Skip to main content

ජිම්නාස්ටික් ශූරියක් වුණාට දැන් වැඩදාන්න බැහැ

2018-04-03-ent-102
මේ ශෂිනි සිරිවර්ධන ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වන්නේ ‘දෑස මානේ’ ගීතය නිසයි. දන්නවනෙ මේ ශෂිනි කවුද කියලා? රංගනශිල්පී ධනංජය සිරිවර්ධනගෙ බිරිඳයි.
‘දෑස මානේ’ ගීතය ඇය කළේ ඇයට ගායිකාවක වීමේ ආසාව නිසා නෙවෙයි. ඇය ගායිකාවක වීම මටවත් ඇයටවත් දැනෙන්නෙ නැහැ. ඇය නිර්මාණශීලි දෙයක් කළා. කලාවට අගෞරවයක් නොවන පරිදි ඒ නිර්මාණය කරලා තියෙනවා. ඇය එම ගීතය වෙනුවෙන් නැටුවා, ගැයුවා සහ අවසානයේ හොඳ නිර්මාණයක් මුදාහැරියා. එදා පෙම්වතියකව සිටියදී ඉඳලම ඇයගෙ මේ දක්ෂතා මම දැක්කා. ඇය දුටු මුල් දවසේ ඉඳලම මා දුටු ශෂිනි තමයි ඇය. අද ඇය මගේ බිරිඳ වෙලා. ඒත් එහෙම වුණත් නැතත් එදා මාත් එක්ක හිටපු පෙම්වතිය තමයි ඇය. කලාව කියන දේ ඇය පිළිගන්නෙ සහ එය රසවිඳීමේ සිට මේ නිර්මාණය පවා කළේ කලාව කෙරෙහි ඇය සතු ලොකු ගෞරවය සමගයි.

දෑස මානේ ගෙනා ආදරණීය හැඩකාර බිරිඳ ගැන ධනංජය අද කියන්නේ ඒ විදියටයි. අපි ඒ ශෂිනි සඳැල්ල කතාබහකට එක්කර ගත් මොහොතකි මේ. ශෂිනි කොහොම කෙනෙක්ද?2018-04-03-ent-101
හරිම නිදහසේ ජීවත් වන්නට කැමති පරිසරයට බොහොම ආදරය කරන පවුල මුල් තැන් කරගත් හොඳ ගෘහණියක බිරිඳක වෙන්න උත්සාහ ගන්න කෙනෙක්.

ඇත්තද ගෙදර එළවළු වගා කරනවා කියන්නෙ.
කාබනික පොහොර යොදා පුංචියට එළවළු ටිකක් වවලා තියෙනවා. ඊට අමතරව මල් වවලා තියෙනවා. පරිසරය වෙනුවෙන් අපි වෙනුවෙන් පොඩියට හෝ එවැනි දේ කිරීම හොඳ බවයි මගේ අදහස. කොහොමටත් පරිසරයට හානිදායක දෙයින් වැළකී සිටින්න නිතරම උත්සහ ගන්නවා.

ධනංජයත් මේ වැඩවලට උදව් වෙනවාද?
එයාට වෙලාව අඩුයි. නමුත් ඒවා දැකලා එයා හරියට සතුටු වෙනවා. ඒ වගේම මගේ පුංචි ගෙවත්තේ එළවළු උයලා දුන්නාම ඒවා කාලා හරියට සතුටු වෙනවා.

අද ශෂිනි ගැන කතා වන්නේ ‘‘දෑස මානේ’’ සිංදුව ගැයූ ගායිකාව ලෙසද? නැත්නම් ධනංජයගෙ බිරිඳ ලෙසද?
මම සිංදුවක් කළා. ඒත් වෘත්තිය ගායිකාවක නෙවෙයි. දිගටම මම ධනංජයගෙ බිරිඳ ලෙස තමයි හැමෝම හඳුනන්නෙ. ඉදිරියටත් එහෙම වේවි.

දැන් මේ ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක ඊළඟට මොන වගේ දෙයක් කරන්නද බලාපොරොත්තුව
ඕනෑම නිර්මාණකරුවකු නිර්මාණයක් කරන්නෙ හොඳ ප‍්‍රතිචාර බලාපොරොත්තුවෙන්. ධනංජයටත් මගේ දක්ෂතාවය පෙන්වීමට වුවමනාවක් තිබුණා. මම නොහිතපු විදියට මේ ගීතයට හොඳ ප‍්‍රතිචාර ලැබීම ලොකු සතුටක්.

ශෂිනි පාසල් සමයේදීත් කලාවට දක්ෂ වුණාද?
ෂෙල්ටන් පේ‍්‍රමරත්න සර් සහ කසුන් කල්හාර සර් යටතේ හැදෑරීම් කළා. ගායනයට වඩා නර්තන අංශයෙන් තමයි මම ඉදිරියට ගියේ. උඩරට පහතරට සම්ප‍්‍රදායේ සිට නර්තනයේ විවිධ ශෛලීන් හදාරා තියෙනවා. බොලිවුඞ් ඩාන්සින්, ෆ‍්‍රී ස්ටයිල්, හිපොප් වගේම භරත නාට්‍යම් වසර 4ක්ම ප‍්‍රගුණ කළා.

ගායනයෙන් මියුසික් වීඩියෝවලට විතරද ශෂිනි කැමති?
වෙනස්ම විදිහේ තවත් නිර්මාණයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉදිරියේදී අපි බලමු.

එතකොට රඟපෑම?
ඉස්සර කිව්වා වගේම ඒක මට හරියන්නෙ නැති වැඩක්.

ගෙදරදි නිතරම ඉංග‍්‍රීසි සහ හින්දි ගීත මුමුණන්න ආසලූ නේද?
එදා ඉඳලම මම ඒවාට ප‍්‍රියකළා. අපේ පැරණි ගීත වගේම අමරදේව මාස්ටර්ගෙ සහ සුනිල් එදිරිසිංහ ශූරීන්ගේ ගීතත් අහන්න හරි ආසයි.

අපි නොදන්නා තවත් දක්ෂතා බොහොමයක් ඔබ සතුයි කියලයි ආරංචි. ආත්මාරක්ෂක සටන්ක‍්‍රම ප‍්‍රගුණ කරලා තියෙනවා නේද?
ආත්මාරක්ෂක සටන්ක‍්‍රම ප‍්‍රගුණ කළේ නැහැ. නමුත් වසර ගණනාවකට කලින් මම ජිම්නාස්ටික් ශූරියක වුණා. ඒ කාලයේ ඒ වෙනුවෙන් ගෝල්ඞ් මෙඞ්ල් බොහොමයක්ම හිමිකර ගත්තා. හැබැයි දැන්නම් ඒ වැඩ දාන්න බැහැ.

ආදරය ගැන එදා හිතුවෙ සහ අද හිතන්නෙ මොන විවියටද?
මට ආදරය දැනෙන විට මම හරි පොඩියි. එදා මම ආදරය කියලා හිතුවෙ ලස්සන කෙනෙක් එක්ක විවාහ වීම වැනි දෙයක්. මගේ අම්මා තාත්තා ජීවත්වන විදිය දිහා බලලා එහි සැබෑ අරුත වටහා ගත්තා. අද මම ආදරය කියලා හිතන්නෙ එකම පුද්ගලයකුට සැරින් සැරේ ආදරය කිරීම සහ එයා ගැන සැරින් සැරේ ආදරයෙන් හිතීමයි. ඒක තමයි ඇත්තටම සැබෑ ආදරය කියන්නේ.

ජීවිතය කියලා හිතෙන්නෙ ජීවිතය ඔබට දැනෙන්නේ
අපි නිර්මාණය කර ගන්න විදියට තමයි ජීවිතය සියල්ලට මුහුණදෙන්න වෙන්නෙ. ප‍්‍රශ්න හෝ සතුට හෝ ඒවාට ක‍්‍රියා කරන විදිය අනුව තමයි අපි ජීවිතය ප‍්‍රතිනිර්මාණය කර ගන්නෙ. කොච්චර කරදර තිබුණත් අවසානයේ පතන්නෙ හොඳක්නෙ. ඒ නිසා ජීවිතය හොඳින්ම පවත්වාගෙන යන්න ඕනෑ.

දුකක් ඇතිවුණාම එය දරා ගන්නෙ කොහොමද?
මම හරි සංවේදී චරිතයක්. ඒ වුණාට ඕනෑම දෙයකට මුහුණදීමේ ශක්තිය තියෙනවා. බුද්ධාගමේ කෙනෙක් ලෙස අටලෝ දහමට අනුව එය දරා ගන්නවා.

මෝඩයාගේ දවසෙ කළ ලොකු මෝඩකම මොකක්ද?
මෝඩකම් නම් බොහෝමයි. ඔන්න දවසක් අබුඩාබි ගිහින් ෆෙරාරි වර්ල්ඞ් එකේ තියෙන කතුරු ඔන්චිල්ලාවේ ගියා. ඒක ලෝකයේ තියෙන ලොකුම එකක්. ඒකෙ ගිය එක තරම් මෝඩකමක් තවත් නැහැ. එදා නම් මම හිතුවේ බය වෙච්ච තරමට මම මැරුණා තමයි කියලයි. ධනංජය නම් දෙවැනි සැරේටත් ගියා.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

2018-04-03-ent-992018-04-03-ent-100 

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot