මහ රැජිනට විවිධ වර්ගයේ බලු සුරතලුන් සිටියත් ඇගේ ප්‍රියතම බලු සුරතලුන් ලෙස සැළකෙන්නේ ‘කෝර්ගි’ වර්ගයේ කුරු බලු සුරතලුන් බවයි වාර්තා වන්නේ.කොහොම කොහොම හරි කෝර්ගි’ වර්ගයේ කුරු බලු සුරතලුන්ගේ අන්තිමයා වුණු වයස අවුරුදු 14ක් වුණු ‘විලෝ’ මියගොස් ඇතිබව තමයි බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ.
ඒ අනුව, එලිසබත් මහ රැජිනගේ කෝර්ගි බලු සුරතලුන්ගේ පරම්පරාව විලෝ මියයාමත් සමඟම අවසන් වනු ඇති බව ද බකිංහැම් මාලිගය නිකුත් කල නිවේදනයේ සඳහන්.