Skip to main content

දුවලා දෙන්නෙක් හදපු අම්මා කෙනෙක් විදිහට අද ඒ දෙන්නා ගැන මට හරි සතුටුයි

2018-04-24-ent-47
හැම වසරේදීම වගේ මේ වසරේදීත් කුසුම් - ශ්‍රියන්තගේ කැඳැල්ලේ අවුරුදු සිරිය තිබුණා. ආගම් දෙකක ජීවත්වෙන ඔබේ අවුරුදු කාලය ගෙවෙන්නේ කොහොමද...?
ශ්‍රියන්තගේ ආගම කතෝලින වුණාට එයාලගේ ජාතිය සිංහලනේ. ඒ නිසා මේ අවුරුදු චාරිත්‍ර ඒ විදිහටම සියලුම දේ අපේ නිවසේ එදා ඉඳන්ම කෙරෙනවා. නොනගතයට මම පන්සල් ගියොත් ශ්‍රියන්තට පල්ලියට යන්න පුළුවන්. සමහරදාට එයාත් මාත් එක්ක පන්සල් යන්න එනවා. එහෙමත් නැත්නම් එයා ගෙදර පහන පත්තු කරලා ගෙදර ඇතුළේ ඉඳන් ශ්‍රියන්ත එයාගේ ආගම අදහනවා. අවුරුදු ලබද්දී අපි පහන් පත්තු කරලා සියලු ලෝකවාසීන්ට නිරෝගී සුවය, සාමය, සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ආගම් දෙකේම ප්‍රාර්ථනාවක් බොහෝදුරට සමානයි. අපි බුද්ධාගම කියලා කිව්වට අපිට බුද්ධ දර්ශනයක් තමයි තියෙන්නේ. ඒ මොනව වුණත් අපි මිනිසුන් හැටියට අවසානයේ දී අපේ නිවස තුළ අපි සමගිය, එකමුතුකම එදා දවසේ ඉතාම සතුටින් ගත කළා.

ඒ නිවස තුළ හැම චාරිත්‍ර වාරිත්‍ර ඒ අයුරින්ම කරනවා නේද...?2018-04-24-ent-48
ඔව්... ඔව්... නැකැතට කිරිබත් කටක් කවලා, බුලත් හුරුලු දී වැඩිහිටියන් වන්දනාමාන කරගෙන, වැඩිහිටියන්ගේ අතින් ගනුදෙනු කරගෙන ආශිර්වාද ලබාගෙන, හිසතෙල් ගෑමේදී පන්සලෙන් ඒ නානු ගෙනත් හිසතෙල් ගාලා ඒ හැමදෙයක්ම අපි අපේ ගෙදරත් කළා.

මේ සිංහල අලුත් අවුරුද්දේදී ශ්‍රියන්තගෙයි, කුසුම්ගෙයි දරුවන් දෙන්නාම විවාහ වෙලා ඉන්නේ වෙනම පදිංචි වෙලානේ...?
ඔව්... දරුවන් වියපත් වෙලා දැන් ඒ අය ජීවත් වෙන්නේ ඒ වෙනම නිවෙස්වෙලයි. මේ අවුරුද්දේ ඒ දෙන්නා ඒ දෙන්නාගේ කැදැල්ලේ ඒ චාරිත්‍ර වාරිත්‍ර කළා. ඊට පස්සේ දරුවෝ වැඩිහිටි නමස්කාරයට අපේ ගෙදරට ආවා. ඒක තමයි ජීවන රටාව. අපි අපේ දරුවන්ට හොඳ සිරිත් විරිත් කියලා දුන්නා. ඒ නිසා ඒ අයට ඒ යන තැනදී ඒ දේවල් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විශ්වාසය මටත් ශ්‍රියන්තටත් තියෙනවා. ඒ දරුවන්ට ආශිර්වාදය කරලා අද අපිට සතුටු වෙන්න පුළුවන්. දරුවන්ගේ නිසි කල වයසේදීම ඒ අයට අයිති ලෝකයට අපි ඒ අයව බාර කළා. හැමවෙලේම මේ සතුට, මේ ආශිර්වාදය වගේම මේ පැවැත්මත් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රියන්තටයි මටයි ඒ දරුවන් හරහා ලැබෙන ඒ සතුට වගේම සතුටක් මේ රටේ හැම මව්පියෙක්ටම ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

මේ සිංහල අලුත් අවුරුද්දේ ඔය ගෙදර ඒ චාරිත්‍ර වාරිත්‍ර කරන්න සිද්ධ වුණේ ශ්‍රියන්තටත් කුසුම්ටත් තනියම නේද...?
ඔව්... ඒක නම් එහෙම තමයි. අපිට එක පැත්තක් ගන්න බැහැ. එක දරුවෙක්ගේ ගෙදර ගිහින් චාරිත්‍ර කරන්න බැහැනේ. ඊට වැඩිය හොඳම දේ ඒ චාරිත්‍ර වාරිත්‍ර අපි කරලා දරුවන් අපේ ගෙදරට එද්දී ඒ අයව සතුටින් පිළිගැනීමයි ඊට පස්සේ ඒ අයගේ වැඳුම් පිඳුම්වලට අපි යොමුවෙනවා. අපේ පුංචි මිණිපිරීගේ හුරතල් කතා එක්ක හුරතල් හිනා එක්ක අපි ඊළඟට ඒ දවස ගත කළා. ඒක හරි සොඳුරුයි. ඕනෑම අම්මා කෙනෙක් ඕනෑම කෙනෙක් ඒ සතුට විඳින්න හරි කැමැතියි.

නිපුනිත්... තාරුකීත් කුඩා කාලේ දී අවුරුදු කාලේදී වැඩියෙන්ම ආස කළේ මොනවාට ද...?
ඒ දෙන්නා ආස කළේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරලා ඉවර වුණු ගමන් අපි දෙන්නා එක්ක කෙහේ හරි යන්නයි. අවුරුද්ද පුරාම මායි ශ්‍රියන්තයි කාර්යබහුල වෙද්දී අපි දෙන්නා වැඩ ටිකක් අඩු කරගන්නේ අවුරුදු කාලේදී විතරයි. ඒ දවස් කිහිපයේදී මායි ශ්‍රියන්තයි ෂූටිං වුණත් වැඩිය බාරගන්නේ නැහැ. ඉතින් අපේ දුවලා දෙන්නා බලාගෙන ඉන්නේ ඒ දවස එනකන්ම තමයි. චාරිත්‍ර වාරිත්‍ර ඉවරවුණු ගමන් අපි හතරදෙනා කොහේ කොහේ හරි ගියා. සමහර කාලවලදී රටින් පිට පවා ගියා. ඉතින් ඒ කාලේ එනකන් චූටි දුවලා දෙන්නා ආසාවෙන් තමයි හිටියේ. ඒ කාලේදී අපි දෙන්නාව දන්න කියන අය මුණගැහෙනවා අඩුයිනේ. එහෙම වුණාම ඒ දෙන්නට අපිව තනිකරම අයිති වුණා... ඒ නිසා ඉස්සර හැම අවුරුදු කාලේදීම මාත් ශ්‍රියන්තත් ඒ කැපකිරීම ඒ දෙන්නා වෙනුවෙන් කරනවා.

කුසුම් කියන්නේ හරි රසට කෑම බීම හදන කෙනෙක්නේ. අවුරුදු රසකැවිලි එහෙමත් හරි රසට හදන්න පුළුවන් නේද...?
අපොයි ඔව්... ඒ කෑම බීම වුණත් මට හොඳට හදන්න පුළුවන්. මම හදන කැවිලිවලින් ශ්‍රියන්ත කොකිස් කන්න හරි ආසයි. දරුවනුත් කොකිස්වලට හරි කැමතියි. ඒ නිසා එදා ඉඳන් අද දක්වා සිංහල අලුත් අවුරුද්දට කොකිස් මගේ අතින් හදන එක වරදින්නේම නැහැ. මේ පාරත් මම හැදුවා. අපේ අම්මා තමයි මුලින්ම ඔය කැවිලි පෙවිලි හදනඑක කළේ. ඉතින් අපේ දුවලා දෙන්නත් ළංවෙලා ඒ දේවල් හදන දිහා බලාගෙන හිටියා. අම්මා ඒ දෙන්නාටත් හදන්න කියලා දුන්නා. ඒ දෙන්නට හදන්න දුන්නා. ඒ නිසා පුංචි කාලේදීම ඒ දේවල්වලට හුරු කළා. මගේ ආච්චි අම්මා තමයි මට මුලින්ම ඒ දේවල් කියලා දුන්නේ. මට රේන්ද ගොතන්න, බීරළු ගොතන්න හොඳට පුළුවන්. මම කොළඹ ඉපදිලා කොළඹ හැදුණු කෙනෙක්. හැබැයි මට දෙමෝලේ පිටි කොටන්න හොඳට පුළුවන්. කුල්ලෙන් හාල් පොලන එක පවා හොඳට පුළුවන්. මම හිතනවා මගේ දුවලා දෙන්නත් මේ සිංහල අලුත් අවුරුද්දේ දී ඒ ජීවිත ඇතුළේ හරි අපූරුවට අලුත් අවුරුද්ද සැමරුවා කියලා. දුවලා දෙන්නෙක් හදපු අම්මා කෙනෙක් විදිහට අද ඒ දෙන්නා ගැන මට හරි සතුටුයි.

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot