයි. රඟපෑමයි බැලන්ස් කරගෙන මම සතුටින් ජීවත් වෙන්නේ. 

ඔබේ ඉදිරි කලා කටයුතු පෙළගැසෙන විදිහ ගැන දැනගන්නත් ආදරණීය පාඨකයන් කැමති වෙයි? 
“උරුමයක අරගලය” කියන ටෙලි නාට්‍යයේ ෂුටිංවලට මේ දවස්වල සහභාගි වෙනවා. ඊට අමතරව “අධිරජ ධර්මාශෝක” ටෙලි නාට්‍යයේ දේවිගේ චරිතේ හඬ කැවීම් කටයුතුත් කරගෙන යනවා. තව ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා. මට ආදරේ කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරියටත් ඉඩකඩ ලැබෙන හැම වේලාවේම මම ප්‍රේක්ෂකයන් පිනවන්න බලා‍පොරොත්තු වෙනවා කියලා නම් කියන්නම ඕනේ.


Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot